31 C
Colombo
Friday, May 3, 2024

වැස්ස නිසා ශ්‍රී ලංකාවේ විස්සයි විස්ස ලෝක කුසලාන හීනය බොඳ වෙයිද?

- Advertisement -

ලෝක කුසලාන විස්සයි විස්ස තරඟාවලියේ අද (28) පැවැත්වීමට නියමිතව තිබු තරඟ දෙකම වර්ෂාව හේතුවෙන් සම්පුර්ණයෙන්ම අතහැර දැමීමට සිදුවුණා.

පළමු ඛණ්ඩය යටතේ මෙම තරඟ පැවැත්වීමට නියමිතව තිබුණේ.

ඉන් පළමු තරඟය අයර්ලන්තය සහ ඇෆ්ගේනිස්ථානය අතර පැවැත්වීමට නියමිත වූ අතර අනෙක් තරඟය ලෙස පැවැත්වීමට නියමිතව තිබුණේ සත්කාර ඕස්ට්‍රේලියාව සහ එංගලන්ත කණ්ඩායම් අතරයි.

මෙම තත්ත්වය සමඟ පළමු ඛාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහන සම්පුර්ණයෙන්ම වෙනස් වීමට ලක් වුණා.

ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය නවසීලන්තය ද දෙවන ස්ථානය එංගලන්තය ද තුන්වන ස්ථානය අයර්ලන්තය ද සිව්වන ස්ථානය සත්කාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම පසුවනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම අද (28) දිනය නිමා වන විට ප්‍රසාද ලකුණු සටහනේ පස්වන ස්ථානය දක්වා පහළ වැටි තිබෙනවා.

මේ අතර ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරඟය හෙට (29) සිඩ්නි නුවරදී නවසීලන්තයට එරෙහිව පැවැත්වෙනවා.

හෙට (29) තරඟය ඇතුළු අනෙක් තරඟ දෙක යම් හෙයකින් ජයගතහොත් පහසුවෙන් අවසන් පුර්ව වටයට සුදුකම් ලැබීමට ශ්‍රී ලංකාවට අවස්ථාව හිමි වෙනවා.

RECENT ARTICLES - SINHALA

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

අමාත්‍ය මණ්ඩල තීරණය අභියෝගයට ලක් කරන අයට එරෙහිව පියවර

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයින් රටට ඇතුළුවීමේදී On Arrival ක්‍රමය යටතේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික සමාගමක් වෙත පවරා ඇත්තේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහිතව බව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...