පිළිස්සීම් තුවාල සහිත තල්මසෙකුගේ සිරුරක් උතුරු මුහුදේ මුසලි කරඩිකුලි වෙරළට ගොඩගසා තිබෙනවා.
මෙම තල්මසා අඩි 12 ක පමණ දිගින් යුතු විශාල ප්‍රමාණයේ තල්මසෙකු බවයි වාර්තා වන්නේ.
පසුගිය සති කිහිපය පුරා ප්‍රදේශ රැසක වෙරළ තීරය වෙත මියගිය තල්මසුන්ගේ, කැස්බෑවුන්ගේ සහ වෙනත් මුහුදු ජීවීන්ගේ සිරුරු ගොඩගසා තිබිණි. කැස්බෑවුන්ගේ පමණක් මළසිරුරු 60 කට වැඩි ප්‍රමාණයක් මේ දක්වා හමු වී ඇති බවයි මාධ්‍ය වාර්තා කර තිබුණේ.
වාරකන් සමයේදී මියගිය මුහුදු ජීවින්ගේ සිරුරු වෙරළට ගොඩගැසීම සාමාන්‍ය තත්වයක් බව රාජ්‍ය අමාත්‍ය, ආචාර්ය නාලක ගොඩහේවා මහතා පසුගියදා ප්‍රකාශ කර සිටි නමුත් ධීවරයන් සහ සාගර පරිසර විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ වාරකන් කාලයට එවැනි තත්වයක් පෙන්නුම් කළද මෙවර මියගිය මුහුදු ජීවීන්ගේ සිරුරු වෙරළට ගොඩගැසීම අස්වාභාවික ලෙස වර්ධනය වී ඇති බවයි.