31 C
Colombo
Saturday, July 27, 2024

ඉන්දියාවේ ආරක්ෂාවට හානි වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ – අලි සබ්රි

- Advertisement -

වගකීම් සහගත අසල්වැසි රටක් වශයෙන්  ශ්‍රී ලංකාව, ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට හානි කිරීමට ඉඩ නොතබන බව විදේශ අමාත්‍ය අලී සබ්රි මහතා පවසා තිබෙනවා.

ඉන්දීය ප්‍රවෘත්ති නාලිකාවක් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මේ බව පවසා තිබුණා.

චීන පර්යේෂණ යාත්‍රා ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් ඉන්දියාව දක්වන අවධානය සැලකිල්ලට ගනිමින් අමාත්‍යවරයා පවසා ඇත්තේ වෙනත් රටවලට හානි සිදු නොවන ආකාරයට මිත්‍ර රටවල් සමඟ විනිවිද භාවයකින් යුතුව සබඳතාව පවත්වා ගැනීමට ශ්‍රී ලංකාව සූදානම් බවයි.

“අපි සෑම රටක් සමඟම සහයෝගයෙන් වැඩ කරන්න කැමතියි. කෙසේවෙතත් ඉන්දියාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් තර්ජනයක් මතුවේ නම් ඒ සම්බන්ධයෙන් අපි දැඩි අවධානයකින් යුතුව කටයුතු කරනවා.

මෑතකදී මට දැනගන්නට ලැබුණා, ඉන්දියාවේ විශාලතම වාණිජ සහකරු බවට චීනය පත් වී ඇති බව. ඒ හා සමානවම ශ්‍රී ලංකාවත් තෙවන පාර්ශවයකට තර්ජනයක් එල්ල නොවන ආකාරයට වෙනත් රටවල් සමඟ සබඳතා පවත්වා ගැනීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට කැමැතියි.”

RECENT ARTICLES - SINHALA

ලෝකය පුරා ”අධික තාප වසංගතයක්”

වාර්තාගත ලෙස ලෝක උෂ්ණත්වය ඉහළ ගොස් ඇති බැවින්, ලොව පුරා බිලියන සංඛ්‍යාත ජනතාවක් “අධික තාප වසංගතයක්” අත්විඳිමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්ටෝනියෝ...

මෛත්‍රිගෙන් දයාසිරිට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...