27 C
Colombo
Saturday, March 22, 2025

සැමියාගේ පහරදීමෙන් බිරිඳ මරුට

- Advertisement -

නොරෝච්චෝල – කරඹ ප්‍රදේශයෙ සිය සැමියාගේ පහර කෑමට ලක්වී බිරිඳ අද (27) මරණයට පත්ව ඇති බව නොරෝච්චෝල පොලිසිය පවසනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ, නොරෝච්චෝල – කරඹ ප්‍රදේශයෙ පදිංචිව සිටි අවුරුදු 13 හා 8 ක දරුවන් දෙදෙනෙකුගේ මවක් වන නිසංසලා පෙරේරා නැමති කාන්තාවක්.

මෙම දෙදරු මව රැදි සිටි නිවසට කඩා වැදි ඇති සැමියා බිරියට පොලු මුගුරු වලින් පහර දී තුවාල සිදු කර ඇති බවත්, ඇයව කිසිදු අයකුට රෝහල් ගත කිරිමට පවා අවස්ථාව ලබාදී නොමැති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, 26 දින උදෑසන දැඩි අසාධ්‍ය තත්වයෙන් ලේ වහනය වී නිවසේ රැදි සිටියදී ඇගේ ඥාතියකු විසින් ත්‍රි රෝද රථයකින් පුත්තලම මූලික රෝහලට ප්‍රතිකාර සදහා ඇතුලත් කර රෝහලේ දැඩි සත්කාර ඒකකයෙ ප්‍රතිකාර ලබමින් සිටියදි අද (27) අලුයම මරණයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.

සැමියා පුත්තලම නගරයේ රැදී සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

RECENT ARTICLES - SINHALA

දේශබන්දු තෙන්නකෝන්ට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට පියවර

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට පියවර ගෙන ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පැවසුවේ, පොලිස්පතිවරයා මේ වනවිට පල්ලෙකැලේ, දුම්බර බන්ධනාගාරයේ...

ගණේමුල්ල සංජීව ඝාතනයට තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියට සහාය වූ බවට සැකපිට ඊයේ (21) තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ,  කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්...

දෙවුන්දර වෙඩිතැබීමකින් දෙදෙනෙකු මරුට

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේ සිදුකළ වෙඩිතැබීමකින් තරුණයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (21) රාත්‍රී 11.45ට පමණ මෙම වෙඩි තැබීම සිදු...

POPULAR ARTICLES