29 C
Colombo
Saturday, July 27, 2024

අදින් ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය

- Advertisement -

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේ අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී අද (05) ආරම්භ වනවා.

එහි පළමු තරගයට එක්වන්නේ ගියවර ලෝක ශූර එංගලන්තය සහ අනුශූරයන් වන නවසීලන්තයයි

1975 වසරේදී එංගලන්තයේදී ඇරඹි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 13 වැනි අදියර අද ආරම්භ වනවා.

ඉන්දියාව සත්කාරකත්වය දරන මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩාංගණ 10කදී පැවැත් වීමට නියමිතයි.

තරගාවලිය ආරම්භ කරමින් අද තරග බිමට පිවිසෙන එංගලන්තයේ සහ නවසීලන්තයේ ක්‍රීඩකයින් කිහිපදෙනෙක් ආබාධවලට ලක්ව ඇති බව විදෙස් වාර්තා පවසනවා.

ඒ අනුව එංගලන්තයේ බෙන් ස්ටෝක්ස් ආබාධයක් හේතුවෙන් අද තරගයට සහභාගී වීම අවිනිශ්චිත බවට සඳහන් වනවා.

මේ අතර නවසීලන්ත නිත්‍ය නායක කේන් විලියම්සන් සහ වේග පන්දු යවන ක්‍රීඩක ටිම් සවුතිගේ සහභාගීත්වය ද අවිනිශ්චිත බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල නිල වෙබ් අඩවියේ සඳහන්.

දෙරට අතර මේ වන විට එක්දින ජාත්‍යන්තර තරග 95ක් පවත්වා තිබෙන අතර දෙපිලම තරග 44 බැගින් ජය ඇති අතර තවත් තරග 3ක් අවසන් වූයේ ලකුණු සම වීමෙන් අනතුරුවයි.

අනෙක් තරග 4 තීරණයකින් තොරව අවසන් වුණා.

අද තරගය මෙරට වේලාවෙන් පස්වරු 2.00 ට ඉන්දියාවේ අහ්මදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

ලොව විශාලම ප්‍රේක්ෂක ධාරිතාවක් ඇති දැවැන්තම ක්‍රිකට් ක්‍රීඩාංගණය වන මෙහි ප්‍රේක්ෂකයින් 130,000කට එකවර අසුන්ගත හැකි බැවින් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මුල්ම තරගය හා අවසන් මහා තරගය මෙහි පැවැත්වීමට සැලසුම් කොට තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...