29 C
Colombo
Saturday, July 27, 2024

මැඩිල්ලේ හිමි කියන ජනපතිට උපදෙස්දෙන ඥානක්කා කවුද ?

- Advertisement -

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රට පාලනය කළ යුත්තේ ජනවරමට අනුව මිස අනුරාධපුරේ ඥානා අක්කාට අවශ්‍ය විදිහට නොවේ යැයි ‘සිංහලේ’ සංවිධානයේ සභාපති පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියෝ සඳහන්
කරති.

මහා සංඝරත්නයට අද වනවිට මහපාරට බැසීමට සිදුවීම සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවත්, ජනාධිපතිවරයාත් ලැජ්ජාවට පත්විය යුතු බව පවසන උන්වහන්සේ මෙලෙස මහා සංඟරත්නයට මහ පාරට බැසීමට සිදුවීමම ආණ්ඩුව ෆේල් බවට හොඳම සාධකය බව වැඩිදුරටත් සඳහන් කරති.

කොරෝනා මෘත දේහයන් ආදාහනය කරන්නැයි බල කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ ඊයේ (28) පැවති විරෝධතාවයේදී උන්වහන්සේ මේ බව කියා සිටියහ.

එක රටක් එක නීතියක් නම් ආගම් අනුව නීති වෙනස් විය නොහැකි බවත් පැවසූ එහිමියෝ එසේ වන්නේ නම් පැවති යහපාලනය මීට වඩා හොද යයි ද පැවහූහ.

එක් රටක් එක නීතියක් යටතේ රට පාලනය කරන බවට පොරොන්දු වූයේ නම් අනුරාධපුරයේ ඥානක්කාගේ උවමනාවට අනුව රට පාලනය නොකර ජනවරමට අනුව රට පාලනය කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව යළි යළිත් අවධාරණය කර සිටියහ.

කව්ද මේ ඥාණක්කා ?

‘සිංහලේ’ සංවිධානයේ සභාපති පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් පසුගිය දිනවල කිහිපවරක්ම සඳහන් කල අනුරාධපුරයේ ඥාණක්කා කව්ද ? යන කාරණය මේවනවිට දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි ලෙස කතාබහට ලක්වෙමින් තිබෙන මාතෘකාවකි.

ජනාධිපතිවරයා සෑම සති අන්තයකම අනුරාධපුරයට යන හේතුව පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් A5 News Sri Lanka සමාජ මාධ්‍ය ජාලයේ HARD FOCUS වැඩසටහනට එක්වෙමින් අවඥාවෙන් යුතුව පවසා සිටියේ මෙසේය.

” ඒ පැත්තේ ඉන්නවා උපාසක අම්ම කෙනෙක්. ජනාධිපතිවරණයේදී රුවන්වැලිසෑයේ දිවුරුම් දීල, සතියකට සැරයක් අටමස්ථාන වන්දනා කරනවා. ඒ වන්දනාකිරීම ඇතුලේ තව රහසකුත් තියෙනවා.”

මෙසේ මේවනවිට දේශපාලන ක්ෂේත්‍රයේ අන්දොලන්නතමක චරිතයක් බවට පත්ව සිටින ඥාණක්කා කව්දැයි අප කළ සොයා බැලීමකදී අනාවරණය වුයේ දේශපාලන ක්ෂේත්‍රයේ, ව්‍යාපාරික ලෝකයේ හා යුධ හමුදා ක්ෂේත්‍රයේ ප්‍රබලයින් ඇයව හඳුන්වන්නේ ‘ඥාණා මෑණියන්’ ලෙසින් බවයි.

අනුරාධපුරයේ ගුවන් තොටුපල පාරේ දැවැන්ත දේවාලයක් පවත්වාගෙන යමින් සිටින ඇය දේවාරුඩයෙන් අනාවැකි කියනබව පැවසේ.

ඇය හා පවුලේ සාමාජිකයින් මේවනවිට ලංකාවේ පමණක් නොව ලන්ඩනයේ පවා ව්‍යාපාර පවත්වාගෙන යන කෝටිපති ව්‍යාපාරිකයින් වේ.

ඥාණක්කා අනුරාධපුර රෝහලේ සුළු සේවිකාවක් ලෙස සේවයකළ අයෙකි.

ඇයට දේව ආරුඩයක් ලැබී ඇත්තේ සැමියාගේ මරණින් පසුවය.

