33 C
Colombo
Friday, May 3, 2024

ඇෆ්ගන් තර්ජනය මැද ශ්‍රී ලංකාවට සුපිරි සිව්දෙනා අතර ඉඩක් වෙන් කර ගත හැකි වෙයිද?

- Advertisement -

ශ්‍රී ලංකාව මේ වන විට ආසියානු කුසලානයේ එක් තරගයක් ක්‍රීඩා කර එය ජයග්‍රහණය කර ඇතත් සුපිරි සිව්දෙනා අතරට පිවිසීමේදී අද තරගය තීරණාත්මක වනවා.

පිතිකරුවන්ට හිතකර ලාහෝරයේදී ඇෆ්ගනිස්තානය ලබා ගන්නා විශාල ජයග්‍රහණයක් හේතුවෙන් පසුගියවර ශූරයින්ට කණ්ඩායම් අදියරේදීම මෙවර තරගාවලියෙන් ඉවත් වීමට සිදු වනු ඇති. සුපිරි සිව්දෙනා අතරට පිවිසීමට ඇෆ්ගනිස්ථානය පළමුව පන්දුවට පහර දී ලකුණු 70ක පරතරයකින් තරගය ජය ගත යුතුයි. නැතහොත් ඕනෑම ඉලක්කයක් පන්දුවාර 35ක් හෝ ඊට අඩු සංඛ්‍යාවක් තුළ සපුරා ගත යුතුයි.

මෙම තරගයේ දී කාසියේ වාසිය සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරනු ඇති. රාත්‍රි කාලයේ පන්දු යැවීමේදී පින්නෙහි බලපෑමක් තිබුණ ද සෙල්සියස් අංශක 37 දක්වා වැඩිවිය හැකි දහවල් කාලයේ පන්දු නොයවා සිටීමට කාසිය වාසිය දිනා ගන්නා කණ්ඩායම තෝරා ගනු නොඅනුමානයි. ඊට යම් උත්ප්‍රේරකයක් පසුගිය ඉරිදා තරගය ජයගැනීමෙන් අනතුරුව බංග්ලාදේශ නායක ශකිබ් අල් හසන් ද ලබා දී තිබුණා.

ඔහු තරගයෙන් අනතුරුව පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවසුවේ ඇෆ්ගනිස්ථානය දැඩි උණුසුම යටතේ පන්දුවාර 50ක් ක්‍රියාත්මක කර වෙහෙසට පත්ව සිටීම තුල පන්දුවට පහර දීම පහසු නොවන බැවින් තම ජයග්‍රහණයට මග පෑදු බවයි.

ලාහෝර් ගඩාෆි ක්‍රීඩාංගනය පිතිකරුවන්ට වාසිදායක වන අතර ලකුණු 300 සීමාව පහසුවෙන් පසු කළ හැකි තණතීරුවක්. බංග්ලාදේශය පසුගිය ඉරිදා තරගයේදී ද පහසුවෙන් එම සීමාව පසු කළා. එමෙන්ම ගඩාෆි ක්‍රීඩාංගනයේ තරග 13කින් 9ක් ජයගනිමින් ඉහළම ජයග්‍රහණ ප්‍රතිශතයද, ශ්‍රී ලංකාව සතු වනවා.

ක්‍රීඩා කළ හැකි කණ්ඩායම්

ඇෆ්ගනිස්තානයට අවශ්‍ය නම් කරීම් ජනත් හෝ ගුල්බඩින් නයිබ් වෙනුවට නූර් අහමඩ් විකල්පයක් ලෙස තෝරා ගත හැකියි. මැදපෙළ ශක්තිමත් කිරීමට රියාස් හසන් ද හොඳ විකල්පයක්.

ඇෆ්ගනිස්ථානය : 1 රහ්මානුල්ලා ගුර්බාස් (කඩුලු රකින්නා), 2 ඊබ්‍රාහිම් සද්‍රාන්, 3 රහමත් ෂා, 4 හෂ්මතුල්ලා ෂාහිඩි (නායක), 5 නජිබුල්ලා සද්‍රාන්, 6 මොහොමඩ් නබි, 7 ගුල්බඩින් නයිබ් 8 කරීම් ජනත්, 9 රෂීඩ් ඛාන්, 9 මුජීබ් උර් රහුමාන්, 9 , 11 ෆසාල්හක් ෆරුකි

ශ්‍රී ලංකාව පෙර තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම නොවෙනස්ව අද තරගයට ද එක් වනු ඇති. අවශ්‍ය නම් දුෂාන් හේමන්තට අවස්ථාවක් ලබා දිය හැකියි.

ශ්‍රී ලංකාව : 1 දිමුත් කරුණාරත්න, 2 පැතුම් නිශ්ශංක, 3 කුසල් මෙන්ඩිස් (කඩුලු රකින්නා), 4 සධීර සමරවික්‍රම, 5 චරිත් අසලංක 6 ධනංජය ද සිල්වා, 7 දසුන් ශානක (නායක), 8 දුෂාන් හේමන්ත / දුනිත් වෙල්ලාලගේ, 9 මහේෂ් තීක්ෂණ , 10 කසුන් රාජිත 11 මතීෂ පතිරණ

මෙම තරගය ජය ගනිමින් අඛණ්ඩව එක්දින තරග 12ක් ජය ගත් තෙවැනි රට බවට පත් වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව හිමි වනවා. පාකිස්තානය එක්වරක් සහ දකුණු අප්‍රිකාව දෙවරක් අඛණ්ඩව තරග 12 බැගින් ජය ගෙන තිබෙනවා. අඛණ්ඩව තරග 21ක් ජය ගනිමින් ඕස්ට්‍රේලියාව පළමු ස්ථානය

RECENT ARTICLES - SINHALA

කොත්තු, රයිස් මිලත් පහළට

ගෑස් මිල පහළ යාමත් සමග ආහාර වර්ග කිහිපයක මිල පහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව, එම සංගමයේ සභාපති, හර්ශන...

අම්පාර- අක්කරෙයිපත්තුව මාර්ගයේ බිහිසුණු අනතුරක්

අක්කරෙයිපත්තුව - අම්පාර මාර්ගයේ බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අදාළ අනතුර හේතුවෙන් පාසල් සිසුන් ඇතුළු 10 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා...

ක්‍රීඩාවෙන් දේශපාලනය ඉවත් කරන්න අලුත් රෙගුලාසියක්

ජාතික ක්‍රීඩා සංගම් 73ක් සම්බන්ධයෙන් අවශ්‍ය විටෙක ක්‍රියාමාර්ග ගැනීමට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලය පවසා තිබෙනවා. ක්‍රීඩා අමාත්‍යාංශය පැවසුවේ, ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් අද...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...