29 C
Colombo
Saturday, July 27, 2024

මීළඟ ඉරාන ජනපති කවුද?

- Advertisement -

ඉරානයේ ජනාධිපති ලෙස කටයුතු කළ ඊබ්‍රාහිම් රයිසි එරට කඳුකර ප්‍රදේශයකදී ඊයේ (19) සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින් මියගොස් ඇති බව අද (20) උදෑසන තහවුරු වුණා.

මෙම අනතුරෙන් ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර්අබ්දුල්රහීන් සහ තවත් රාජ්‍ය නිලධාරීන් කීප දෙනකු මිය ගියා.

මේ අතර, ඉරානයේ මීළඟ ජනපති සම්බන්ධයෙන් මේ වනවිට කතාබහක් ඇතිවී තිබෙනවා.

එරට ව්‍යස්ථාවට අනුව ධූර කාලය අතරතුර ජනාධිපතිවරයා මිය ගියේ නම් අන්තර්වාර ජනපතිවරයෙක් පත්කෙරෙන අතර ඒ අනුව , මේ වනවිට “පළමු නියෝජ්‍ය ජනාධිපති” ලෙස කටයුතු කරන පුද්ගලයා එම තනතුරට පත් වීමට නියමිතයි.

කෙසේවෙතත්, ඒ සඳහා ඉරානයේ උත්තරීතර නායකයා ලෙස සැලකෙන අයතොල්ලා අලි ඛමෙනීගේ අනුමැතිය අවශ්‍ය වෙනවා.

ඉරාන ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 131 වැනි වගන්තියෙන් මේ බව තහවුරු කර තිබෙනවා.

ඉරානයේ පළමු නියෝජ්‍ය ජනාධිපති තනතුර මේ වනවිට දරනු ලබන්නේ 68 හැවිරිදි මොහම්මඩ් මොක්බර් විසින්.

ඒ අනුව එරට අන්තර්වාර ජනාධිපති ලෙස මොක්බර් පත්වෙනු ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසනවා.

ඉරානයේ උත්තරීතර නායකයා ලෙස සැලකෙන අයතොල්ලා අලි ඛමෙනී ට ඉතා සමීප පුද්ගලයෙක් වශයෙන් ප්‍රකට මොක්බර් 1955 සැප්තැම්බර් 1 වන දින උපත ලබා තිබෙනවා.

ඊබ්‍රහම් රයිසි ජනාධිපති ධුරයට පත් වීමෙන් අනතුරුව 2021 වසරේදී මොක්බර් එරට පළමු නියෝජ්‍ය ජනාධිපති තනතුර භාර ගෙන තිබුණා.

අන්තර්වාර ජනපති ලෙස පත් වීමෙන් අනතුරුව මොහම්මඩ් මොක්බර් ඔහුද ඇතුළත් වන  ත්‍රි-පුද්ගල කවුන්සිලයක් මඟින් දින 50ක් තුළ නව ජනාධිපතිවරණයක් පැවැත්වීමට සැලසුම් කළ යුතු අතර එම කවුන්සිලයේ අනෙක් සාමාජිකයින් දෙදෙනා වන්නේ පාර්ලිමේන්තුවේ කථානායක සහ අධිකරණයේ ප්‍රධානියායි.

මෙවැනි පසුබිමක් තුළ ඉරානයේ පැවැත්වීමට නියමිතව තිබූ සියලු ක්‍රීඩා තරග සහ උත්සවය අත්හිටුවීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම, ඉරාන ජනාධිපතිවරයාගේඑ මිය යාම හේතුවෙන් ලෙබනනයේ දින තුනක ශෝක කාලයක් ප්‍රකාශ කර ඇති බවද සඳහන්.


RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...