32 C
Colombo
Monday, January 20, 2025

ගෝඨාභය ආයෙත් එනව ද ? – බන්දුලගෙන් හෙළිදරව්වක්

- Advertisement -

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවට නැවතත් පැමිණෙනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා

ඒ අද (26) රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරුවේ සැඟවී නොසිටින බවත් හිටපු ජනාධිපතිවරයා නිල වීසා බලපත්‍රයක් ලබාගෙන සිංගප්පූරුවට ගොස් ඇති බවත් ඔහු සඳහන් කරනවා

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සඳහා සිංගප්පූරුවේ නීතිපතිවරයා වෙත ගොනු කර ඇති පැමිණිල්ලක් සහ අගෝස්තු මාසයේදී ඔහු ශ්‍රී ලංකාවට පැමිණෙන බවට පළවන වාර්තා සම්බන්ධයෙන් කළ විමසීමකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

“හිටපු ජනාධිපතිතුමා සැඟවිලා ඉන්නවා කියන එක මම කිසිසේත්ම විශ්වාස කරන්නේ නෑ. මොකද එතුමා නිල වශයෙන් අවශ්‍ය වීසා ලබාගෙන තමා ඒ රටට ගිහින් තියෙන්නේ. අනිත් ඕනෑම කෙනෙකුට තියෙන අයිතිය යටතේ. එතුමා ආපසු පැමිණෙන බව තමා මම දැනගෙන සිටියේ. ඒ පිළිබඳ අදාළ වෙනත් තත්ත්වයක් තියෙනවා නම් අපේ රටේ හිටපු ජනාධිපතිවරයා ට උපද්‍රව්‍යක් එලෙසින් සිදුනොවන්නට අවශ්‍ය කටයුතු යොදයි. එහෙම දෙයක් දේශපාලන වශයෙන් මිසක් අපි දැනුවත් වෙලා නෑ.”

RECENT ARTICLES - SINHALA

මන්නාරමේ ද්විත්ව ඝාතනයට සැකකරුවන් 4ක් අත්අඩංගුවට

මන්නාරම, අධිකරණය සංකීර්ණය අසලදී වෙඩිතබා සිදුකළ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතර ප්‍රධාන වෙඩික්කරු සහ ඔහුව ප්‍රවාහනය කළ ත්‍රී රෝද...

විජිත් විජයමුණිට ඇප

හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතාට ඇප නියමව තිබෙනවා.

ඔන්ලයින් කෝච්චි ටිකට් වංචාව ගැන විමර්ශන

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තු හා මොබිටෙල් සමාගම ක්‍රියාත්මක කරන මාර්ගගතව ආසන වෙන් කිරීමේ ටිකට් පත්, නිකුත් කළ වහාම මිලදීගෙන යළි වැඩි මිලකට අලෙවි කිරීමේ...

POPULAR ARTICLES