29 C
Colombo
Saturday, July 27, 2024

රට රැකියාවකට යද්දි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වෙන්න ඕන ඇයි?

- Advertisement -

රැකියාවක් සඳහා විදේශගත වීමේදී දී නිත්‍යානුකූලව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි විදේශගත වීම අනිවාර්ය වන අතරම එමඟින් ඔබට  ප්‍රතිලාභ රැසක් හිමිකර ගැනීමේ හැකියාව ලබාදී තිබෙනවා.

අද (26) සහ හෙට (27) යන දිනවල රත්නපුර මුද්දූව ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ජයගමු ශ්‍රී ලංකා වැඩසටහනට සහභාගී වීමෙන් ඔබට මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ලබා ගත හැකියි.

විදේශගත වීමකදී රජයේ ලියාපදිංචි කිරීම සිදුකරනු ලබන්නේ ශ්‍රී ලංකා විදේශ සෙවා නියුක්ති  කාර්යාංශ පනත වන 1985 අංක 21 දරන පනතේ 53/3 වන වගන්තියට අනුවයි.

ඔබ බලපත්‍ර ලාභී පෞද්ගලික විදේශ රැකියා ආයතනයක් මගින් විදෙස් ගතවන්නේ නම්  එම ආයතනයේ මැදිහත්වීම මත විදේශගත වීම සඳහා අවසන් අනුමැතිය ලබාගත යුතුයි.

එසේ නොමැතිව පෞද්ගලිකව රැකියාවක් සඳහා විදේශගත වන්නේ නම් ඔබ ශ්‍රී ලංකා විදේශ සේවා නිවෘති කාර්යාංශය වෙත පැමිණ පළමු අනුමැතිය ලබාගත යුතු වෙනවා.

මෙලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය තුළ ලියාපදිංචි වී විදෙස්ගත වීම මගින් ඔබට වඩාත් සුරක්ෂිත හා ප්‍රතිලාභ සහිත විදේශීය රැකියා අවස්ථාවක් වෙත යොමුවීමේ පහසුකම් රජය විසින් සපයා තිබෙනවා.

රජයේ ලියාපදිංචි වී විදෙස්ගත වීමේදී රක්ෂණාවරණයක් හිමි වීම ඔබට ලැබෙන ප්‍රමුඛතම ප්‍රතිලාභයක්.

එමඟින් විදෙස්ගත වී සිටීමකදී ඔබේ ජීවිතයට හානියක් සිදුවුව හොත් රුපියල් ලක්ෂ හයක(600000) උපරිමයකට යටත්ව වන්දි ලබාදීමට විදෙස් සේවා නියුක්ති  කාර්යාංශය බැඳී සිටිනවා.

එමෙන්ම පූර්ණ ආබාධිත තත්ත්වයකදී රුපියල් එක්ලක්ශ විසිපන්දහසේ සිට  (125000) සිට ලක්ෂ හතර (400000) දක්වා වන්දි ලබා ගැනීමේ හැකියාවද පවතිනවා.

රෝගී තත්ත්වයක් හෝ කරදර හිරිහැර හා හදිසි අනතුරක් හේතුවෙන් ලංකාවට පැමිණි පසු මෙරටට පැමිණි ගුවන් ටිකට් පත් මුදල් නැවත ප්‍රතිපූරණය කිරීමේ හැකියාවද මෙම රක්ෂණාවරණයට අයත්.

එමෙන්ම එවන් අවස්ථාවකදී ප්‍රතිකාර සඳහාද රුපියල් පනස් දහසක් (50000) ලබාදීමට විදෙස් සේවා නියුක්ති කාර්යාංශය පියවර ගනු ලබනවා.

රජයේ ලියාපදිංචි වී විදෙස් ගත වන ශ්‍රමිකයින් ගේ  දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා වෙනුවෙන් ශිෂ්‍යත්ව වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කෙරෙනවා.

එහිදී විදෙස් ගත ශ්‍රමිකයකුගේ දරුවෙකු පහ වසර ශිෂ්‍යත්වය සමත් වුවහොත් රුපියල් විසි දහසක් (20000)ද  , අපොස සාමාන්‍ය පෙළ විභාගය සමත් වීමකදී රුපියල් 25000ක් ද, අපොස උසස් පෙළ සමත් වීමකදී රුපියල් තිස්පන්දහසක්( 35000.) විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ලබාදීමට කටයුතු කරමින් සිටිනවා.

