33 C
Colombo
Friday, May 3, 2024

ආර්ථික අපහසුතා නිසා කරපු වැඩක්

- Advertisement -

ආර්ථික අපහසුතා හේතුවෙන් බාල වයස්කාර සිසුන් තිදෙනෙකු රැකියා සොයා නිවෙස්වලින් පළායාමේ පුවතක් වෙන්නප්පුව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මොවුන් අවුරුදු 14 සහ 15 යන වයස්වල පසුවනවා.

ආර්ථීක අපහසුතා නිසා රැකියාවක් සොයා යෑමට අවශ්‍ය බව එක් සිසුවකු නිවෙසින් පලා යෑමට දින කිහිපයකට පෙර ඥාතියෙකුට පවසා ඇති බවටයි වාර්තා වන්නේ.

අනෙක් සිසුන් දෙදෙනා නිවෙස්වලින් පිටව ගොස් ඇත්තේ සංගීත සංදර්ශනයක් නැරඹීමට යන බව පවසමින්.

ඔවුන්ගේ මවුපියන් කම්කරුවන් ලෙස සේවයේ නිරතවන්නන්.

බාල වයස්කාර සිසුන් රැකියා සොයාගෙන යන්නට ඇති බවට පොලීසිය සැක කරනවා.

මෙම පාසල් සිසුන් තිදෙනා ඉකුත් 14 වැනිදා නිවෙස්වලින් පලාගොස් ඇති අතර, ඔවුන් පිළිබද මෙතෙක් කිසිදු තොරතුරක් ලැබී නොමැති බවටයි පොලීසිය සදහන් කළේ.

RECENT ARTICLES - SINHALA

අම්පාර- අක්කරෙයිපත්තුව මාර්ගයේ බිහිසුණු අනතුරක්

අක්කරෙයිපත්තුව - අම්පාර මාර්ගයේ බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අදාළ අනතුර හේතුවෙන් පාසල් සිසුන් ඇතුළු 10 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා...

ක්‍රීඩාවෙන් දේශපාලනය ඉවත් කරන්න අලුත් රෙගුලාසියක්

ජාතික ක්‍රීඩා සංගම් 73ක් සම්බන්ධයෙන් අවශ්‍ය විටෙක ක්‍රියාමාර්ග ගැනීමට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලය පවසා තිබෙනවා. ක්‍රීඩා අමාත්‍යාංශය පැවසුවේ, ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් අද...

විමල්ට එරෙහි අල්ලස් නඩුවට දින දෙයි

අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් රුපියල් මිලියන 75කට අධික වත්කම් සහ මුදල් උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වූ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය විමල්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...