28 C
Colombo
Saturday, May 18, 2024

යුක්‍රේනකාරයෝ ගෙන්නුවේ කොරෝනා බෝවෙනවද බලන්න කියපු බැසිල් පහුවදා ඇමරිකාවෙ

- Advertisement -

බැසිල් රාජපක්ෂ විසින් තිරය පිටුපස හිඳ සිදු කළ විනාශය දෙස බැලූ විට තිරයෙන් ඉදිරියට පැමිණ බලතල සහිත අමාත්‍යධූරයක සිට සිදු කළ හැකි දෑ පිළිබඳව අවබෝධයක් ලබාගත හැකි බව එක්සත් පුරවැසි සංවිධානයේ චමීර පෙරේරා මහතා පවසනවා.

මෙරට විදෙස් සංචිත හිඟය, විශාල වෙළඳ හිඟය දළදේශීය ආදායමෙන් ණය වාරිකය පියවීමට නොහැකි වීම, සීනි වංචාව, රටේ ආර්ථික මරමස්ථාන විදේශයන්ට විකිණීම වැනි දෑ තිරයෙන් පිටුපස හිඳ සිදුකර ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ආර්ථිකය කඩාවැටෙන හෙයින් සංචාරකයන් ගෙන්වා ගැනීමට අවශ්‍ය බව කියමින් යුක්‍රේනයෙන් ‘රස්තියාදුකාරයන්’ ගෙන්වාගත් බවත් ඔවුන් අතරින් කොවිඩ් ආසාදිතයින් හමුවන විට සහ ඔවුන් කොවිඩ් රෙගුලාසි උල්ලංඝනය කරමින් හැසිරෙන විට ඔවුන්ව ගෙන්වා ගත්තේ සංචාරකයන් හරහා කොවිඩ් බෝවිය හැකිදැයි පරීක්ෂා කිරීමට බව පැවසූ බවත් චමීර පෙරේරා මහතා සිහිපත් කර සිටිනවා.

කෙසේ නමුත් මෙරට කොවිඩ් ව්‍යාප්තිය ආරම්භ වන විටම බැසිල් රාජපක්ෂ විසින් ඇමරිකාව බලා පිටත්ව ගිය බවයි ඔහු පවසන්නේ.

RECENT ARTICLES - SINHALA

‍රෝමේන් විලිස්ට වාරණ නියෝගයක්

නව පරපුරේ ජනප්‍රිය ගායන ශිල්පිනියක වන රොමේන් විලිස් හට කොළඹ වාණිජ මහාධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ ඇය විසින් මෑතකදී නිකුත් කරන ලද “ඒ...

මැල්සිරිපුර පොලිසියෙන් පාසල් සිසුවෙක්ට අමානුෂික ප්‍රහාරයක්

නිවසකින් වායු රයිෆලයක් සහ ජංගම දුරකථනයක් සොරාගත් බව පවසමින් ගමේ පාසල් සිසුවකු ඇතුළු දෙදෙනෙක් මැල්සිරිපුර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස අත්අඩංගුවට ගත් තිදෙනාගෙන් පාසල්...

කාවිංග පෙරේරා රනිල්ගේ දෑත ශක්තිමත් කරන්න ගිහින්

ජනප්‍රිය රංගන ශිල්පී කාවිංග පෙරේරා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන තිබෙනවා. ඒ අද (18) උදෑසන සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති එක්සත් ජාතික පක්ෂයේ තරුණ වෘත්තීය වේදින්ගේ...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...