34 C
Colombo
Friday, May 3, 2024

ඊශ්‍රායල ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වන්නේ නැහැ – ඉරානය

- Advertisement -

ඊශ්‍රායල ප්‍රහාර වලට ක්ෂණික ප්‍රතිචාර නොදක්වන බව ඉරානය ප්‍රකාශ කර තිබෙනවා.

ඔවුන් සඳහන් කර තිබෙන්නේ, පසුගියදා ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කළේ සිය රටේ යුද ශක්තිය ප්‍රදර්ශනය කිරීමේ අරමුණින් පමණක් බවටයි.

මේ අතර, ලොව රටවල් රැසක්ම නායකයින් ඉරානය සහ ඊශ්‍රායලයෙන් ඉල්ලා තිබුණේ මෙම අවස්ථාවේ ඉවසිලිවන්තව කටයුතු කරන ලෙසයි.

ඊශ්‍රායලය විසින් ඉරානයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති බවට ඊයේ වාර්තා වූ අතර, පසුව ඉරානයේ ජාතික සයිබර් අවකාශ ආරක්ෂණ ඒකකය සඳහන් කළේ, ඉස්ෆහාන් හෝ සිය රටේ කිසිදු ප්‍රදේශයකට ගුවන් ප්‍රහාරයක් එල්ල වී නොමැති බවයි.

කෙසේ වෙතත් ඊශ්‍රාලයට අයත් ඩ්‍රෝන යානා 3 ක් සිය හමුදාව විසින් බිම හෙළා තිබු බව ඉරානය සඳහන් කළා.

පසුගිය 01 වනදා සිරියාවේ පිහිටි සිය කොන්සල් කාර්යාලයට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයෙන් පුද්ගලයන් 13 දෙනෙකු මියයාමට පළිගැනීමක් ලෙස ඉරානය විසින් ඊශ්‍රායලයට ඩ්‍රෝන ප්‍රහාර සහ මිසයිල 300 කට වැඩි ප්‍රමාණයක් පසුගියදා එල්ල කරනු ලැබුවා.

RECENT ARTICLES - SINHALA

කටුනායක වීසා ගැටලුව ගැන රජයෙන් පිළිතුරක්

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන් රටට ඇතුළු වීමේදී On-Arrival ක්‍රමය යටතේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික ආයතනයකට ලබා දී ඇත්තේ කැබිනට් අනුමැතිය සහිතව බව රජයේ...

වෛද්‍ය සිසු විරෝධතාවයට පොලිසියෙන් ජල ප්‍රහාර

UPDATE : 5.08 PM විරෝධතාකරුවන් පාලනය කිරීම සඳහා පොලීසියෙන් මීට සුළු මොහොතකට පෙර ජල ප්‍රහාර එල්ල කර තිබෙනවා. ......................................................................................................................... වෛද්‍ය පීඨ සිසුන්ගේ විරෝධතාවයක් හේතුවෙන් මේ වනවිට...

ඉන්දීය ක්‍රිකට් ලොක්කෙක් අධිකරණයට කැඳවයි

පල්ලෙකැලේ පැවැති "ලෙජන්ට් ට්‍රොපි 2024" ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියකදී මුදලට තරග පාවා දීමට ක්‍රීඩකයන්ට බලපෑම් කළේ යැයි කියන ඉන්දීය ක්‍රිකට් කළමනාකාර යෝගි පටෙල්ට ලබන 14...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...