පෙළපාලියාමෙන් ආගමට අපහාස වන අන්දමේ වරදක් සිදුකළ බවට පකිස්තානයේ කාන්තා ක්‍රියාකාරිනියන් පිරිසකට එරෙහිව අධිකරණය ක්‍රියාමාර්ග ආරම්භ වී තිබේ.
එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ ආගමික අපහාසයට අදාළ නීති යටතේ අධිකරණ දෙකක් විසින් කාන්තා ක්‍රියාකාරිනියන් ට එරෙහිව නඩු විභාග ආරම්භ කර ඇති බවයි.
ඉකුත් මාර්තු අටවනදාට යෙදුණු අන්තර්ජාතික කාන්තා දිනයදා කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කරන මෙන් රජයට බලකරමින් පකිස්තානයේ ප්‍රධාන නගරවල පෙළපාලි සංවිධානය කළ කාන්තා ක්‍රියාකාරිනියන් පිරිසකට එරෙහිව මෙළෙස කටයුතු කර ඇති බව සදහන් වේ.
ආගමික අපහාසයට අදාළ නීති කාන්තා සහ මානව අයිතිවාසිකම් මර්දනය කිරීම සදහා යොදාගන්නා බවට පකිස්තානයට දීර්ඝ කාලයක සිට චෝදනා එල්ල වී තිබේ.