25 C
Colombo
Monday, February 26, 2024

ජනාධිපතිතුමා දරුවන්ට මේ තරම් බය ඇයි?

- Advertisement -
  • භාග්‍යා පටන් ගත්ත සටනින් තමයි ආණ්ඩුවේ අවසානය ලියවෙන්නේ
  • ඔබතුමා දැන් දරුවොන්ටත් බයයි, පුංචි දැරිවියන්ටත් බයයි. ඔබතුමා කාටද බය නැත්තේ?
  • ඔක්සිජන් කන්නද අහපු අය ඉන්න පක්ෂෙනේ

පරිසර විනාශය සම්බන්ධව දරුවන් පිරිසක් එක් වී අඳින ලද චිත්‍රයක් ජනාධිපති කාර්‍යාලයේ පිරිසක් විසින් ඉවත් කරන ලද්දේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සිය විරෝධතාවය පළ කර සිටිනවා.

ඒ, අද (19) පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

පරිසරයට සිදුවන හානිය පිළිබඳව දරුවන් පිරිසක් විසින් අඳින ලද චිත්‍රයක් විහාරමහාදේවී උද්‍යානය ඉදිරිපිට ප්‍රදර්ශනය කෙරෙමින් පැවතියදී ජනාධිපති කාර්‍යාලයේ සිට පැමිණි පිරිසක් එය ඉවත් කරන්නැයි දැනුම් දුන් බව‍යි ඇයි පවසන්නේ.

” ජනාධිපතිතුමණි දරුවන්ට ඇයි ඔච්චර බය? ඔබ තුමා පුටින් වගේ වීර නායකයෙක් කියලා තමයි පොහොට්ටුවේ කණ්ඩායම ඔබතුමාව ගෙනාවේ. ඔබතුමා දැන් දරුවොන්ටත් බයයි, පුංචි දැරිවියන්ටත් බයයි. ඔබතුමා කාටද බය නැත්තේ? ඔබතුමා ඔබතුමාව අල්ලෙ නටවන ව්‍යාපාරිකයොන්ටත් බයයි. ඒ බය නිසයි අපේ මේ හුස්මපොද නැතිකරන ව්‍යාපාරිකය ගැන කතා කරපු භාග්‍යා දැරිවියගේ පැත්ත වෙනුවට අපේ හුස්මපොද විනාශ කරන ව්‍යාපාරිකයගෙ පැත්ත ගත්තෙ. ඒ හුස්ම පොද ගැන කතා කරපු දරුවව දඩයම් කරන්න හදනවා.” යැයි ඒ මහත්මිය පවසයි

RECENT ARTICLES - SINHALA

තවත් වෙඩි තැබිමක්

ඇල්පිටිය - පතිරාජ මාවතේ පදිංචිව සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු අද (26) වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. මෙම වෙඩි තැබිමෙන් 51 හැවිරිදි කරන්දෙණියේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු...

ජම්පටාවීදියේ වෙඩිතැබීම ගැන තවත් තොරතුරු

කොළඹ ජම්පටාවීදිය පොලිස් මුරපොළ ආසන්නයේ ඊයේ (25) දහවල් සිදුකළ වෙඩිතැබීමේ සිද්ධිය ගැන තවත් තොරතුරු කිහිපයක් මේ වනවිට අනාවරණය වී තිබෙනවා. මෙලස වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල...

අනතුරක් නිසා කොළඹ – නුවර මාර්ගයේ දැඩි තදබදයක්

වරකාපොළ, දංඕවිට ප්‍රදේශයේදී අද (26) උදෑසන මාර්ගය හරහා ලොරි රථයක් පෙරලී යාමෙන් අනතුරක් සිදුව තිබෙනවා. පොලිසිය සඳහන් කළේ එම අනතුර හේතුවෙන් කොළඹ - නුවර ප්‍රධාන...

POPULAR ARTICLES

අධික උණුසුම අඩු වෙන මාසය ගැන දැනුම් දීමක්

මාර්තු මාසය දක්වා උෂ්ණත්වය අඩු වැඩි වශයෙන් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ වැඩිම උෂ්ණත්වය ඊයේ උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 තුළ...

පාසල් විෂයන් ගණන අඩුවෙන්නේ මෙහෙමයි

06 වන ශ්‍රේණියෙන් ඉහළ දරුවන්ට දැනට පාසලේදී හැදෑරීමට ඇති අනිවාර්ය විෂය සංඛ්‍යාව ඉදිරියේ දී විෂයන් 07ක් දක්වා අඩු කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය...

ගංගාරාම පෙරහැරේ අලි කුලප්පුවක් (වීඩියෝ)

කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහැර 45 වන වරටත් ඊයේ (23) රාත්‍රීයේ වීථි සංචාරය කිරීම ආරම්භ කෙරුණා. එහිදී හදිසියේම පෙරහැරේ ගමන් කළ අලින්...