29 C
Colombo
Friday, June 2, 2023

පකිස්තාන චීන ගනුදෙනුව ආසියාන් සංවිධානය බිද දමයිද ?

- Advertisement -

පාකිස්තානය වසර ගණනාවක් තිස්සේ ආසියාන් සංවිධානය සමග සම්බන්ධ වීමට දැඩි උත්සාහයක නිරතව සිටිනවා.

සංවිධානයේ ආංශික හවුල්කාරිත්වයේ සිට සංවාද හවුල්කාරීත්වය දක්වා තමන් ඉහළ නංවන ලෙස පකිස්ථානය පසුගිය මාස කිහිපය තුළ සාමාජික රටවලින් ඉල්ලීම් කරමින් තම ඉලක්කය සඵල කර ගැනීම සඳහා දැඩි උත්සාහයක නිරතවනවා.

කෙසේ වෙතත් පාකිස්ථානය ආසියාන් සංවිධානයට ඇතුලත් කර ගැනීම ගැන සැලකිය යුතු වන්නේ චීනයට දරුණු ලෙස යටත් වීමේ තත්ත්වයක් ලෙස සලකමින්ය.

ආසියන් සංවිධානය යනු ගිනිකොන දිග ආසියානු ජාතීන්ගේ සංගමය යි. එය කලාපය තුළ තුළ දේශපාලනික ආර්ථික සහ සමාජීය සහයෝගීතාව දිරිගන්වන රටවල් 10ක කණ්ඩායමක්. වර්තමානයේ දී මෙය ලෝකය වඩාත් සාර්ථක කලාපීය සංවිධානයක් ලෙස සලකනු ලබනවා. සංගමයේ සාමාජික රටවල් වන්නේ බෘනායි, කාම්බෝජය, ඉන්දුනීසියාව, ලාඕසය, මැලේසියාව, මියන්මාරය, පිලිපීනය, සිංගප්පූරුව, තායිලන්තය සහ වියට්නාමයයි.

කලාපය චීන අභිලාශයන් ඉටුකර ගැනීම සඳහා පකිස්ථානය බොහෝ දුරට ට්‍රෝජන් අශ්වයා ලෙස ක්‍රියා කරනු ලබනවා.

බීජිංහි ගෝලීය හා දේශපාලන අභිලාෂයන් ලෝකයට රහසක් බව අමුතුවෙන් පැවසිය යුතු නැහැ.

චීනයේ ආක්‍රමණශීලිත්වය සමඟ බොහෝ ආසියාන් සමාජික රටවලට ගැටුමක් තිබෙනවා. එසේම පාකිස්ථානය අද වන විට චීනයේ බළල් අතක් බවද නොරහසක්.

පකිස්තානය හා චීනය ජාත්‍යන්තර දේශපාලනයේ “බොනී සහ ක්ලයිඩ්” (Bonnie and Clyde) ලෙස ක්‍රියාකරනවා. බොනී සහ ක්ලයිඩ් යනු ඇමෙරිකාවේ කුප්‍රකට අපරාධ සහයකයින් දෙපලක්.

පාකිස්ථානය විවිධ ජාත්‍යන්තර සහ කලාපීය සංවිධාන තුලට ඇතුලත් කිරීමට චීනය දැඩි ප්‍රයත්නයක් දරනවා.

ඊට ප්‍රති උපකාරයක් ලෙස පකිස්ථානය එම සංවිධාන තුළ චීන නියෝජිතයා ගේ භූමිකාව ඉටුකරමින් සිටිනවා.

ආසියාන් සංවිධානය තුළ මේ දෙපළගේ සැලසුම් කුමක් විය හැකිද?

පාකිස්තානය සිදු කරනු ඇත්තේ චීන අභිලාෂය කලාපය තුළ ප්‍රවර්ධනය කිරීමයි. දකුණු ආසියානු සංසද කිහිපයක දී සිදු කළ ආකාරයට ඊට එරෙහි වන පාර්ශවයන් සමග ගැටුම් ඇති කර ගැනීමට ඔවුන් ක්‍රියාකරනු ඇති.

වෙනත් ආකාරයකට සාමාජික රටවල් අතර ඇති ශක්තිමත් ආර්ථික බැඳීම විනාශ කරන බලවේගයක් ලෙස පාකිස්ථානය හැඳින්විය හැකියි.

ණය උගුලෙන් ගැලවීමට නම් චීන පාකිස්තාන ආර්ථික කොරිඩෝව සඳහා පකිස්ථානය කඩිනමින් ආයෝජකයින් සොයා ගත යුතුව තිබෙනවා. ඊට හේතු වී ඇත්තේ දීර්ඝ කාලීන අනුග්‍රහකයින් දෙදෙනෙකු වන සෞදි අරාබිය සහ ඇමරිකා එක්සත් ජනපදය එහි ආයෝජනය කරමින් අසාර්ථක වීමේ සුපුරුදු උපක්‍රමයට හසු වීම ප්‍රතික්ෂේප කිරීමයි.

