27.4 C
Colombo
Wednesday, June 7, 2023

සංචරණ සීමාවන් හෙට අලුයම ඉවත් කරනවාද ? හමුදාපතිගෙන් පැහැදිලි කිරීමක්

- Advertisement -

ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රී 11.00 සිට මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි පැනවූ සංචරණ සීමාවන් හෙට අලුයම 4.00 සිට ඉවත් කිරීමට බලාපොරොත්තු වන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

සංචරණ සීමා පනවා තිබෙන කාල සීමාවේදී රටේ ජනතාවගෙන් ලද සහයෝගය පිලිබඳව ස්තුතිවන්ත වන බව‍යි යුද හමුදාපතිවරයා ප්‍රකාශ කර සිටියේ.

සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු ජනතාව යලිත් ඒකරාශි නොවී සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කරන ලෙස යුද හමුදාපතිවරයා ඉල්ලා සිටිනවා. එමෙන්ම, ඉදිරි සති 2-3 තුළ දී ජනතාව සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් අනුව කටයුතු කළහොත් කොරෝනා වෛරසය පාලනය කර ගත හැකි බව හමුදාපතිවරයා ප්‍රකාශ කර සිටිනවා.

මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වී රෝග ලක්ෂණ අවමව පෙන්නුම් කරනු ලබන රෝගීන්ව නිවසේ සිට ප්‍රතිකාර ලබාදීම සම්බන්ධයෙන් වන මාර්ගෝපදේශ මාලාව ඉදිරි දිනවලදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලබන බවත් යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

සාපෙළ විභාග වංචා තුනක් වාර්තා වෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව වංචා සිද්ධීන් තුනක් ඊයේ (06) දින වාර්තා වී තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව...

යකඩ මිල ගණන් සීඝ්‍රයෙන් පහළට

යකඩවල මිල ගණන් 50%කින් පමණ අඩු වී ඇති බව යකඩ ආනයනකරුවෝ පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ මේ වසරේ ආරම්භයේ දී...

මැති ඇමති නොවන පිරිසකට ආරක්ෂකයන් 5400ක් දීලා

ඇමැතිවරුන්ට මන්ත්‍රීවරුන්ට අමතරව වෙනත් පුද්ගලයන්ට ප්‍රභූ ආරක්ෂකයන් 5400ක් ලබාදී ඇතැයි තොරතුරු අනාවරණය වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවේදී අද(06)...

RECENT ARTICLES - ENGLISH

Essential drug prices to be reduced from 15 June

0
The Cabinet of Ministers approved the proposal raised by the Minister of Health to reduce the maximum retail price of 60 medicines...

Nearly 80 students, mostly girls, are poisoned in Afghanistan

0
Nearly 80 primary school students, mostly girls, are suspected to have been poisoned over the weekend and taken to hospital in Afghanistan’s...

Delays in trials pertaining to child abuse cases studied

0
The Sectoral Oversight Committee on Children, Women and Gender looks into the prevention of delays in trial pertaining to the cases of...