28.3 C
Colombo
Saturday, April 20, 2024

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් චීනයට විශේෂ ඉල්ලීමක්

- Advertisement -

කොවිඩ් 19 වෛරසයේ ප්‍රභවය සෙවීමේ පරීක්ෂණ සදහා පුලුල් සහයෝගයක් ලබාදෙන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයෙන් විශේෂ ඉල්ලීමක් සිදුකර ති⁣බේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ට්‍රෙඩ්රෝස් අද්හානෙම් ජීනිවාහිදී පවසා ඇත්තේ කොවිඩ් 19 වෛරසයේ ප්‍රහවය සෙවීමේ පරීක්ෂණවල දෙවන අධියර නුදුරේදීම ආරම්භ කරන බවයි.

එම පරීක්ෂණවලදී පුලුල් ප්‍රවේශයක් ලබාදී වැඩි විනිවිදභාවයකින් යුතුව කටයුතු කරන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා චීනයට අවධාරණය කොට තිබේ.

ඔහු තවදුරටත් සදහන් කර ඇත්තේ වසංගතය මහා පරිමාණයෙන් පැතිරයාමට පෙර මුල්ම අවස්ථාවල හදුනාගත් කොවිඩ් 19 ආසාදිතයන්ගේ දත්ත ලබාදීමට චීනය කටයුතු කළ යුතු බවයි.

කොවිඩ් 19 වෛර⁣සයේ ප්‍රභවය සොයන ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ පරීක්ෂණවල මුල් අදියර පසුගිය පෙබරවාරි මාසයේදී පැවැත්විණ.

එහිදී චීනය විසින් නිසි සහයෝගයෙන් කටයුතු නොකඝ බවටත් ඇතැම් දත්ත ලබා නොදුන් බවටත් චෝදනා එල්ල වී තිබේ.

RECENT ARTICLES - SINHALA

අපේක්ෂකයා නැතත් පොහොට්ටුව තියනවා-නාමල් (වීඩියෝ)

ඉදිරි ජනාධිපතවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ අපේක්ෂකයා...

අයිස් සමග නාවික හමුදා ලොක්කෝ දෙදෙනෙකුත් මාට්ටු

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරුන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 510ක් සන්තකයේ...

ඉස්සන් කර්මාන්තය දැඩි අර්බුදයක

ඉස්සන් කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා ගැටලු රැසක් පැනනැගී ඇති බව ඉස්සෝ වගාකරුවන් පවසනවා. ඔවුන් සඳහන් කරන්නේ මෙම අසීරු තත්ත්වය මත තම කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

ඊශ්‍රායලයෙන් ඉවත් වෙන්නැයි ඕස්ට්‍රේලියානුවන්ට නිවේදනයක්

ඉරානය වෙත ඊශ්‍රායලය ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ ඊශ්‍රායලයේ වෙසෙන සිය වැසියන්ට එරටින් ඉවත් වෙන ලෙස ඕස්ට්‍රේලියාව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඊශ්‍රාලයෙන් ඉවත් වීම...