31 C
Colombo
Saturday, June 10, 2023

කරන්නාගොඩට එරෙහි නඩුවත් විසිවෙන ලකුණු

- Advertisement -

” තරුණයින් 11 දෙනා පැහැරගැනීමට අදාළව ගොනුකර ඇති චෝදනා 667 කරන්නාගොඩට එරෙහිව ඉදිරියට පවත්වාගෙන යාමට අදහස් නොකරන බව නීතිපති අධිකරණයට කියයි…. “

කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහි චෝදනා ඉදිරියට පවත්වාගෙන යෑමට නීතිපතිවරයා තවදුරටත් අපේක්ෂා නොකරන බව රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (04) කරුණු වාර්තා කළා.

ඒ චම්පා ජානකී රාජරත්න, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව අද යළි කැඳවනු ලැබු අවස්ථාවේයි.

එහිදි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා සදහන් කළේ මෙම නඩුවේ 14 වන විත්තිකරු ලෙස නම් කර සිටින වසන්ත කරන්නාගොඩ යන අය විසින් අභියාචනාධිකරණය හමුවේ රීට් පෙත්සමක් ගොනු කර ඇති බැවින් එම නඩුව අවසන් වන තෙක් ඔහුට එරෙහිව මෙම නඩුව විභාග කිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර ඇති බවයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ අදාළ වාරණ නියෝගය එම රීට් පෙත්සම අවසන් වන තෙක් බලපැවැත්වෙන අතර එම නඩුව අභියාචනාධිකරණය හමුවේ ලබන 30 වන දින යළි කැඳවීමට නියමිත බවයි.

ඒ අනුව කරන්නාගොඩ යන අයට එරෙහිව මෙම අධිකරණයේ චෝදනා ඉදිරියට පවත්වාගෙන යාමට නීතිපතිවරයා අපේක්ෂා නොකරන බව රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා පැවසුවා.

කරුණු සලකා බැලු ත්‍රීපුද්ගල විනිසුරු මඩුල්ල රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයාට නියෝග කළේ විත්තිකාර කරන්නාගොඩ සම්බන්ධයෙන් වූ නීතිපතිවරයාගේ මෙම ස්ථාවරය අභියාචනාධිකරණය හමුවේ ඉදිරි නඩු දිනයේදි දැනුම් දෙන ලෙසයි

අනතුරුව ඒ සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ගනුලබන ස්ථාවරය තම විනිසුරු මඩුල්ල හමුවේ වාර්තාකරන ලෙස ත්‍රීපුද්ගල මහාධිකරණය විනිසුරු මඩුල්ල නියම කළා.

එසේම මෙම නඩුවේ විත්තිකරුවන් දහ හතර දෙනෙකු සිටින බැවින් එම විත්තිකරුවන් සියලු දෙනා අධිකරණයේ පෙනී සිටින අවස්ථාවක දී නීතිපතිවරයාගේ මෙම ස්ථාවරය දැනුම් දිය යුතු බවටද විනිසුරු රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයාට නියෝග කළා.

2008 අගෝස්තු 08 වැනිදාත් 2009 සැප්තැම්බර් මස 21 වැනිදාත් අතර කාලය තුළදී කොටහේන, වැල්ලවත්ත, තී‍්‍රකුණාමලය, මඩකලපුව ඇතුලූ ස්ථාන කිහිපයකදී කස්තුරු ආරච්චිගේ ජෝ රීට්, රජීව් නාගනාදන්, ප‍්‍රදීප් විශ්වනාදන්, තිලගේෂ්වරන් රාමලිංගම්, මොහොමඞ් සාජිත්, ජමාල්ඞීන් ඩිලාන්, අමනන් ලියෝන්, රොෂාන් ලියෝන්, ඇන්තනි කස්තුරුආරච්චි, ත්‍යාගරාජා ජෙගන් සහ මොහොමඞ් අලි අන්වර් නැමැත්තන් මරා දැමීමට කුමන්ත‍්‍රණය කිරීම, පැහැරගෙන යාම, අයුතු ලෙස සිරකර තැබීම, ඔවුන්ගේ දේපළ බලහත්කාරයෙන් ලබා ගැනීම, තරුණයින් අතුරුදන් කිරීමට අදාළ සාක්කි වසන් කිරීම ඇතුළු චෝදනා 667ක් සම්බන්ධයෙන් නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව කොලඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ මෙම අධිචෝදනා ගොනු කර තිබේ.

