28.9 C
Colombo
Thursday, March 27, 2025

ලංකාවේ මූලික අයිතිවාසිකම් සීමා කිරීම ගැන කණගාටු වෙනවා-වෝල්කර් ටර්ක්

- Advertisement -

නව පනත් කිහිපයක් හඳුන්වාදීම මගින් ශ්‍රී ලංකාවේ මූලික අයිතිවාසිකම් සහ නිදහස සීමා කිරීම සම්බන්ධයෙන් කනස්සල්ල පළ කරන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වෝල්කර් ටර්ක් මහතා පවසනවා.

ඔහු පෙන්වාදෙන්නේ ඔන්ලයින් ආරක්ෂණ පනත, ත්‍රස්තවාදයට එරෙහි පනත් කෙටුම්පත, විද්‍යුත් මාධ්‍ය විකාශන අධිකාරී පනත් කෙටුම්පත ඇතුළු රජය විසින් හඳුන්වාදී ඇති නව පනත් කෙටුම්පත් මගින් රැස්වීමේ සහ ප්‍රකාශනයේ නිදහස දැඩි ලෙස සීමා වන බවයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 55 වැනි සැසිවාරයේදී අදහස් දක්වමින් මානව හිමිකම් මහකොමසාරිස් වෝල්කර් ටර්ක් මහතා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

මානව හිමිකම් මහකොමසාරිස්වරයා පෙන්වාදී තිබෙන්නේ විධායකයට සහ ආරක්ෂක හමුදාවන්ට පුළුල් බලතල ලබාදෙමින් හඳුන්වා දී ඇති මෙම නව නීති මගින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වන බවයි.

ශ්‍රී ලංකාව තුළ පවතින ආර්ථික අර්බුදය මෙන්ම දරිද්‍රතාවය සහ ජනතාවගේ ආදායම් මට්ටම පහත වැටීම පිළිබඳවද ටර්ක් මහතා මෙහිදි පෙන්වාදී තිබෙනවා.

මානව හිමිකම් කඩකිරීම් සහ ආර්ථික අපරාධ විමර්ශනය කර නඩු පැවරීම සඳහා විශ්වසනීය වගවීමේ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින අතර සැබෑ සංහිදියාව සහ තිරසර සාමය ළඟා කරගැනීමට රජය කැපවී කටයුතු කළ යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් වෝල්කර් ටර්ක් මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණා

RECENT ARTICLES - SINHALA

හිටපු ASP උඩුගම්පොළ මිලේනියම් සිටි නඩුවෙන් නිදොස් කොට නිදහස්

2002 වසරේ අතුරුගිරිය "මිලේනියම් සිටි" නිවාස සංකීර්ණයේ පිහිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශය විසින් පවත්වාගෙන ගිය ආරක්ෂක නිවස්නයක් පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධියට පත්කොට ජාතික...

Breaking : නාමල්ගේ ක්‍රිෂ් නඩුවෙන් විනිසුරු අයින් වෙලා

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව විභාග කරන කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා එම නඩු විභාගයෙන් තමන්...

රාජ්‍ය පොසොන් උත්සවයෙන් මම ඉවත් වෙනවා – මිහින්තලේ හිමි

මෙවර රාජ්‍ය පොසොන් උත්සවයේ සියලු සංවිධාන කටයුතුවලින් ඉවත් වීමට තීරණය කළ බව මිහින්තලය රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසනවා. උන්වහන්සේ පෙන්වා දෙන්නේ, මිහින්තලා...

POPULAR ARTICLES

හිටපු ASP උඩුගම්පොළ මිලේනියම් සිටි නඩුවෙන් නිදොස් කොට නිදහස්

2002 වසරේ අතුරුගිරිය "මිලේනියම් සිටි" නිවාස සංකීර්ණයේ පිහිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශය විසින් පවත්වාගෙන ගිය ආරක්ෂක නිවස්නයක් පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධියට පත්කොට ජාතික...

Breaking : නාමල්ගේ ක්‍රිෂ් නඩුවෙන් විනිසුරු අයින් වෙලා

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව විභාග කරන කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා එම නඩු විභාගයෙන් තමන්...

ට්‍රම්ප් නව ආනයනික බදු ප්‍රකාශයට පත්කරයි

අමෙරිකාවට ආනයනය කරන ලද මෝටර් රථ සහ අමතර කොටස් සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නව ආනයනික බදු ප්‍රකාශයට පත් කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා...