28 C
Colombo
Saturday, July 27, 2024

විපක්ෂය ශක්තිමත් වෙන නිසා ආණ්ඩුවෙන් ඉවත් වෙන්නෙ නෑ – අමරවීර

- Advertisement -

සංධානය තුල පවතින ගැටළුකාරී තත්වය මධ්‍යයේ වුවද ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂය ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිසේත් සුදානම් නොමැති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණ මුහුණ දී ඇති ගැටළු සම්බන්ධයෙන් ඊයේ (12) මාධ්‍යවේදීන් මතුකල ගැටළු වලට පිළිතුරු දෙමින්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණේ නායකයින් සමඟ සාකච්ඡා කර බිම් මට්ටමේ නිදහස් පක්ෂ සාමාජිකයන්ට මුහුණදීමට සිදුව ඇති ගැටලු සම්බන්ධයෙන් විසඳුම් ලබා දීමට කටයුතු කරන බවත් මෙහිදී පරිසර අමාත්‍යවරයා පවසා සිටියා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“ඇත්තටම ගැටලුවක් තියෙනවා ඇත්තටම. නෑ කියන්න බෑනේ. ප්‍රධාන වශයෙන් අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම්වලට ක්‍රියාකාරිකයින්ට ආණ්ඩුවේ පාර්ශවකරුවන් විදියට සලකන්නේ නැති එක පිළිබඳ යම් ගැටලුවක් තියෙනවා. විවිධ කට්ටිය විවිධ දේ කිව්වත් පක්ෂයේ ප්‍රධානීන් එහෙම දෙයක් කිව්වේ නෑනේ. අපි බලපොරොත්තු වෙන්නේ සියලු දේවල් සාකච්ඡා කරන්න ජනාධිපති හා අගමැතිතුමා ඇතුළු ප්‍රධානීන් එකක්.“

RECENT ARTICLES - SINHALA

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

මැතිවරණ නීතියට හිස නමා ත්‍රීරෝද රථයට ගොඩ වුණ මෛත්‍රී (වීඩියෝ)

නිදහස් පක්ශයේ ආසන සංවිධායකවරුන්ගේ හමුවක් අද (26) දින අතුරුගිරිය පෝරේ විජේදාස රාජපක්ශ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවැත්වුණා. මේ සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ත්‍රීරෝද...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...