නඩුවේ විත්තිකරුවන් ලෙස නීතිපතිවරයා විසින් නම්කර ඇත්තේ හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඩී.කේ.පී.දසනායක, සම්පත් මුණසිංහ, සුමිත් රණසිංහ, දිලංක සේනාරත්න, නලින් ප්‍රසන්න වික්‍රමසූරිය, ඇන්ටන් ප්‍රනාන්දු, රාජපක්ෂ පතිරනලාගේ කිත්සිරි, අරුණ තුෂාර මෙන්ඩිස්, කත්රිආරච්චිගේ ගාමිණි, උපුල් චමින්ද, චන්දන ප්‍රසාද් හෙට්‌ටිආරච්චි හෙවත් නෙවී සම්පත්, නන්දප්‍රිය හෙට්ටිහැන්දි, සම්පත් ජනක පෙරේරා හා වසන්ත කරන්නාගොඩ යන අයයි.

මෙම නඩුවට අදාළව හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ රියර් අද්මිරාල් ඩී.කේ.පී දසනායකට එරෙහිව පවරා ඇති නඩු විභාගය ඉදිරියට ගෙන යාම වළක්වාලමින් දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසම සිය අවසන් වාර්තාවෙන් නීතිපතිවරයාට නිර්දේශයක්ද නිකුත් කර තිබුණා.

එහි දැක්වුනේ මෙම නඩුව තුළින් සිය මූලික අයිතිවාසිකම් කඩවූ බවට අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ රියර් අද්මිරාල් ඩී.කේ.පී දසනායක යන අය තම කොමිසමට ඉදිරිපත් කළ පැමිණිල්ලේ කරුණු කිහිපයක් පිළිබද අවධානය යොමුකර මෙම නිර්දේශය ඉදිරිපත් කළ බවයි.

RECENT ARTICLES - SINHALA

බස් රථ අනතුරකින් 16 හැවිරිදි සිසුවෙකු මරුට

ලංගම බස් රථයක් අනතුරට ලක්වීමෙන් 16 හැවිරිදි පාසල් සිසුවෙකු මියගොස් තිබෙනවා. බදුරලිය පොලීසිය කියා සිටියේ අනතුරෙන් තවත් 10 දෙනෙක්...

රටේ අනාගත සෞඛ්‍ය ගැන බරපතළ අනාවරණයක්

ආර්ථික අර්බුදය හමුවේ සෞඛ්‍ය අංශයේ ඉහළ නිපුනතා සහිත පිරිස් රටින් පිටතට සංක්‍රමණය වීමේ ප්‍රවනතාවය ඉහළ යාම හේතුවෙන් ඉදිරි කාල සීමාව තුළ මෙරට...

පොලිසිය සමන්ගේ බ්‍රේස්ලට් එකත් අරන් – නීතීඥ සේනක පෙරේරා

2023 ජනවාරි 10 දින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ (Police Narcotics Bureau) නිලධාරීන්ගේ අත්අඩංගුවේ සිටිය දී මියගිය වෘත්තීය පුහුණු අධිකාරියේ සේවය කළ අන්තෝනි...

RECENT ARTICLES - ENGLISH

Two planes ‘likely collided’ at the airport in Tokyo

0
Two airplanes have “highly likely collided” with each other at the Haneda Airport in Tokyo, Japanese public broadcaster NHK is reporting, citing...

Sri Lankan passenger fined $5,500 for trying to bring plant cuttings into Australia

0
A Sri Lankan traveler to Australia who attempted to hide plant cuttings in the luggage, which also included bananas and flour, was...

China’s multilateral development banks expand efforts to globalize Renminbi

0
China's drive to promote the use of its national currency, the Renminbi (RMB), continues to gain momentum with Multilateral development banks (MDBs)...