29 C
Colombo
Saturday, July 27, 2024

ගුවන්තොටේ යකා නැටු ආණ්ඩුවේ ලොක්කා කව්ද?

- Advertisement -

කටුනායක ගුවන්තොටුපළට පසුගිය අඟහරුවාදා (14) අලුයම් කාලයේ පැමිණි ආණ්ඩුවේ තනකුරක් දරන දේශපාලකයෙක් විසින් ගුවන් මගීන්ගේ ගමන් මලු එහා මෙහා ගෙන යන සේවකයකුගේ (පෝටර්) කනට ගසා ආරක්ෂක නිලධාරින් කිහිප දෙනකුට බැන තර්ජනය කර පිටව ගොස් තිබෙන බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග පවසනවා.

මෙම දේශපාලකයාගේ බිරිඳ ඇතුළු කිහිප දෙනකු විදෙස් සංචාරයකට යෑම සඳහා කටුනායක ගුවන්තොටුපොළට පෙරේදා අලුයම් කාලයේ පැමිණ තිබෙනවා.

සිය ආරක්ෂකයන් ද පිරිවරාගෙන පැමිණි රාජ්‍ය අමාත්‍යවරයා ඔවුන් කටුනායක ගුවන් තොටුපොළට ඇරලවීම සඳහා ප්‍රවේශපත්‍ර මිලදී නොගෙන ප්‍රධාන දොරටුවෙන් ගුවන්තොටුපොළට ඇතුළු වීමට ගොස් තිබෙන බව ගුවන් තොටුපළේ උසස් නිලධාරීන් පැවසුවා.

එහිදී ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් විසින් ඒම දේශපාලකයාට පවසා තිබෙන්නේ ආරක්ෂකයින් ගිනි අවිවලින් සන්නද්ධව සිටි නිසා ඒවා රැගෙන යාමට ඉඩ දිය නොහැකි බවයි.

එම අවස්ථාවේ ඔහු ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන්ටද බැණ වැදී ඔහුගේ ගමන වැළැක්වූ බව පැවසෙන ගුවන් තොටුපොළ ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනාගේ ඡායාරූප ද සිය ජංගම දුරකථනයෙන් ලබාගෙන තිබෙන බව එම උසස් නිලධාරීන් පවසනවා.

ඔහු සමග පැමිණි අයගේ ගමන් මලු ගුවන් තොටුපොළට රැගෙන යෑම වෙනුවෙන් පෝටර්වරයාවරයාට අඩුවෙන් මුදල් ලබාදීම නිසා ඔහු නියමිත ගාස්තුව දේශපාලකයාගෙන් ඉල්ලා තිබෙන අතර එයින් කුපිත වූ දේශපාලකයා එම පෝටර්වරයාගේ කකුල සපත්තුවෙන් පාගා ඔහුගේ කණට වැරෙන් පහරක් ගසා ආරක්ෂකයන් සමග පිටව ගොස් තිබෙන බව ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කරනවා.

පහර කෑමට ලක්වූ බව පැවසෙන පෝටර්වරයා දේශපාලනඥයාට ඇති බිය නිසා සහ අනවශ්‍ය කරදර ඇති වේ යැයි සිතා මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීමට ගොස් නොමැති බව පැවසෙනවා.

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...