26 C
Colombo
Friday, May 17, 2024

ඉවත් කළ ඇමතිවරු විපක්ෂයට එක් වෙයිද?

- Advertisement -

තමන්ව ඉවත් කළත් තමන් යෝජනා කළ දෑ ක්‍රියාත්මක වුවහොත් රටට යහපතක් වනු ඇති බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා පවසනවා.

ඒ, ඊයේ (03) රාත්‍රියේ සිය බඩුබාහිරාදිය ද රැගෙන බලශක්ති අමාත්‍යාංශයෙන් ඉවත්ව යන අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

විපක්ෂයට එකතු වන්නේද යන්න සම්බන්ධයෙන් පක්ෂ 11 නායකයින් හමුවී ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බවයි එහිදී ඔහු පවසා සිටියේ.

උදය ගම්මන්පිල –

“උදේ ඇමති – හවස නොමැති. මම නිතර කිව්ව කතන්දරයක් තමයි සියල්ල අනිත්‍ය ලෝකේ ඇමති ධුර විතරක් නිත්‍ය නෑ කියලා. ඒ නිසා මේ අනිත්‍ය අමාත්‍ය ධුරය වෙනුවෙන් මගේ හෘදසාක්ෂිය සඟවා තබාගන්නවත් මගේ ආත්ම ගෞරවය පාවාදෙන්නවත් මම සූදානම් වුණේ නෑ. ඇත්ත ඇති සැටියෙන් දකින්න අකමැති අය, ඇත්තට බයේ ඇත්තට රිදිලා අමාත්‍ය ධුරයෙන් ඉවත් කරලා තියෙනවා. බොහොම සතුටින් ඒ තීන්දුව පිළිගන්නවා”

ප්‍රශ්නය –

“ඊයේ කතාව සැර වැඩිවුණාද මේ ?”

උදය ගම්මන්පිල –

“ඒක අහන්න ඕනෙ ඉතින් ආණ්ඩුවෙන් තමයි”

ප්‍රශ්නය –

ඒ කියන්නෙ වැදුණාද ?

උදය ගම්මන්පිල –

“අපි වැදෙන තැන්වලට වදින්න, රිදෙන තැන්වලට රිදෙන්න කිව්වෙ. හැබැයි කොතනවත් අපි බොරුවක් කියලා නෑ. ඇත්ත දරාගන්න බැරිනම් ඒකට අපට කරන්න දෙයක් නෑ”

ප්‍රශ්නය –

ඇමතිකම තියලා ඇවිල්ලා කතා කළා නම් හොඳයි කියලා හිතෙන්නැද්ද ?

උදය ගම්මන්පිල –

“දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න තිබ්බා නෙ. ඇමති ධුර රැකගන්න අපි උත්සාහයක් දැරුවෙත් නෑ, ඇමතිකමෙන් අයින් වෙලා පළායන්න උත්සාහ කෙරුවෙත් නෑ. ආණ්ඩුවට මේ අර්බුදයෙන් ගොඩයෑමේ සැබෑ වුවමනාවක් තියෙනවා නම් අපිව ඉවත් කළාට කමක් නෑ, අපි කිව්ව දේ කළොත් ඒක රට වෙනුවෙන් ගන්න පුළුවන් ඉදිරි පියවරක්”

ප්‍රශ්නය –

විපක්ෂයට එකතු වෙන්න කැමැත්තක් නැහැ ?

උදය ගම්මන්පිල –

“අපි හෙට පක්ෂ 11 නායකයින් හමුවෙලා ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරනවා”

RECENT ARTICLES - SINHALA

ඇල්ල – වැල්ලවාය මාර්ගය විවෘත කෙරේ

තාවකාලිකව වසා දැමූ ඇල්ල - වැල්ලවාය මාර්ගය නැවත ගමනාගමනය සඳහා විවෘත කර තිබෙනවා. පොලීසියේ පූර්ණ අධීක්ෂණය යටතේ දැඩි සුපරික්ෂාවෙන් අදාළ මාර්ගයේ ගමනාගමන කටයුතුවල නිරතවන ලෙස...

සජිත්ගෙන් ඩේලි මිරර් එකට බැනුම්

නීති විරෝධී මත්පැන් බලපත්‍ර ලබා දීම සම්බන්ධයෙන් තමා සිදු කළ ප්‍රකශයක් වැරදි ලෙස උපුටා දැක්වූ බව පවසමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 'ඩේලි මිරර්'...

රතුපස්වල නඩුවේ තීන්දුව අද

මීට වසර 11කට පෙර එනම් 2013 අගෝස්තු පළමු වැනිදා වැලිවේරිය නගරයේ දී කළ වෙඩි තැබීම සම්බන්ධයෙන් පැවැති නඩුවේ තීන්දුව අද (17) උදෑසන ගම්පහ මහාධිකරණයේ...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...