29 C
Colombo
Saturday, July 27, 2024

වැටුප් ගෙවන්න සල්ලි නැති ලංගමට අලුත් සේවක පිරිසක් බඳවාගෙන

- Advertisement -

ලංකා ගමනාගමන මණ්ඩලයේ දිවයින පුරා ඩිපෝවල පවතින පුරප්පාඩු සඳහා නවක රියදුරු සහ කොන්දොස්තරවරුන් බඳවා ගැනීමේ වැඩපිළිවෙළ යටතේ සේවයට එක්වූ රියදුරන් සහ කොන්දොස්තරවරුන් පිරිසකට පත්වීම් ප්‍රදානය කිරීම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී සිදුව තිබෙනවා.

විශේෂ කැබිනට් අනුමැතියක් මත කොන්ත්‍රාත් පදනම යටතේ රියදුරන් 123 දෙනකු සහ කොන්දොස්තරවරුන් 18 දෙනෙකු වෙත මෙම නව පත්වීම් පිරිනැමීම සිදු කර තිබුණා.

එහිදී අදහස් දැක්වු අමාත්‍යවරයා,

“අප මෙම අමාත්‍යංශය වගකීම භාරගන්නා විට, 2025 දී ලංගම අනිවාර්යෙන් ලාභ ලබන තත්ත්වයට පත් කිරීමේ ඉලක්කයක් අපට පැවරුණා. එසේ නොවුවහොත් ලංගම පුද්ගලික පුද්ගලිකකරණයට ලක් කිරීමේ අවදානමක් පැවතුණා.ඒ අනුව ඉතාමත් අපහසුවෙන් විවිධ උපාය උපක්‍රම භාවිත කරමින් වැටුප් ගෙවා ගැනීමට පවා නොහැකි තත්ත්වයේ තිබූ ආයතනය ගොඩ ගැනීම සඳහා ක්‍රියාමාර්ග රාශියක් ගනු ලැබුවා. ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ නව බස් රථ 500ක්‌ ධාවනයට එක් කරනු ලැබුවා. භාවිතයෙන් ඉවත් කර තිබූ බස් රථ 400ක්‌ පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කරනු ලැබුවා. රාජ්‍ය සේවයේ කිසිදු තනතුරකට නව බඳවාගැනීම් සිදු නොකෙරෙන පසුබිමක් තුළ පවා විශේෂ කැබිනට් අනුමැතියක් සහිතව නවක රියදුරන් සහ කොන්දොස්වරුන් බඳවා ගැනීමට පියවර ගෙන තිබෙනවා.මේ සියලු උත්සාහයන්හි ප්‍රතිඵලයක් ලෙස ලංකා ගමනාගමන මණ්ඩලය ඉතිහාසයේ පළමු වතාවට බිලියන එකකට වඩා වැඩි ලාභයක් ලබන ආයතනයක් බවට පත්ව තිබෙනවා. එය ප්‍රමාණවත් ලාභයක් නොවූවත් ලාභ ඉපදවිය හැකි ආයතනයක් බවට ඒ තුළින් සුභදායී තත්ත්වයක් ඇතිවී තිබෙනවා”

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...