26 C
Colombo
Sunday, May 12, 2024

ඖෂධ නියාමන අධිකාරිය සිදුකරන ඕනෑම තත්ව පරීක්ෂණයකට අප උපරිම සහයෝගය ලබා දෙනවා – Navesta Pharmaceuticals PVT Ltd

- Advertisement -

මේ වන විට ආන්දෝලනාත්මක තත්ත්වයකට මුහුණ දී තිබෙන Co-Amoxciclav ඖෂධය සම්බන්ධයෙන් Navesta Pharmaceuticals PVT Ltd ( නැවෙස්ටා ෆාමසූටිකල් පුද්ගලික සමාගම) නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය පහතින්,

Navesta Pharmaceuticals PVT Ltd ( නැවෙස්ටා ෆාමසූටිකල් පුද්ගලික සමාගම) දේශීය ඖෂධ නිෂ්පාදකයකු ලෙස සිය නිෂ්පාදනය අරඹන්නේ 2017 වසරේදීය, ඒ ශ්‍රී ලංකාවෙ පලමු sterile Dry Powder injectable (ප්‍රතිජීවක එන්නත් ) EU GMP (යුරෝපීය තත්වයන්ට )අනුකූලව ඖෂධ කර්මාන්ත ශාලාව ලෙසයි.

මෙම ආයතනයට මුළු දේශීය ඉල්ලුමට සැපයුම ලබාදීමට මෙන්ම අපනයනය සදහාද අවකාශයක් ඇති අතර අද වනවිට ඩොලර් මිලියන ගණන් දේශයට ඉතුරැ කර ඇති අතර,දේශීය රැකියාවන් 300 ක් පමණ ලබා දී ඇත.මෙය සියයට සියයක්ම දේශීය ආයෝජනයකි.

මේ වනවිට ආන්දෝලයනයට ලක්ව ඇති Co-Amoxciclav ඖෂධයේ මාත්‍රා මිලියන 26 ක් පසුගිය වසර 6 තුලදී රාජ්‍ය හා පෞද්ගලික රෝහල් නිකුත් කර ඇත.මේ එන්නට අමතරව තවත් එන්නත් වර්ග 7 ක් මෙම සමාගම විසින් නිෂ්පාදනය කරනු ලැබේ.

එය රෝගියෙකුට මාත්‍රා 3 බැගින් දින5 කට ලබාදුන්නා යැයි උපකල්පනය කලොත් අද වන විට රෝගීන් 1733000 (දාහත්ලක්ෂ තිස්තුන්දාහක්) වඩා වැඩි ගණනකට මාත්‍රාවන් ලබා දී ඇත.

කොවිඩ් වසංගතයේ උග්‍ර අවධියේ සහ ආර්ථික අවපාතය අතරතුරද රෝගීන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා අප සමාගම නොනවත්වා ඖෂධ සපයා ඇත.

EU GMP compliant ( යුරෝපීය නිෂ්පාදන සහතිකයට අනුකූලව ),දැනට අප්‍රිකාවට ඖෂධ අපනයනය කෙරේ. තවද නොදුරැ අනාගතයේදී යුරෝපීය ප්‍රමිති සහතිකය ලබා ගත් විගස යුරෝපයටද ඖෂධ අපනයනය කිරීමට සියළු ක්‍රියා මාර්ග ගෙන ඇත.

දැනටමත් බහුජාතික සමාගම් පැමිණ තත්ව පරික්ෂාවට ලක්කර , එම පරීක්ෂන වලින් සමත් වීමේ ප්‍රතිපලයක් ලෙස ඉදිරියේදී නැවෙස්ටා සමාගමේ කර්මාන්තශාලාවේ ඖෂධ නිශ්පාදනයට (contract manufacturing) තෝරාගෙන ඇත.තවද EU GMP විගනන තුනක් හමාර කර අවසාන විගනනයට සුදානම් වෙමින් පවතී.

සමාන්‍ය ගෝලීය දත්ත අනුව anaphylaxis 2-4 /10000 penicillin (දහදාහකට දෙකත් හතරක් උග්‍ර ආසාදන) ඇතිවිය හැක. මෙම සමාගම නිෂ්පාදනය කරන Co-Amoxcicalv ඖෂධයට මෙතෙක් වාර්තා වී ආසාත්මිකතාවයන් වාර්තාවී ඇත්තේ සාමාන්‍යය අනුපාතයට වඩා බෙහෙවින් අඩු අගයක් වේ (0.05/10000) එනම් (දහදාහකට බිංදුවයි දශම බිංදුවයි පහක්) වේ.

