31 C
Colombo
Saturday, July 27, 2024

අපි විසඳුම් සොයමු, ඒත් ගෝඨාභය ගෙදර යන්න..! – අනුර

- Advertisement -

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධූරයේ සිටින තෙක් රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වයට විසඳුම් නොලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඒ, අද (07) දින පාර්ලිමේන්තුව අමතමින්.

පාර්ලිමේන්තුවෙන් පිටත සිදුවන ජන අරගල වල මූලික අරමුණ වී ඇත්තේ ජනපීඩක ජනාධිපතිවරයාව ගෙදර යැවීම බවත් එය නොසලකමින් ජනතාව හති වැටී මෙම විරෝධතා නිමවෙනු ඇතැයි ආණ්ඩුව සිතන්නේ නම් එය වැරැද්දක් බවත් ඔහු පෙන්වා දෙනවා.

අර්බුදය විසඳීමට ආණ්ඩු පක්ෂය ගෙනෙන යෝජනා වලට සවන් දීමටත් තමන්ට යෝජනා ගෙන ඒමටත් හැකි වන්නේ ජන හඬට සවන් දී ජනාධිපතිවරයා ඉවත්වීමෙන් අනතුරුව පමණක්ම බවයි ඔහු අවධාරණය කරන්නේ.

ජනතාව සිය ගැටළු ඉදිරිපත් කරන විට ඒවා නොසලකමින් තමා අර්බුදයෙන් ඈත් වූ ජනාධිපතිවරයා භාර ගැනීමට ජනතාව සූදානම් නොමැති බවත් ඔහු පාර්ලිමේන්තුවට දැණුම් දී සිටියා.


RECENT ARTICLES - SINHALA

ලෝකය පුරා ”අධික තාප වසංගතයක්”

වාර්තාගත ලෙස ලෝක උෂ්ණත්වය ඉහළ ගොස් ඇති බැවින්, ලොව පුරා බිලියන සංඛ්‍යාත ජනතාවක් “අධික තාප වසංගතයක්” අත්විඳිමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්ටෝනියෝ...

මෛත්‍රිගෙන් දයාසිරිට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...