27 C
Colombo
Thursday, April 24, 2025

ජනාධිපතිතුමාගේ යටිකූට්ටු වැඩපිළිවෙලක් අපි දැක්කා-කාදිනල්

- Advertisement -

පාස්කු ප්‍රහාරයේ ඉදිරි පරීක්ෂණ සම්බන්ධව රජය සමග කතෝලික සභාව එකඟ වූ සාකච්ඡාවෙන් ඉවත් වන්නට සිදුවූයේ ජනාධිපතිවරයා විසින් සිදු කරනු ලැබූ ප්‍රකාශයක් නිසා බව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

කාදිනල්වරයා පවසන්නේ ජනාධිපතිවරයා කතෝලික සභාව පාවිච්චි කරමින් කරන්නට උත්සාහ කළ ලාබ දේශපාලන යටිකූට්ටු වැඩපිළිවෙළ තමන් හට හෙළිදරව් වූ බවයි.

දෙවොලපොළ වඩුමුල්ල යහපත් අනුශාසනාදායක මාතා දේවස්ථානයේ 75 වැනි සංවත්තරය සහ වාර්ෂික මංගල්‍යය සැමරීම වෙනුවෙන් පැවැති දේව මෙහේදී එතුමා මේ බව කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගරදගුරුතුමන්,

“පාස්කු ප්‍රහාරය ගැන කතා කරන විට අපි නිතරම අවදියෙන් ඉන්නේ. ඒක අපේ වගකීමක්. අපේ සහෝදර සහෝදරියන් සංචාරක හෝටල්වලට පැමිණි විදේශිකයන් ඇතුළු 274 දෙනකු අමු අමුවේ ඝාතනය කළා . ඒක තමයි අවුරුදු තිහක් ලංකාවේ තිබුණු අවාසනාවන්ත යුද්ධයෙන් පස්සේ සිදුවුණු ඉතා භයානකම ත්‍රස්තවාදී ප්‍රහාරය. ඒ නිසා ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලය ලෙස අපි ඉල්ලා සිටියේ නිතරම කරුණාකරලා විනිවිද පෙනෙන විමර්ශනයක් කරන්න කියලා. ඒ කියන්නේ එක එක දේශපාලන පක්ෂවලට ඒ අයගේ වැරදි වහගන්න කරන විමර්ශනයක් නෙවෙයි. විනිවිද පෙනෙන හැමෝටම දැකගන්න පුළුවන් ආකාරයේ අවංක විමර්ශනයක් කරන්න කියලයි අපි ඉල්ලා සිටියේ.

දැන් ඡන්දයක් එන නිසා විවිධ කණ්ඩායම් කීපයක් ඒගොල්ලන්ගෙ ප්‍රතිපත්ති සහ පාස්කු ප්‍රහාර විමර්ශනය ගැන මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා අපට දැනුම් දීලා තියෙනවා. රදගුරු මණ්ඩලය ඒ ගැන සතුටු වුණා. ඒ වගේම දැන් පවතින රජයත් ඒ පිළිබඳව සාකච්ඡා කරන්නට අවශ්‍යයි කියලා අපිට දැනුම් දුන්නා.අපි ඒකට සතුටු වුණා. ඒ නිසා අපි ඒ අයත් එක්ක සාකච්ඡා කරන්නට ඉදිරිපත් වෙච්ච වෙලාවේදී ඒ සාකච්ඡාව අවංක චේතනාවකින් කරන ලද ආරාධනයක් නොවන බව පැහැදිලි වන ආකාරයේ ප්‍රකාශයක් අපේ රටේ නායකයා විසින් කරනු ලැබුවා.

