29 C
Colombo
Saturday, July 27, 2024

සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා නඩුව යළි කැඳවීමට දින නියම කෙරේ

- Advertisement -

ඉකුත් ජනාධිපතිවරණය සමයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් “සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව” සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුව අප්‍රේල් මස 28 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.

එම මාධ්‍ය සාකච්ඡාව පවත්වා එවක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අගතියක් සිදුකළේ යැයි චෝදනා කරමින් එවක සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණා.

එම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේදී අද (02) කැඳවනු ලැබූවා.

එහිදී රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැමිණිල්ල විසින් විත්තියට ලබාදිය යුතු ලේඛන ලබාදීම සඳහා මාසයක කාලයක් ලබාදෙන ලෙස ඉල්ලීම් කළා.

එම ඉල්ලීම පිළිගත් විනිසුරුවරයා නඩුව නැවත අප්‍රේල් මස 28 වනදා කැඳවීමට නියම කළා.

ඉකුත් 2019 වසරේ නොවැම්බර් 10 වනදා කොළඹ පැවති අදාළ මාධ්‍ය සාකච්ඡාව හරහා එවක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අගතියක් සිදු කිරීමේ අරමුණින් බොරු සාක්ෂි නිර්මාණය කිරීම, ජනාධිපතිවරණයේ ප්‍රතිඵල වලට බලපෑමක් ඇතිවිය හැකි ආකාරයේ දූෂිත ක්‍රියාවක් සිදුකිරීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහය යටතේ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි යන දෙදෙනාට එරෙහිව මෙම චෝදනා එල්ල කර තිබෙනවා.

මෙම මාධ්‍ය සාකච්ඡාවකට එවක ඇමති රාජිත සේනාරත්න මහතා සමග එක්වු අතුල සංජීව මදනායක සහ සකලවල්ලි ආරච්චිගේ සරත් කුමාර යන පුද්ගලයින් දෙදෙනා සුදු වෑන් වලින් පුද්ගලයින් පැහැරගෙන යාම, මරා දැමීම සහ කොල්ලකෑම් යන සිද්ධීන් සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු රැසක් අනාවරණය කර තිබූ අතර ඊට එවක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සම්බන්ධයක් තිබූ බවටත් ඔවුන් විසින් එම මාධ්‍ය සාකච්ඡාවේදී කරුණු ප්‍රකාශ කර තිබුණා.

එමෙන්ම කොටි සංවිධානය සතු රත්රන් තොග කොල්ලකෑම් සම්බන්ධයෙන් ද ඔවුන් විසින් අදාළ මාධ්‍ය සාකච්ඡාවේදී කරුණු ප්‍රකාශ කළා.

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...