ඉතාමත් සුළුවෙන් දේවාලයක් පවත්වාගෙන ගිය ඇය සිය වැඩිමල් පුතා වැඩිදුර අධ්‍යාපනය සඳහා ලන්ඩනය වෙත යවා තිබුන අතර එහිදී එරට තරුණියක් විවාහ කරගෙන ඇත. ඔහු මේවනවිට දේවාලයට අයත් දේපල හා ව්‍යාපාර පාලනය කිරීම සඳහා දිවයිනට පැමිණ ඇති නමුත් බිරිඳ හා දරුවන් තවමත් පදිංචිව සිටින්නේ ලන්ඩනයේය.

වැඩිමල් පුතා ලංකාවට එනතෙක් දේවාලයේ පරිපාලන කටයුතු සිදුකරනු ලැබුවේ ඥාණක්කා ගේ දියණිය හා බැනා විසිනි.

මෛත්‍රීපාල ජනාධිපති වනබවට කිව් අනාවැකිය :

ඥාණක්කා දේශපාලනික වශයෙන් ප්‍රසිද්ධියට පත්වන්නේ රාජපක්ෂ පාලන සමයේදී මෛත්‍රීපාල සිරිසේන සෞඛ්‍ය ඇමතිවරයා ලෙස සිටිය දී ඥාණක්කා හමුවීමට ගිය අවස්ථාවක දී ” දෙවෙනියා වෙන්න දඟලන්න එපා. ඉවසගෙන ඉන්න පලවනියා වෙන්න පුළුවන්” යයි ‘දේවාරුඩයෙන්’ කළා යයි කියන ප්‍රකාශයක් පසුකාලයකදී ප්‍රසිද්ධියට පත්වීමෙනි.

කෙසේවුවද එම ප්‍රකාශයෙන් දින කිහිපයකට පසු ඥාණක්කා අනුරාධපුර රෝහලේ ප්‍රධාන දුරකථන සම්බන්ධතා නිලධාරිණිය ලෙස පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන කටයුතු කර තිබිණ.

ජනාධිපති බිරිඳගේ විශ්වාසය :

ඇය හා ගෝඨාභය රාජපක්ෂ අතර ගනුදෙනු ඇරඹෙන්නේ 2015 රාජපක්ෂවරුන්ගේ පරාජයෙන් පසුවය. ඒ, ගෝඨාභය රාජපක්ෂගේ බිරිඳ ඥාණක්කාගේ අනාවැකි සම්බන්ධයෙන් දැඩි විශ්වාසයකින් යුතුව කටයුතු කිරීම නිසාය.

ඥාණක්කා, ජනාධිපතිවරයාගේ හා බිරිඳගේ විශ්වාසවන්තම උපදේශකයකු බව අවබෝධකරගත් ආණ්ඩුවේ දේශපාලනඥයින් පමණක් නොව විවිධාකාරයේ චෝදනා තිබෙන විපක්ෂයේ ප්‍රබලයින් පවා ඇය හමුවීමට අවස්ථාවක් ලබාගැනීමට මාස ගණන් දින ගනිමින් සිටින බව වාර්තාවේ.

අමාත්‍ය තනතුරක්, රාජ්‍ය අමාත්‍ය තනතුරක්, විනිසුරු ධුරයේ ඉහල පත්වීමක්, සංස්ථා සභාපතිකමක් ලබාගනීමට අපේක්ෂාකරන ආණ්ඩු පක්ෂයේ හිතවතුන් මේදිනවල යන්නේ පොහොට්ටු කාර්යාලයට හෝ අගමැති හෝ බැසිල් රාජපක්ෂ හමුවීමට නොව ඥාණක්කා හමුවීමට බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

”වැඩක් කර ගන්න ඕන නම් ඥානා මෑණියෝ ලඟට යන්න” මෙවනවිට දේශපාලන ක්ෂේත්‍රයේ නිතර දෙවේලේ ඇසෙන කතාවකි.

එසේම, ව්‍යාපාරික ප්‍රබලයින්ද ඇයගේ සේවය බලාපොරොත්තුවෙන් මහ පරිමාණයෙන් උදව් උපකාර කරමින් සිටින අතර, ඇයගේ දේවාලය මේවනවිට රජයේ ටෙන්ඩර් ගනුදෙනු කොන්ත්‍රාත් තීන්දු කරන ස්ථානයක් බවටද පත්ව ඇතැයි වාර්තාවේ.

අප වෙත වාර්තාවන ආකාරයට ජනාධිපති බිරිඳ හැරුණකොට ඥාණක්කාගේ වැඩිම විශ්වාසය දිනාගෙන ඇත්තේ, යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සහ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල දෑලබණ්ඩාර යි.

leader lk

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...