34 C
Colombo
Friday, May 3, 2024

අපි ආවොත් කාටවත් මිල තීරණය කරන්න ඉඩ දෙන්නෙ නෑ

- Advertisement -

සමගි ජනබලවේගය බලයට පැමිණියහොත් කිසිඳු පාර්ශවයකට මිල තීරණය කිරීමට ඉඩ නොතබන බව එම පක්ෂයේ භාණ්ඩාගාරික, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා.

ඒ, “ආර්ථිකයේ නිවැරදි දිශාව” මැයෙන් සමගි ජන බලවේගයේ දිගුකාලීන ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳව දැනුවත් කිරීම සඳහා පැවති මාධ්‍ය හමුව අමතමින්.

මෙරට දුගී දුප්පත් ජනතාව ඇතුළු සෑම මට්ටමකම ජනතාවට ප්‍රතිලාභ ලැබෙන පරිදි ශ්‍රී ලංකාව ලෝකය සමග එකතු කරන සමාජ වෙළඳපොළ ආර්ථික ප්‍රතිපත්තියක් මගින් රට ගොඩනැගීම සමගි ජන බලවේගයේ දිගුකාලීන ආර්ථික දැක්ම බව හර්ෂ ද සිල්වා මහතා පවසනවා.

ආර්ථික ප්‍රතිපත්ති ඒ ඒ කාලයට ගැලපෙන අයුරින් නිර්මාණය විය යුතු බවත් සැමදා පවතින න්‍යායාත්මක අදහස්වලින් ඔබ්බට ගොස් නැවුම් අයුරින් රටට ගැලපෙන ලෙස ඒවා සකස්කර ගත යුතු බවත් මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කර සිටියා.

ශ්‍රී ලංකාව මේ වනවිට නිෂ්පාදනයට වඩා පරිභෝජනය කරන රටක් බවට පත්ව තිබෙන බවත් මෙම ආර්ථික ප්‍රතිපත්තිය මගින් එම ක්‍රමය වෙනස් කර ඩොලර් සංචිත කන්දක් නිර්මාණය කළ හැකි ලෙස නිෂ්පාදනය නගා සිටුවන බවත් මන්ත්‍රීවරයා පවසනවා.

එමෙන්ම, ලෝකය සමග එකතුවී ආර්ථික කටයුතු කරන බවත් ශ්‍රී ලංකාවට නොමැති තාක්ෂණික දැනුම ලංකාවට ගෙන්වා ගනිමින් දිගුකාලීනව සරල භාණ්ඩ නිෂ්පාදනයේ සිට සංකීර්ණ තාක්ෂණික භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ රටක් බවට ලංකාව පරිවර්තනය කරන බවත් ලෝකයෙන් හුදකලා වී සිටින ශ්‍රී ලංකාව ලෝකය සමග එකතු කරමින් තරුණ තරුණියන්ට ගමේ සිටම ඩොලර් ඉපයීමේ මාර්ග දියුණු කරන බවත් සෑම සේවකයෙකුටම අභිමානයකින් යුතුව රටේ ආර්ථික උන්නතියට උරදිය හැකි ව්‍යවසායක පරිසරයක් මෙම දැක්ම යටතේ නිර්මාණය කරන බවත් මන්ත්‍රීවරයා පවසනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වූ ඒ මහතා,

“ලෝකය වෙනස් වෙනවා. අපි අනුගමනය කළ යුත්තේ අපේ සියලු ජනතාවට සෙත සැලසෙන ලෝකය සමග ගමන් කරන ආර්ථික ප්‍රතිපත්තියක්. ඒ නිසයි, සමගි ජන බලවේගය සියලු පුරවැසියන්ට ආමන්ත්‍රණය කළ හැකි සමාජ වෙළෙඳපොළ ආර්ථික ක්‍රමයක් මගින් මේ රට ගොඩනැගීමට සැලසුම් කර තිබෙන්නේ. මෙහිදී, ආර්ථික නිදහස සහ සමාජ සාධාරණත්වය ප්‍රමුඛ වෙනවා. මෙහිදී, අපි වෙළෙඳපොළ විශ්වාස කරනවා. මිල කාටවත් තීරණය කරන්න ඉඩ දෙන්නෙ නෑ. අපි වෙළෙඳපොළට හිතැති සුදුසු ප්‍රතිපත්ති නිර්මාණය කරනවා. මේ අතර, අවශ්‍ය වූ විටෙක නියාමන කටයුතු කිරීමට අපි කටයුතු කරනවා. අපේ සමාජ වෙළෙඳපොළ ආර්ථික ප්‍රතිපත්තිය රටට ගැලපෙන එකක්.”

RECENT ARTICLES - SINHALA

කටුනායක වීසා ගැටලුව ගැන රජයෙන් පිළිතුරක්

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන් රටට ඇතුළු වීමේදී On-Arrival ක්‍රමය යටතේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික ආයතනයකට ලබා දී ඇත්තේ කැබිනට් අනුමැතිය සහිතව බව රජයේ...

වෛද්‍ය සිසු විරෝධතාවයට පොලිසියෙන් ජල ප්‍රහාර

UPDATE : 5.08 PM විරෝධතාකරුවන් පාලනය කිරීම සඳහා පොලීසියෙන් මීට සුළු මොහොතකට පෙර ජල ප්‍රහාර එල්ල කර තිබෙනවා. ......................................................................................................................... වෛද්‍ය පීඨ සිසුන්ගේ විරෝධතාවයක් හේතුවෙන් මේ වනවිට...

ඉන්දීය ක්‍රිකට් ලොක්කෙක් අධිකරණයට කැඳවයි

පල්ලෙකැලේ පැවැති "ලෙජන්ට් ට්‍රොපි 2024" ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියකදී මුදලට තරග පාවා දීමට ක්‍රීඩකයන්ට බලපෑම් කළේ යැයි කියන ඉන්දීය ක්‍රිකට් කළමනාකාර යෝගි පටෙල්ට ලබන 14...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...