27 C
Colombo
Saturday, June 10, 2023

ජනමාධ්‍ය ඇමති මාධ්‍යවේදීන්ට වෙන්කර ගත් එන්නත් 3000 ට මොකද උනේ ? (වීඩියෝ)

- Advertisement -

කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් වාර්තා කරන, සමාන්‍ය ජනතාව සමග ගැටෙන මාධ්‍යවේදීන් සඳහා ලබාදීමට කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් 3000 ක පමණ ප්‍රමාණයක් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් වෙන්කර ගත් බව ජවිපෙ නායක අනුර දිසානායක මහතා පවසනවා.

අදාල එන්නත් තොගය ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ගබඩා කර තිබූ බවත් කෙසේ නමුත් අදාල එන්නත්වලට සිදුවූයේ කුමක්ද එම එන්නත් ලබාදුන් මාධ්‍යවේදීන් කවුද යන්න පිළිබඳව මේ දක්වා වාර්තා වී නොමැති බවයි ජවිපෙ නායකයා වැඩිදුරටත් පවසන්නේ.

අදාල එන්නත් තොගයෙන් 100 ක් පමණ බන්දුල ගුණවර්ධන මහතා විසින් සිනමා ක්ෂේත්‍රයේ තම හිතමිතුරන්ට ලබාදීම සඳහා වෙන් කරගෙන ඇතැයි තොරතුරු ලැබී ඇති බව පවසන අනුර දිසානායක මහතා, හැකිනම් අදාල එන්නත් ලබාදුන් මාධ්‍යවේදීන්ගේ නාමලේඛනය ප්‍රසිද්ධ කරන්නැයි අභියෝග කරනවා.

මෙවැනි ආකාරයෙන් ආණ්ඩුවේ ඇමතිවරුන් රැසක් තම පවුලේ ඥාතීන්ට, හිතමිතුරන්ට ලබාදීම සඳහා එන්නත් වෙන් කරගත් බවත් මේ නිසා, අනිවාර්යෙන් එන්නත් ලැබිය යුතු අවදානම් සහගත පුද්ගලයන් රැසකට ප්‍රමුඛතා ලැයිස්තු අනුව එන්නත් හිමි නොවූ බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ

ආණ්ඩුව කෙතරම් පම්පෝරි ගැසුවද තවමත් මිලදීගෙන තිබෙන්නේ එන්නත් ලක්ෂ 05 ක් පමණක් බවත්, අවම වශයෙන් පරිත්‍යාග ලෙස ලැබුණු ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ප්‍රමාණය කළමනාකරණය කර ගැනීමට හෝ වත්මන් ආණ්ඩුව අසමත් වි ඇති බවත් ඔහු පෙන්වා දෙනවා. එන්නත්කරණයද දේශපාලනීකරණය වී ඇති බවත්, ධනය බලය තිබෙන පුද්ගලයන්ට ප්‍රමුඛතා ලැයිස්තු නොතකා එන්නත් ලබා ගැනීමට හැකි වී ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.

RECENT ARTICLES - SINHALA

ජංගම දුරකථන සහ උපාංග වල මිල 20% කින් අඩු වන ලකුණු?

ජංගම දුරකථන සහ උපාංග වල මිල සියයට 20 කින් පමණ අඩු කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන සහ...

කිරින්ද වෙරළේදී තරුණියන් දෙදෙනෙකු රළ පහරට හසුවෙයි

කිරින්ද විහාරය ආසන්නයේදී මුහුදු රළ පහරට හසුවීමෙන් තරුණියක් අතුරුදහන්ව තවත් තරුණියක් මියගොස් තිබෙනවා. අද (09) උදෑසන කාලයේදී තරුණියන් තිදෙනෙකු...

විදේශගත ශ්‍රමිකයින්ගෙන් ඩොලර් මිලියන 480 ක්

මැයි මාසයේදී විදේශගත ශ්‍රමිකයන් මෙරටට ඩොලර් මිලියන 480 කට වැඩි මුදල් ප්‍රමාණයක් එවා ඇති බව කම්කරු හා විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

RECENT ARTICLES - ENGLISH

Consideration of ‘Casino Bill’ postponed until regulatory authority established

0
Consideration of Betting and Gaming Taxes (Amendment) Bill postponed until timeline for establishing regulatory authority is worked out, the Committee on Public...

Ajith Prasanna sentenced another six months RI

0
Major (Retired) Ajith Prasanna has been sentenced to six months of rigorous imprisonment by the Court of Appeal. This...

Danushka Gunathilaka to stand trial accused of raping woman in Sydney

0
Cricketer Danushka Gunathilaka will stand trial accused of raping a woman while in Sydney for the T20 World Cup.