වර්තමාන භූ දේශපාලනික පරිසරය තුළ චීන පාකිස්තාන ආර්ථික කොරිඩෝව ආයෝජන සඳහා කලුකුහරයක් මිස අන් යමක් නොවේ.

එමෙන්ම පාකිස්තානය සම්බන්ධයෙන් තවත් කාරණාවක් ආසියාන් සමාජික රටවල් අවධානය යොමු කළ යුතුව තිබෙනවා, ඒ ත්‍රස්තවාදයයි.

පාකිස්ථානය දීර්ඝ කාලයක් පුරා ත්‍රස්තවාදයට විවිධ අනුග්‍රහයන් දක්වන රටක් වන අතර ත්‍රස්තවාදී කඩතුරාවෙන් ආසියාන් සමාජික රටවල්ද පසුගිය කා⁣ලයේ වැසී ගියා.

පාකිස්ථානය ත්‍රස්තවාදය සමඟ තිබෙන සබඳතා පිළිබඳ එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරනවා පමණක් නොව ඔවුන් බොහෝ විට පවසනුයේ තමන් ත්‍රස්තවාදය “ගොදුරක්” වී ඇති බවයි.

මෙම බොරුව සමාජ ගත කිරීම සඳහා පාකිස්තානය කලාපීය හා ජාත්‍යන්තර වේදිකාවන් බොහෝ අවස්ථාවල භාවිත කරනවා.

ආසියාන් සංවිධානයද ඒ සම්බන්ධ විවාදයකට පාකිස්තානය විසින් ඇද දමනු ඇති. මන්ද පාකිස්තානය එහි කෙළ පැමිණියෙක්.

මෙම තත්ත්වය තුළ ත්‍රස්තවාදීන්ට අරමුදල් සැපයීම පිළිබඳ ජාත්‍යන්තර නිරීක්ෂණ සංවිධානයක් වන FATE, පාකිස්තානය ත්‍රස්ත කටයුතුවලට සම්බන්ධ බවට ලෝකයා හමුවේ හෙළි කර ඇති තොරතුරු සමාලෝචනය කිරීම ආසියාන් සාමාජික රටවල් පකිස්ථානය සිය සංවිධානය සමඟ එක් කර ගැනීම පිලිබඳ නැවත සලකා බැලීමේදී වඩාත් උපකාරී වනු ඇති.

අවස්ථා ගණනාවකදී පාකිස්තානය අසාදු ලේඛනගත කිරීමට ආසන්න වුවත් චීනය සහ තුර්කිය වැනි පාකිස්ථානය හා සමාන කඩාකප්පල්කාරී ලෝක දැක්මක් ඇති ජාතීන් කිහිපයක් විසින් එම තත්ත්වය වළක්වනු ලැබුවා.

කෙසේ වුවත් FATE දැඩි නිරීක්ෂණයට ලක් වූ ලක්වූ සහ තහනම් ත්‍රස්තවාදී සංවිධාන සහ පුද්ගලයින් වැඩිම පිරිසකට අනුග්‍රහය දක්වන රටක් නොමැතිව ත ආසියාන් සංවිධානයට තවදුරටත් කටයුතු කිරීම වඩාත් සුදුසු වනු ඇති.

RECENT ARTICLES - SINHALA

සිරකරුවන් පිරිසකට ජනපති සමාව

පොසොන් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් පිරිසකට ජනාධිපති සමාව පිරිනමා තිබෙනවා. ඒ අනුව පොසොන් පොහොය දින වනවිට බන්ධනාගාරගතව...

IMF නියෝජිත පිරිස වරාය නගරයේ චාරිකාවක

ශ්‍රී ලංකාවේ නිල සංචාරක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස අද (01) පෙරවරුවේ වරාය නගරයේ සහ වරාය පර්යන්තවල චාරිකාවකට එක් වී තිබෙනවා.

අබුඩාබි නැවේ ඉංජිනේරුවා මුහුදට වැටී මරුට

ගාල්ල ධීවර වරායේ නැංගුරම්ලා තිබූ අබුඩාබි රාජ්‍යයට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ප්‍රධාන ඉංජිනේරුවරයා එම නෞකාවේ ඉහළ මහලේ සිටියදී අද(01) අළුයම මුහුදට ඇද...

RECENT ARTICLES - ENGLISH

“Don’t panic, there is no fuel shortage”: Kanchana

0
Power and Energy Minister, Kanchana Wijesekara, has issued a reassuring message to the public regarding concerns about fuel shortages. He urges everyone...

Several state institutions gazetted under Finance Ministry

A gazette notification has been issued bringing several state-owned institutions including the Colombo Lotus Tower Management Company, Sri Lanka Cement Corporation, State...

Breaking: SLVlog owner arrested by CID

0
Owner of the SLVlog Bruno Diwakara was arrested by the CID a short while ago. Diwakara was summoned to...