ඕනෑම ඖෂධයකට විශේෂයෙන්ම කෝ ඇමොක්සිලින් ( පෙනිසිලින් ගණයට අයත් ) ඖෂධ සඳහා ප්‍රතික්‍රියා සිදු වේ, එය නවෝත්පාදකයාගේ (originator) සිට සාමාන්‍ය නිෂ්පාදකයින් දක්වා එයම සිදුවී ඇත.

මෙම සිදුවීම් වාර්තා කිරීමේදී කරුණු සොයා බලා වාර්තා කලයුතු බවට කාරුණික අවධානය යොමු කරන බවට ඉල්ලා සිටිනවා.එසේ නැතිනම් දේශීය නිෂ්පාදකයින් අප රටට අහිමි වන අතර ඔවුන්ට බෙහෙත් අපනයනය කීරිමට ඇති අවකාශය අහිමි වනු ඇත.

ඖෂධවලට අදාළ අහිතකර සිදුවීම් විමර්ශනය කිරීම සඳහා NMRA විසින් පිහිටුවන ලද ආයතනය වන්නේ ආරක්‍ෂාව සහ අවදානම් ඇගයීමේ අනු කමිටුව (SAFRESC) වන අතර එම කමිටුව විසින් එම අහිතකර සිදුවීමේ හේතුව තහවුරු කිරීමට විමර්ශන ආරම්භ කර ඇත. අපි එම විමර්ශනයට අපගේ පූර්ණ සහයෝගය ලබා දෙන අතර SAFRESC විසින් නිකුත් කරන ලද ඕනෑම නිර්දේශයකට අනුකූලව කටයුතු කරන්නෙමු.

රෝගීන්ගේ ආරක්ෂාව අපට ඉතා වැදගත් වන අතර රෝගියාගේ ආරක්ෂාව සහ ඖෂධවල ගුණාත්මකභාවය සහතික කිරීම සඳහා අප අනුගමනය කරන සියලුම ක්‍රියාවන්හිදී Navesta සැමවිටම ගෝලීය ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු කරන බව ප්‍රකාශ කිරීමට කැමැත්තෙමු.

පෞද්ගලික සහ රජයේ රෝහල්වල පවතින සියලුම නිෂ්පාදන ගෝලීය මාර්ගෝපදේශයන්ට අනුව දැඩි ගුණාත්මක තත්ව සහතිකයන්ට භාජනය වී ඇති අතර සියලුම නිෂ්පාදන ආරක්ෂිත සහ ඉහළම ගුණාත්මක බවකින් යුක්ත බව අපි සහතික කරන්නෙමු.

RECENT ARTICLES - SINHALA

පියාගේ වෙඩි පහරින් පුතා රෝහලට

පියාගේ වෙඩි පහරින් බරපතල තුවාල ලැබූ පුතෙකු රෝහල් ගතකර තිබෙන බව සූරියවැව පොලිසිය පවසනවා. පොලිසිය සඳහන් කලේ සූරියවැව වැවේගම ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති...

සා.පෙළ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය වට්ස්ඇප් හරහා බෙදා හැරි ගුරුවරයෙකු අත්අඩංගුවට

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්නපත්‍රය වට්ස්ඇප් සමූහ වෙත මුදාහැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් උපකාරක පංති ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වි‍ශේෂ...

ඩයනට මොකද වෙන්නේ ?

ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව සහ ඩයනා ගමගේ මහත්මියට පැනවූ විදෙස් ගමන් තහනම හමුවේ, ඇය සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ නීතිපති උපදෙස් විමසූ බව මහජන ආරක්ෂක...

POPULAR ARTICLES

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (10) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ගෝවා රු 80, ලික්ස්...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (09) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 293.82ක් ලෙස...

ගාල්ලේ කාන්තාවකගේ මිලියන ගණනක වත්කම් තහනම් කෙරේ

ගාල්ල ප්‍රදේශයේ කාන්තාවක සතු මිලියන ගණනාවක් වටිනා දේපොළ තහනම් කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට නොහැකිවීම හේතුවෙන් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය...