29 C
Colombo
Wednesday, June 7, 2023

විමල් සහ කබ්රාල් රුසියාවට

- Advertisement -

4 වැනි ශාන්ත පීටර්ස්බර්ග් අන්තර්ජාතික ආර්ථික සමුළුව (SPIEF’21) රුසියාවේදී පසුගිය 02 වැනිදා ඇරඹි අතර එයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රමුඛ නියෝජිත පිරිසක් සහභාගී වී සිටියි.

රුසියානු ෆෙඩරේෂණයේ ජනාධිපති ව්ලැදිමීර් පුටින් මැතිතුමා සහ ලොව පුරා රටවල් 120ක පමණ ඉහළ මට්ටමේ රාජ්‍යතාන්ත්‍රිකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම අන්තර්ජාතික ආර්ථික සමුළුවට අන්තර්ජාතික ආර්ථික සංවිධානවල ප්‍රධානීහු, රුසියානු සහ වෙනත් රටවල රාජ්‍ය හා පෞද්ගලික සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීහු ද ඇතුළු පිරිසක් ද ඇරයුම් ලැබ සිටියි.

ගෝලීය ආර්ථික න්‍යාය පත්‍රයේ ප්‍රධානතම කරුණු සාකච්ඡා කිරීමට මෙන්ම ඒවාට ගෝලීය සහයෝගීතාවයකින් යුතුව විසඳුම් යෝජනා කිරීමට රාජ්‍යතාන්ත්‍රිකයන්ට අනගි අවස්ථාවක් නිර්මාණය කර දෙන ප්‍රමුඛතම ගෝලීය ආර්ථික වේදිකාව බවට මේ වන විට 1997 ඇරඹි ‘ශාන්ත පීටර්ස්බර්ග් අන්තර්ජාතික ආර්ථික සමුළුව’ පත්ව ඇතැයි අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා.

මෙම අන්තර්ජාතික ආර්ථික සමුළුවට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ සමග රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, කර්මාන්ත අමාත්‍යංශයේ අතිරේක ලේකම් රංජිත් විමලසූරිය හා කර්මාන්ත අමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් අනුෂ්ක ගුණසිංහ ද සහභාගි වී සිටියි.

සමාරම්භක දිනයට අදාළ ඡායාරූප කිහිපයක් පහත දැක්වේ.

May be an image of 4 people, people standing and text that says "W"
May be an image of 5 people, people sitting and indoor
May be an image of one or more people and people standing
May be an image of 5 people, people standing, indoor and text that says "W"
May be an image of 4 people, people standing, indoor and text that says "W"

RECENT ARTICLES - SINHALA

මැති ඇමති නොවන පිරිසකට ආරක්ෂකයන් 5400ක් දීලා

ඇමැතිවරුන්ට මන්ත්‍රීවරුන්ට අමතරව වෙනත් පුද්ගලයන්ට ප්‍රභූ ආරක්ෂකයන් 5400ක් ලබාදී ඇතැයි තොරතුරු අනාවරණය වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවේදී අද(06)...

ගුවන් යානා ගොඩ බැස්සවීමේ ගාස්තු අඩකින් අඩුවෙයි

ගුවන් යානා කටුනායක ගුවන් තොටුපොළට ගොඩබෑමේ ගාස්තු වසරක් දක්වා සියයට 50 කින් අඩු කිරීමට රජය තීරණය කර ඇතැයි වරාය නාවික සහ ගුවන්...

මෛත්‍රිපාල ශ්‍රී ලංකන් එකට දෙහි කපයි

ශ්‍රී ලංකා ගුවන් සේවයේ බත් පැකට් එකේ ඉදල තියෙන්නෙ ගැහිල්ල බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුවේදී අද (6) ප්‍රකාශ කළා.

RECENT ARTICLES - ENGLISH

Essential drug prices to be reduced from 15 June

0
The Cabinet of Ministers approved the proposal raised by the Minister of Health to reduce the maximum retail price of 60 medicines...

Nearly 80 students, mostly girls, are poisoned in Afghanistan

0
Nearly 80 primary school students, mostly girls, are suspected to have been poisoned over the weekend and taken to hospital in Afghanistan’s...

Delays in trials pertaining to child abuse cases studied

0
The Sectoral Oversight Committee on Children, Women and Gender looks into the prevention of delays in trial pertaining to the cases of...