එමෙන්ම, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සුභසාධක අංශය මගින් ක්‍රියාත්මක කරන ආර්ථික අපහසුතා මැද අධ්‍යාපන කටයුතු සිදු කරන දූ දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ ලබා දීමේ වැඩපිළිවෙළට සම්බන්ධ වීමේ හැකියාවද ලියාපදිංචි වී විදෙස් ගත වන ශ්‍රමිකයින්ට අවස්ථාව උදාකර දී තිබෙනවා.

තවද ලියාපදිංචි වීමෙන් පසු විදෙස්ගතවීමකදී ඔබට මූල්‍යමය අපහසුතාව වෙත මුහුණ දීමට සිදුවනවා නම් රාජ්‍ය බැංකු සම්බන්ධීකරණය කරමින් රුපියල් ලක්ෂ පහ දක්වා ණය ඉල්ලුම් කිරීමේ හැකියාවද ඔබට හිමිකර දීම සඳහා සැලසුම් ක්‍රියාත්මකයි.

එමෙන්ම විදෙස්ගතවීමකදී සිදුවන අනතුරු හේතුවෙන් සිදුවෙන ආබාධිත තත්ත්වයන් රක්ෂනාවරණයට අමතරව නිවසක අවශ්‍යතාවය සහිත අයට නිවසක් ඉදිකරදීම හෝ පවත්නා නිවසේ කොටසක් අලුත්වැඩියා කිරීමට රුපියල් ලක්ෂ දහයක (100000.00) උපරිමයකට යටත්ව ණය ලබා දීමද සිදු කරනු ලබනවා.

නිවසක් අවශ්‍ය නොවන අයගේ ජීවනෝපාය සංවර්ධනය කිරීම සඳහා ස්වයං  රැකියා ආරම්භ කිරීමට රුපියල් ලක්ෂයක (10000.00) ආධාර මුදලක් ලබාදීමටද විදේශ සේවා නියුක්ති කාර්යාංශ කටයුතු සැලසුම් කර තිබෙනවා.

මීට අමතරව, ශ්‍රී ලංකාව විදෙස් සේවා නියුක්ති කාර්යයන්  ලියාපදිංචි වී නීත්‍යානුකූලව විදෙස් ගත වන අය සඳහා කාලීනව සංවිධානය වෙන විවිධ ව්‍යාපෘති වැඩසටහන් හරහා ප්‍රතිලාභ ලබාදීම අඛණ්ඩව මේවන තෙක් සිදුකරමින් පවතිනවා.

ඔබත් විදෙස් ගතවීමට අපේක්‍ෂාවෙන් සිටින අයෙක් නම් ශ්‍රී ලංකාව විදෙස් සෙවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී නිත්‍යානුකූල ක්‍රමවේදය හරහා විදෙස් ගතවීම ඔබත් ඔබේ පවුලේ අයත් සුරක්ෂිත අනාගතයක් කරා රැගෙන යන ප්‍රධානතම ක්‍රමවේදය බවට පත්ව තිබෙනවා.

මිනිස් ජාවාරම්කරුවන්ගේ ගොදුරක් බවට පත් නොවී නිවැරදි මාර්ගයෙන් සුරක්ෂිතව විදෙස්ගත වීම සඳහා ඔබත් විදෙස් සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචි වීම අනිවාර්ය වෙනවා. 

ඒ සඳහා,  ශ්‍රී ලංකා  විදේශ සේවා නියුක්ති කාර්යාංශය, අංක 234, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, කොස්වත්ත, බත්තරමුල්ල ලිපිනයෙහි ඇති ශ්‍රී ලංකා විදේශ සේවා අනුත්තිකාරාංශයේ ප්‍රධාන කාර්යාලයෙන් ලියාපදිංචි වීමට ඔබට හැකියාව පවතිනවා.

ලියාපදිංචි වීම පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගැනීමට 0112879900, 0112879902 යන දුරකථන අංක ඔස්සේ හෝ පැය 24 පුරා ක්‍රියාත්මක 1989 අංකයට ඇමතුමක් ලබාදී ශ්‍රී ලංකා  විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමඟ සම්බන්ධ වන්න.

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...