32 C
Colombo
Sunday, June 4, 2023

අජිත් රෝහණව කැපුවේ කවුද?

- Advertisement -

අජිත් රෝහණ මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරවකු ලෙස පත් කරන ලෙස පොලිස්පති වරයා පවා දැනුම් දී තිබිය දී ඔහු වැඩ බලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරවකු ලෙස පමනක් පත් කරීම සම්බන්ධයෙන් පොලිසිය අභ්‍යන්තරයෙන් බරපතල විවේචන එල්ල වෙමින් තිබේ.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිලධාරියකු⁣ගේ මැදිහත්වීම මත ඔහුට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරය නොදී එම තනතුරේ වැඩ බැලීමට පමණක් පත් කර තිබෙන බව වාර්තාවේ.

අජිත් රෝහණ මහතා පොලිස් නිලධාරියකුට අමතරව නීතිඥයකුද වන බැවින් ඔහු පොලිස් සේවයේ ඉදිරියට එනවාට අකමැති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ බලපෑමක් මත මෙම උසස්වීම පමාවීදැයි පොලිසියේ ⁣ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ප්‍රශ්න කරති.

සක්‍රීය පොලිස් සේවයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙනෙකුගේ අඩුවක් පවතී. මෙම මස අවසන් වනවිට එම පුරප්පාඩු ගණන තුනක් දක්වා ඉහළ යන බව පොලිස් ආරංචි කියයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු වූ ලලිත් ජයසිංහ මහතා අනිවාර්ය නිවාඩු යවා සිටී.

ඊට අමතරව මේ වන විට තවත් පුරප්පාඩුවක් පවතින අතර එම පුරප්පාඩුව සඳහා ජ්‍යෙෂ්ඨත්වය අනුව පත් කළ යුතු නාලධාරියා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ කාලයක් රාජකාරි කළේය.

එම කාලයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් ද මත්ද්‍රව්‍ය ව්‍යාපාරය කළ බවට චෝදනා එල්ලවීම මත ඔහුට උසස්වීම ලබා දීම ප්‍රමාධ කර ඇත.

එම පුරප්පාඩුව සඳහා ඊළඟට අජිත් රෝහණ මහතා පත් කළ යුතුව තිබුණද ඔහු වැඩ බැලීමට පමණක් පත් කිරීම නිසා පොලිසිය අභ්‍යන්තරයේ විශාල කතා බහක් ඇතිවී තිබේ.

දැනට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධු⁣ර දරන තවත් කිහිප දෙනකුට පාසකු ප්‍රහරයේ වගකීම් පැහැර හැරීම සම්බන්ධයෙන් චෝදනාපත්‍ර බාර දීමටද නියමිතය.

RECENT ARTICLES - SINHALA

දිස්ත්‍රික්ක තුනකට අවදානම් නිවේදන

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව බදුල්ල, ගාල්ල සහ  කලුතර...

හොරුන්ගෙන් යැපෙන ජනාධිපති හොරු අල්ලන්නේ නෑ- සජිත්

හොරුන්ගෙන් යැපෙන නායකයෙකුට හොරු ඇල්ලීම සිදුකල නොහැකි බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ, උදාවක ඇරඹුම වැඩසටහන යටතේ තිස්සමහාරාම...

සිසුන් 31කට යාපනය විශ්වවිද්‍යාලය තහනම් වෙයි

යාපනය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් 31 දෙනෙකුට එම විශ්වවිද්‍යාලයට ඇතුළුවීම තාවකාලිකව තහනම් කර තිබෙනවා. ඒ, එම විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන...

RECENT ARTICLES - ENGLISH

Excellent win for Sri Lanka

Sri Lanka defeated Afghanistan by 132 runs in 42.1 overs in the second one-day international against Afghanistan. Afghanistan were...

Risk notices for three districts

0
Landslide warnings have been issued in three districts due to inclement weather. According to the National Building Research Organization,...

Jaffna University bans 31 students

A total of 31 students studying at the University of Jaffna have been temporarily barred from entering the university.