29 C
Colombo
Saturday, July 27, 2024

Whats App චැට් සඟවන්න අලුත් ක්‍රමයක්

- Advertisement -

වට්ස් ඇප් පරිශීලකයින්ගේ රහස්‍යභාවය සඳහා මෙන්ම පණිවිඩවලට අමතර ආරක්ෂාවක් සැපයීම වෙනුවෙන් secret code නමින් නව උපාංගයක් හඳුන්වා දී තිබෙනවා.

මෙම වසරේ මාර්තු මාසය තුළ වට්ස් ඇප් විසින් පරිශීලකයින්ගේ පණිවිඩ රහසිගත ලෙස පවත්වා ගැනීම සඳහා Chat Lock නමින්  අංගයක් හඳුන්වා දී තිබුණා.

ඒ අනුව, ඊයේ (01) වට්ස් ඇප් වෙත අලුතින් එක් කරන ලද secret code යන නව අංගය ඔස්සේ Chat Lock මඟින් සඟවන ලද පණිවිඩ (chats) අන්තර්ගත ෆෝල්ඩරය සඳහා රහස් කේතයක් යෙදීමට අවස්ථාව සලසා දී තිබෙනවා.

එලෙස රහස් කේතයක් යෙදීමෙන් අනතුරුව එම ෆෝල්ඩරය අනෙකුත් වට්ස් ඇප් පණිවිඩ ලැයිස්තුවේ දිස් නොවන අතර WhatsApp search bar හි රහස් කේතය ඇතුළත් කිරීමෙන් පමණක් ඒ වෙත ප්‍රවේශ විය හැකියි.

මෙම secret code අංගය ලොව පුරා වට්ස් ඇප් පරිශීලකයින් වෙත තවත් මාස කිහිපයකින් අනතුරුව භාවිත කිරීමට හැකි වනු ඇති බවයි වාර්තා වෙන්නේ.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරියට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...