26 C
Colombo
Friday, May 17, 2024

විජේදාස ආවේ ඇමතිකම බල්ලට දාලා -මෛත්‍රී

- Advertisement -

ජනතාව සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග බව අද පැවති මැයි දින රැළියේදී සහතිකයක් ලැබුණු බව ජනාධිපති මෛත්‍රීපාල ⁣සිරිසේන මහතා පවසනවා .

‘රට රකින ජන පවුර ‘ තේමාව යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැළියට ඊයේ (01) එක් වෙමින් මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කර සිටියා.

ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා පුළුල් සංවිධානයක් ඇති කරන බවත් ඒ සදහා සියල්ල සූදානම් බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල ⁣සිරිසේන මහතා පවසනවා.

”අද දේශපාලඥයන්ගේ දිනය නොවේ වැඩ කරන ජනතාවගේ දවසයි . ඇවිත් ඉන්නේ පක්ෂය වෙනුවෙන් මිනිස්සු වෙනුවෙන් ජීවිතය පුද කරන්න කැමති පිරිසක්. පක්ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට ගියාම වැරදියි විජේදාස රාජපක්ෂ අපි ගත්ත එක හරිද අහනවා. එතුමා ආවේ ඇමතිකම් බල්ලට දාලයි. ජනතාව ඉන්නේ අපි එක්කයි. අපි අලුත් වැඩපිළිවෙළකට යන්න ඕන. ඒකට අපි අද මුල්ගල තිබ්බා . ඕන කෙනෙක් ඕන කෙනකුට හේත්තු වෙන්න පුලුවන් ඒ වුණාට පක්ෂය එක එක් කෙනාට ඕන විදියට හේත්තු කරන්න දෙන්න බැහැ.අද පක්ෂය බාර දිය යුත්තේ කාටද ඉවත දැමිය යුත්තේ කවුද කියා ජනතාව තේරුම් අරගෙන ඉන්නවා. දූගි භාවය තුරන් කරන වැඩ පිළිවෙළ අපි හදලා ඉවරයි. ඉදිරි මැතිවරණය දිනන්න පුළුල් ශක්තිමත් වැඩ පිළිවෙලක් හදනවා. ජනතාවගේ අමාරුකම් අත්දැකීමෙන් දන්නවා. සුඛිත මුදිත රටක් හදන්න ජනතාව ඉන්නේ පක්ෂය එක්කයි කියන එක අද මෙි රැළියෙන් පෙන්නුම් කරනවා. ”

RECENT ARTICLES - SINHALA

නිලාවේලි වෙරළේ නවතා තිබූ යාත්‍රාවකට ගිනි තියලා

නිලාවේලි වෙරලේ නවතා තිබු පරෙවි දූපතට සංචාරකයන් ප්‍රවාහන කරන යාත්‍රාවකට කිසියම් පිරිසක් ගිනිතබා ඇතැයි කුච්චවේලි පොලිසිය පවසනවා. මෙම යාත්‍රාව සම්බන්ධයෙන් කලක සිට තවත් පාර්ශවයක් සමග...

රට වෙනුවෙන් ඕනම තීන්දුවක් ගන්න මම සුදානම්-මහින්ද (වීඩියෝ)

ආණ්ඩුව ගෙන යන වැඩ පිළිවෙළ තමන් අනුමත නොකරන බවත් ආණ්ඩුවේ වැඩපිළිවෙළට එරෙහිව රට වෙනුවෙන් ඕනෑම තීන්දුවක් ගැනීමට පසුබට නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ...

වර්ජනය නිසා 150,000කගේ උපාධිය අවසන් කිරීම කල් ගිහින්

විශ්වවිද්‍යාල අනධ්‍යන වෘත්තීය සමිති ආරම්භ කර ඇති අඛණ්ඩ වැඩවර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාලවල උපාධි අපේක්ෂකයින්ගේ විභාග සියල්ල කල් දැමීමට සිදුව ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...