එනම් මේ කටයුතුවලදී තම කමිටුවකට පත්වීම් ලබන නිසා නීතිපතිතුමා එතුමාගේ කාලය තව මාස හයකින් දිගු කරනවා කියලා ජනාධිපතිතුමා කළ ප්‍රකාශය එය සම්පූර්ණයෙන්ම අප නොමග යැවීමක් හැටියටයි අපි දකින්නේ. මොකද නීතිපතිතුමා කියන්නේ එක්කෙනෙක් නෙමෙයි එතුමාගේ කාලය අවසන් වුණාම තවත් නීතිපති කෙනෙක් පත් කරගන්න පුළුවන්. අපට ප්‍රශ්නයක් නෑ. නීතිපතිතුමාගේ කාලය දිගු කිරීම සම්බන්ධව රදගුරු මණ්ඩලයෙන් අහන්න කියන එක මහා මෝඩ කතාවක්නේ. රදගුරු මණ්ඩලය දන්නවයැ නීතිපතිතුමාගේ සේවා කාලයේ දික් කරන්නට මොනවද හේතු වුණේ කියලා.අපි දන්නේ නැහැනේ. අපෙන් අහන්න කියන එක මහ මෝඩ වැඩක් .අපිව අමාරුවේ දාන්න කරන වැඩක්. රදගුරුතුමන්ලව අමාරුවේ දාන්න කරන වැඩක් .ඇයි අපිට බැහැනේ නීතිපතිතුමාගේ සේවය දික් කරන්න. එහෙම කරන්න හේතුව මොකක්ද කියලා අපි දන්නෙත් නැහැ.ඉතින් ජනාධිපතිවරයා එහෙම කීම තුළ අපි දැක්කා යම් ආකාරයක යටිකූට්ටු වැඩපිළිවෙළක්.ඒ නිසා අපට සිද්ධ වුණා ඒ සාකච්ඡා ප්‍රතික්‍ෂේප කරන්නට ඒ වගේම අපිව පාවිච්චි කරමින් යුක්තිය ඉෂ්ට කිරීමට උත්සාහ කරනවා කියලා පෙන්වමින් ජනතාවගේ හිත දිනා ගැනීමට සහ ඡන්දයට එය පාවිච්චි කරන්නට යම්කිසි කෙනෙක් ඉදිරිපත් වෙනවා නම් ඒක අවංක චේතනාවකින් කරන වැඩක් නොවන බවත් පැහැදිලියි.

RECENT ARTICLES - SINHALA

දළදා වදින්න එන අය අඳුරගන්න ස්ටිකරයක්

'සිරි දළදා වන්දනාව' සඳහා මහනුවරට පැමිණ පෝලිමේ සිටින සැදැහැවතුන් හඳුනාගැනීම සඳහා විශේෂ ලාංඡනයක් ලබාදීමට පොලීසිය තීරණය කර තිබෙනවා. අද (23) රාත්‍රියේ සිටම මෙය ක්‍රියාත්මක කරනු...

තීරු බදු සාකච්ඡා සාර්ථකයි – අනුර

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති 'ඉහළ තීරුබදු' සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සිදුකළ සාකච්ඡා සාර්ථක වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවයම ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකිරීමට...

ටින් එක ගැන දැනුවත් කිරිමක්

තැන්පතු මුදල්  මත අයකෙරෙන රඳවා ගැනීමේ බද්දෙන් සහනය ලබාගැනීම සඳහා බැංකු හා මූල්‍ය ආයතන වෙත ඉදිරිපත් කළ යුතු ස්වයං ප්‍රකාශන, තමන්ට ටින් අංකයක් නොමැති...

POPULAR ARTICLES

දළදා වදින්න එන අය අඳුරගන්න ස්ටිකරයක්

'සිරි දළදා වන්දනාව' සඳහා මහනුවරට පැමිණ පෝලිමේ සිටින සැදැහැවතුන් හඳුනාගැනීම සඳහා විශේෂ ලාංඡනයක් ලබාදීමට පොලීසිය තීරණය කර තිබෙනවා. අද (23) රාත්‍රියේ සිටම මෙය ක්‍රියාත්මක කරනු...

තීරු බදු සාකච්ඡා සාර්ථකයි – අනුර

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති 'ඉහළ තීරුබදු' සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සිදුකළ සාකච්ඡා සාර්ථක වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවයම ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකිරීමට...

ටින් එක ගැන දැනුවත් කිරිමක්

තැන්පතු මුදල්  මත අයකෙරෙන රඳවා ගැනීමේ බද්දෙන් සහනය ලබාගැනීම සඳහා බැංකු හා මූල්‍ය ආයතන වෙත ඉදිරිපත් කළ යුතු ස්වයං ප්‍රකාශන, තමන්ට ටින් අංකයක් නොමැති...