30 C
Colombo
Friday, May 17, 2024

ඇෆ්ගන් වැසියන්ගේ ආහාර අවශ්‍යතාව වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන ආධාර ඉල්ලයි

- Advertisement -

උග්‍ර ආහාර අනාරක්ෂිතතාවකට පත්ව සිටින ඇෆ්ගනිස්තානු වැසියන්ගේ ආහාර අවශ්‍යතා සපුරා ලීම සඳහා ලෝක ආහාර වැඩසටහන ඇමෙරිකානු ඩොලර් බිලියන 1 යි දශම 1 ක් වෙනුවෙන් ලෝක ප්‍රජාව වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.

එම වැඩසටහන පවසන්නේ ආහාර ආනරක්ෂිතභාවයට මුහුණ දී සිටින ඇෆ්ගනිස්තායේ මිලියන 15 ක ජනතාවකගේ ඉදිරි මාස 06 ක ආහාර අවශ්‍යතා සපුරාලීම සිය අරමුණ බවයි.

එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලයේ වාර්තාවන්ට අනුව ඇෆ්ගනිස්තානය තුළ මිලියන 19 ක පිරිසක් ආහාර අනාරක්ෂිතභාවයට පත්ව සිටින අතර තවත් මිලියන 25 ක පිරිසක් දර්ද්‍රතාවයෙන් පීඩා විදී.

ස්වභාවික ආපදා හේතුවෙන් රටතුළ අවතැන් වී සිටින පිරිස මිලියන 5 යි දශම 8 ක්
එලෙස සිය රට තුළ දැඩි මානුෂීය ගැටළුවලට මුහුණ පා සිටින ඇෆ්ගනිස්තාන වැසියන්ට එළඹෙන සීත ඍතුවේදී සිය ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා ආහාර ඇඳුම් පැළඳුම් හා වාසස්ථාන වැනි මූලික අවශ්‍යතා හෝ ලබාදිය යුතු බව එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය පෙන්වා දෙයි.

එහෙත් රට තුළ පවතින ආර්ථීක දේශපාලනික අර්බුදය ආධාර වැඩසටහන් සඳහා ද බාධා එල්ල කර ඇතැයි ජාත්‍යන්තර සංවිධාන පෙන්වා දී ඇත.

තලෙයිබාන් පාලනය හමුවේ ඇෆ්ගනිස්තානය මුහුණ පා සිටින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ලෝක ආහාර වැඩසටහන ද දැඩි අවධානයක් යොමු කර ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

RECENT ARTICLES - SINHALA

සිදු නොවිය යුතු දෙයක් වුණා – ප්‍රසන්න රණවීර

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් එදා ‘තමන් අතින් නොවියුතු දෙයක් සිදු වු බව ” කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පවසනවා. අද...

Breaking: රතුපස්වල වෙඩි තැබුවෙක් නැහැ. සියලු දෙනා නිදොස් කොට නිදහස්

පිරිසිදු පානීය ජලය ඉල්ලමින් රතුපස්වල ප්‍රදේශයේ ජනතාව පැවැත්වූ විරෝධතාවක් අතරතුර වෙඩි වැදීමෙන් පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ සැකකරුවන් සිව්දෙනා නිදොස්කොට නිදහස් කිරීමට...

උගන්ඩා ක්‍රිකට් කණ්ඩායම කථානායක හමු වෙයි

උගන්ඩා ජාතික ක්‍රිකට් කණ්ඩායම සහ එහි නිලධාරීන් පිරිසක් පසුගියදා පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමු වී තිබෙනවා. උගන්ඩා ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...