චීනයේ නිෂ්පාදිත ‘සයිනොෆාම්’ එන්නත හදිසි භාවිතයට ගැනීම සඳහා අනුමැතිය හිමිවූයේ Zoom තාක්ෂණය ඔස්සේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ පැවති සාකච්ඡාවේ ප්‍රතිපලයක් ලෙස යැයි ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා නිවේදනය කරනවා.
‘සයිනොෆාම්’ එන්නත් මාත්‍රා ලක්ෂ 06 ක් චීනයෙන් පරිත්‍යාගයක් ලෙස මෙරටට ලැබී තිබුණත් එය භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවී නොතිබූ බවයි රත්නායක මහතා නිවේදනය කරන්නේ.
ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා ලෝක සෞඛ්‍ය සංවිධානය අතර පැවති සාකච්ඡාවෙන් අනතුරුව එහි ප්‍රතිපලයක් ලෙස එදිනම සන්ධ්‍යාවේ ලෝක සෞඛ්‍ය සංවිධානය ‘සයිනොෆාම්’ එන්නත හදිසි භාවිතාව සදහා අනුමැතිය ලබාදුන් බවයි අදාළ නිවේදනයේ සඳහන් වන්නේ.
අදාළ නිවේදනයට අනුව චීනයේ නිෂ්පාදිත ‘සයිනොෆාම්’ කොවිඩ් වැක්සීනය ලෝකයේ සියලු රටවල්වලට භාවිතයට ගැනීමට හැකිවීමේ අවසරය ලබාදීමේ ගෞරවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමිවනවා.
