31 C
Colombo
Monday, March 4, 2024

බැසිල් ආවම තෙල් මිල අඩු කරනවා කිව්වේ නෑ

- Advertisement -

බසිල් රාජපක්ෂ මහතා හට මුදල් අමාත්‍ය ධූරය ලබාදීමෙන් අනතුරුව ඉන්ධන මිල අඩු කරන බවට ප්‍රකාශයක් සිදු නොකළ බවත් වගකිව යුතු පක්ෂයක් ලෙසට එවැනි ප්‍රකාශයක් කිසිඳු දිනක සිදු නොකරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පවසනවා.

ඒ. එම පක්ෂ මූලස්ථානයේ අද (13) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්.

ගම්මන්පිළ අමාත්‍යවරයා විසින් ඉන්ධන මිළ වැඩි කිරීමක් හැර වෙනත් විකල්පයක් නොමැති තත්වයකට රජය පත්කිරීම සම්බන්ධයෙන් තමන් විසින් නිකුත් කළ ලිපියෙහිද එවැන්නක් සඳහන් නොවන බවයි කාරියවසම් මහතා පෙන්වා දෙන්නේ.

තම පක්ෂය එවැනි පටු තැනක නොමැති බවත් ඉන්ධන මිල අඩු කළ හැකි නිශ්චිත දිනයක් සඳහන් නොකළ හැකි බවත් ඔහු පවසනවා.

එමෙන්ම, හැකි විගසින්ම ඉන්ධන මිල අඩු කරන නමුත් ලෝක වෙළඳපොලේ මිල අඩුවන විටම ඉන්ධන මිල අඩු කළ හැකි බවක් ද තමන් ප්‍රකාශ නොකරන බවයි ඔහු පවසන්නේ.

RECENT ARTICLES - SINHALA

කරාපිටිය රෝහලේ වෛද්‍යවරයෙක් සැකසහිත ලෙස මරුට

කරාපිටිය ශික්ෂණ රෝහලේ එක්ස්රේ අංශයේ සේවය කරනු ලැබූ වෛද්‍යවරයෙක් අභිරහස් ලෙස ඔහුගේ නිවසේ දී මියගොස් සිටිය දී පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ...

මහ බැංකු ලොක්කෝ අද කැබිනට්ටුවට

0
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු මහ බැංකුවේ ප්‍රධානීන් අද (04) අමාත්‍ය මණ්ඩල හමුවට කැඳවා තිබෙනවා. ඒ, මහ බැංකු නිලධාරීන්ගේ වැටුප් 70% කින්...

රිය අනතුරකින් විදේශිකයින් තිදෙනෙක් ඇතුළු 5කට තුවාල

දඹුල්ල - හබරන ප්‍රධාන මාර්ගයේ පැල්වෙහෙර ප්‍රදේශයේදී අද (04) උදෑසන බස් රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් මෝටර් රථයේ ගමන් කරමින් සිටි ප්‍රංශ ජාතික...

POPULAR ARTICLES

මාර්තු ඉන්ධන මිල ගණන් මෙන්න

මාර්තු මාසය තුළ පවතින ඉන්ධන මිල ගණන් සංශෝධනයකින් තොරව පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබෙනවා. මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව ඊයේ (29) මධ්‍යම රාත්‍රීයේ...

විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

2024 වර්ෂය තුළ පැවැත්වීමට නියමිත පාසල් විභාග හා ඒවා පැවැත්වෙන දිනයන් විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව 2023 වර්ෂයට අදාළව පැවැත්වීමට නියමිතව තිබූ...

අද ඩොලරය

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද තවදුරටත් ශක්තිමත් වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (01) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට...