33 C
Colombo
Friday, May 3, 2024

සිව්වසරකට පසු සිදුවන පසමිතුරු හමුවට වැස්ස හරස් වෙයිද?

- Advertisement -

ඇෆ්ගනිස්තානය හා පාකිස්තානය සහ ශ්‍රීලංකාව හා බංග්ලාදේශය අතර ක්‍රිකට් පිටියේ එදිරිවාදිකම් ගැන විටින් විට කතා බහට ලක් වුවත් භූ දේශපාලනික වශයෙන් ද සිදුවන වර්ධනය වීම් හමුවේ ඉන්දියාව සහ පාකිස්තානය ක්‍රිකට් පිටියේ සදාකාලික පසමිතුරන් ලෙස හැඳින්වෙනවා.
වර්ෂාව නිසා සිදුවිය හැකි බාධා කිරීම් පිළිබඳ පළ වී ඇති අනාවැකි මධ්‍යයේ වසර 4කට පසු මේ එදිරිවාදීන් අද පල්ලෙකැලේදී හමු වීමට නියමිතයි.
අවසන් වරට කණ්ඩායම් දෙක ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කළේ 2019 ලෝක කුසලාන තරගාවලියේදීයි.
ඉතිහාසය පුරාම පාකිස්තාන පන්දු යවන්නන් සහ ඉන්දීය පිතිකරුවන් අතර සටනක් වූ ඉන්දියා – පාකිස්තාන ක්‍රිකට් තරග ආකෘතිය පල්ලෙකැලේදීත් වෙනස් නොවනු ඇති.
ෂහීන් ෂා අෆ්රිඩි, නසීම් ෂා සහ හරිස් රවුෆ් – රෝහිත් ෂර්මා, ශුබ්මන් ගිල් සහ විරාත් කෝලි මෙවර සටනේ ඉදිරි පෙළ තරු වනවා.
කේඑල් රාහුල්ගේ ශාරිරික යෝග්‍යතාව අතින් තවමත් සියයට 100ක් සූදානම් නොමැති බැවින් අද තරගයේදී ඉෂාන් කිෂාන්ට තවත් අවස්ථාවක් ලැබෙනු ඇති. කෙසේ වෙතත් රෝහිත් ෂර්මාගේ පැමිණීම තුළ ඔහුට පිතිකරණ අනුපිලිවෙලේ පහළට ගමන් කිරීමට සිදු වනවා.
තරඟාවලියේ ආරම්භක තරඟයේදී නේපාලයට එරෙහිව විශිෂ්ට ලකුණු 151ක් රැස්කරමින් බාබර් අසාම් හොඳ තත්ත්වයක සිටින අතර නිත්‍ය ආරම්භක පිතිකරු ෆකාර් සමාන් මෑත කාලීනව ලකුණු අතරට පැමිණීමට අසමත් වීම පාකිස්තානයට යම් හිසරදයක් වී ඇති බවට සැක නැහැ.

ක්‍රීඩා කළ හැකි කණ්ඩායම්

ඉන්දියාවට දැඩි තීරණ කිහිපයක් ගැනීමට සිදුව තිබෙන්නේ, ශර්දුල් තාකූර් කණ්ඩායමට ඇතුළත් කළහොත් වේග පන්දු යවන්නන් සඳහා ස්ථාන දෙකක් පමණක් ඉතිරි වන බැවින්. කුල්දීප් යාදව් අනිවාර්යෙන්ම ක්‍රීඩා කරන බැවින් බුම්රා සහ මොහොමඩ් සිරාජ්ට අවසන් 11 දෙනා අතර සිටිනු ඇති.

ඉන්දියාව : 1 රෝහිත් ෂර්මා (නායක), 2 ශුබ්මන් ගිල්, 3 විරාත් කෝලි, 4 ශ්‍රෙයාස් අයියර්, 5 ඉෂාන් කිෂාන් (කඩුලු රකින්නා), 6 හර්දික් පාන්ඩ්‍යා, 7 රවීන්ද්‍ර ජඩේජා, 8 ශර්දුල් තාකූර් /මොහොමඩ් ෂාමි, 9 කුල්දීප් යාදව්, 10 මොහොමඩ් සිරාජ්, 11 ජස්ප්‍රිත් බුම්රා

පාකිස්තානය පළමු තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම වෙනස් නොකිරීමට තීරණය කර තිබෙනවා.
මෙම තරගාවලිය තුළ පාකිස්තානය සිය කණ්ඩායම පෙර දිනයේ නම් කළේ දෙවැනි වරටයි.
එමෙන් අද තරගය ජය ගනිමින් සුපිරි 4 වටයේ තම ස්ථානය B කාණ්ඩයේ අපරාජිතයන් ලෙස තහවුරු කර ගැනීමට පාකිස්තානයට අවස්ථාවක් තිබෙනවා.

පකිස්තානය : 1 ෆකාර් සමාන්, 2 ඉමාම්-උල්-හක්, 3 බබාර් අසාම් (නායක), 4 මොහොමඩ් රිස්වාන් (කඩුලු රකින්නා), 5 අගා සල්මාන්, 6 ඉෆ්තිකාර් අහමඩ්, 7 ෂඩාබ් ඛාන්, 8 මොහොමඩ් නවාස්, 9 ෂහීන් ෂා අෆ්රිඩි , 10 නසීම් ෂා, 11 හරිස් රවුෆ්

තණතීරුව

තරගය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගය පැවැත්වූ තණ තීරුවේ නොව නැවුම් තණතීරුවකය. කෙසේ වෙතත් අලුයම සිට මධ්‍යහනය දක්වා වර්ෂාව ඇද හැලෙන බවට අනාවැකි පල කර තිබීම හේතුවෙන් තරගය ආරම්භ වීම ප්‍රමාද විය හැකියි.

තරගයට පෙර සිකුරාදා (සැප්තැම්බර් 01) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී බාබර් අසාම් පැවසුවේ තම කණ්ඩායමේ ක්‍රීඩකයින් ශ්‍රී ලංකාව තුළ සැලකිය යුතු කාලයක් ක්‍රීඩා කර සිටීම හේතුවෙන් තමන්ට යම් ආකාරයක “මව්බිමේ වාසියක්” – “some kind of home advantage” ඇති බවයි.

“පසුගිය මාස දෙකේ අපි ශ්‍රී ලංකාවේ හිටියා. “අපි මෙහි [ශ්‍රී ලංකාවට එරෙහිව] ටෙස්ට් ක්‍රීඩා කළා, පසුව LPL සහ පසුව ඇෆ්ගනිස්තාන තරඟාවලි ක්‍රීඩා කළා. අපට තණතීරුවල ස්වභාවය පිළිබඳව හොඳ දැනුමක් තියෙනවා. ඒ වගේම විකට්ටුව හොඳ එකක් බව පේනවා. ශ්‍රී ලංකාවේ තත්ත්වය පකිස්ථානයට හා ඉන්දියාවට බෙහෙවින් සමානයි කියලා මට තේරිලා තියෙනවා.” බාබර් අසාම් පැවසුවා.
සිකුරාදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඉන්දීය නායක රෝහිත් ෂර්මා පැවසුවේ අත්දැකීම් බහුල දක්ෂතා අතර සිටින සංචිතයකයකින් හොඳම 11 දෙනා තෝරා ගැනීම හිසරදයක් වුවත් එය හොඳ තත්ත්වයක් බවයි. විකට්ටුවේ තත්ත්වය සැලකිල්ලට ගෙන හොඳම 11 දෙනා තෝරා ගන්නා බව ෂර්මා පැවසුවා.

RECENT ARTICLES - SINHALA

අම්පාර- අක්කරෙයිපත්තුව මාර්ගයේ බිහිසුණු අනතුරක්

අක්කරෙයිපත්තුව - අම්පාර මාර්ගයේ බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අදාළ අනතුර හේතුවෙන් පාසල් සිසුන් ඇතුළු 10 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා...

ක්‍රීඩාවෙන් දේශපාලනය ඉවත් කරන්න අලුත් රෙගුලාසියක්

ජාතික ක්‍රීඩා සංගම් 73ක් සම්බන්ධයෙන් අවශ්‍ය විටෙක ක්‍රියාමාර්ග ගැනීමට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලය පවසා තිබෙනවා. ක්‍රීඩා අමාත්‍යාංශය පැවසුවේ, ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් අද...

විමල්ට එරෙහි අල්ලස් නඩුවට දින දෙයි

අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් රුපියල් මිලියන 75කට අධික වත්කම් සහ මුදල් උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වූ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය විමල්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...