27.4 C
Colombo
Wednesday, June 7, 2023

දියව් දියව්…ඡන්දෙ දියව්..! – පාර්ලිමේන්තුවේ ගාලගෝට්ටියක්

- Advertisement -

ව්‍යවස්ථාවට අනුව, මැතිවරණ කොමසාරිස්වරයා විසින් මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ඒ මැතිවරණය සාර්ථක කර ගැනීමට සියළු රාජ්‍ය ආයතන සහය දිය යුතු බවත් නොඑසේ නම් අදාල ප්‍රධානීන්ට වසර 03ක සිර දඬුවමක් ලබාදීමට කටයුතු කළ හැකි බවත් ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා.

අද (21) දින පාර්ලිමේන්තුව අමතමින් ඔහු පෙන්වා දුන්නේ මැතිවරණය නොපැවැත්වුවහොත් GSP+ සහනය අහිමි වීමද සිදුවන බවයි.

ඉන් අනතුරුව අදහස් දැක්වූ රංජිත් බණ්ඩාර පෙන්වා දුන්නේ රජයේ මූල්‍ය බලතල පාර්ලිමේන්තුවට හිමි බවයි

2023 අයවැයෙන් රුපියල් බිලියන 10ක මුදලක් මැතිවරණ සඳහා වෙන් කර ඇති බවත් එබැවින් මැතිවරණයට අවශ්‍ය මුදල් නිකුත් කරන ලෙසට කථානායකවරයා විසින් නියෝග කළ යුතු බවත් ඔහු පවසනවා.

ඉන් අනතුරුව, අදහස් දැක්වූ චමින්ද විජේසිරි පෙන්වා දුන්නේ සම්මත වූ වැය ශීර්ෂයක් වෙනස් කරන්නේ නම් එය පාර්ලිමේන්තු යෝජනාවක් හරහා පමණක් කළ හැකි බවයි.

පසුව අදහස් දැක්වූ විමල් වීරවංශ පවසා සිටියේ මුදල් නොමැති බව පවසමින් මැතිවරණ කල් දැමීම ඇරඹුවහොත් ඉන් පසුව ජනාධිපතිවරණයක් වුවද එම තර්කය මත කල් දමනු ඇති බවයි. තවද මුදල් නොමැති බව පවසමින් පාර්ලිමේන්තුව ද වසා දමනු ඇති බවත් ඔහු අවධාරණය කර සිටියා.

ඉන් අනතුරුව පාර්ලිමේන්තුව යම් උණුසුම් තත්වයක් ගත් අතර විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් විරෝධතා පුවරු ද රැගෙන ඉදිරියට පැමිණ විරෝධතාවයේ නිරත වුණා.

RECENT ARTICLES - SINHALA

යකඩ මිල ගණන් සීඝ්‍රයෙන් පහළට

යකඩවල මිල ගණන් 50%කින් පමණ අඩු වී ඇති බව යකඩ ආනයනකරුවෝ පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ මේ වසරේ ආරම්භයේ දී...

මැති ඇමති නොවන පිරිසකට ආරක්ෂකයන් 5400ක් දීලා

ඇමැතිවරුන්ට මන්ත්‍රීවරුන්ට අමතරව වෙනත් පුද්ගලයන්ට ප්‍රභූ ආරක්ෂකයන් 5400ක් ලබාදී ඇතැයි තොරතුරු අනාවරණය වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවේදී අද(06)...

ගුවන් යානා ගොඩ බැස්සවීමේ ගාස්තු අඩකින් අඩුවෙයි

ගුවන් යානා කටුනායක ගුවන් තොටුපොළට ගොඩබෑමේ ගාස්තු වසරක් දක්වා සියයට 50 කින් අඩු කිරීමට රජය තීරණය කර ඇතැයි වරාය නාවික සහ ගුවන්...

RECENT ARTICLES - ENGLISH

Essential drug prices to be reduced from 15 June

0
The Cabinet of Ministers approved the proposal raised by the Minister of Health to reduce the maximum retail price of 60 medicines...

Nearly 80 students, mostly girls, are poisoned in Afghanistan

0
Nearly 80 primary school students, mostly girls, are suspected to have been poisoned over the weekend and taken to hospital in Afghanistan’s...

Delays in trials pertaining to child abuse cases studied

0
The Sectoral Oversight Committee on Children, Women and Gender looks into the prevention of delays in trial pertaining to the cases of...