31 C
Colombo
Saturday, July 27, 2024

සාකච්ඡාවකට බැසිල් කර්මාන්ත අමාත්‍යාංශය කැඳවද්දී විමල් දීඝවාපියේ ගඩොල් හදන්න යයි

- Advertisement -

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ඊයේ පෙරවරුවේ කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ කර්මාන්ත සංගම්වල නියෝජිතයන්ගේ සාකච්ඡාවක් පවත්වා තිබුණා.

අරලියගහ මන්දිරයේදී වූ මෙම හමුවේ විෂයබාර අමාත්‍යවරයා වුණේ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතායි.

එහෙත් එම හමුව සඳහා කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා එක්වී සිටියේ නැහැ.

අමාත්‍ය විමල් නොසිටියත් ඔහුගේ අමාත්‍යංශ වන කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු ඉහල නිලධාරීන් ඊට එක්ව සිටියා.

සාකච්ඡාවට සහභාගී නොවුන කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා දීඝවාපී චෛත්‍යයේ ප්‍රතිසංස්කරණයට අවශ්‍ය ගඩොල් නිෂ්පාදනය සඳහා සුවිශේෂී මැටි වර්ග සහ තාක්ෂණ උපදෙස් කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින ලංකා පිඟන් සංස්ථාව හරහා ලබාදීමට ගොස් තිබුණා.

ඒ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික), ලංකා පිඟන් සංස්ථාවේ සභාපති ජූඩ් ප්‍රනාන්දු, එහි සාමාන්‍යාධිකාරී ආර්. එම්. එස්. ඒ. රත්නායක යන මහත්වරු සමඟයි.

RECENT ARTICLES - SINHALA

රනිල්ට සහය ගන්න සුසිලුයි සාගලයි මහින්ද හමුවෙලා

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරෙමුණේ සහය ලබා ගැනීම පිලිබදව සාකච්ඡාවක් අද (27) විජේරාම නිල නිවසේදී පවත්වා තිබෙනවා . ඒ...

දුම්රිය බිංගෙවල් 32ක තත්ව පරික්ෂාවක්

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දිවයින පුරා පිහිටි දුම්රිය බිංගෙවල් 48 අතුරින් උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය සිට බදුල්ල දක්වා ඇති දුම්රිය බිංගෙවල් 32ක යෝග්‍යතාව පරික්ෂා කිරීමේ...

ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වෙනවා කියලා කලින්ම දැනගෙන හිටියා – රනිල්

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වන බව තමන් පෙර සිටම දැන සිටි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා සඳහන් ක‍ළේ, ඒ බව තමා විසින් ගෝඨාභය...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...