29 C
Colombo
Friday, May 17, 2024

ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩිකාව ජාත්‍යන්තර ටෙනිස් පිටියට සමුදෙයි

- Advertisement -

ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩිකා ඔස්ට්‍රේලියාවේ ඈෂ්ලි බාටි ජාත්‍යන්තර ටෙනිස් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කළා.

තවමත් 25 හැවිරිදි වියේ පසුවන ඇය මෙලෙස සිය සමුගැනීම නිවේදනය කිරීම පිළිබඳ ක්‍රීඩාලෝලීන් විමතියට පත්ව සිටිනවා.

ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතා තුනක් ජයගෙන ඇති ඔස්ට්‍රේලියාවේ ඈෂ්ලි බාටි ඊයේ පැවති සම්මුඛ සාකච්ඡාවක් අතරතුර ටෙනිස් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කළා.

25 හැවිරිදි වියේ පසුවන ඔස්ට්‍රේලියාවේ ඈෂ්ලි බාටි ටෙනිස් ක්‍රීඩාව ආරම්භ කිරීමට පෙර ගොල්ෆ්, ක්‍රිකට් වැනි ක්‍රීඩාවල නිරත වුණා.

ඇය වෘත්තිය වශයෙන් ටෙනිස් ක්‍රීඩාවට පිවිසෙන්නේ 2010 වසරේදියි.

බාටි 2019 වසරේදී ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාව ජයග්‍රහණය කිරීමත් සමඟ ඇය පිළිබඳ සියලු දෙනාගේ අවධානය හිමිවුණා.

ඒවනවිට බාටි ලෝක ටෙනිස් කාන්තා ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයද තමන් සතු කරගත්තා.

2021 වසරේදී විම්බල්ඩන් ටෙනිස් ශූරතාව ජයගත් බාටි 2022 වසරේදී ඔස්ට්‍රේලියා ටෙනිස් ශූරතාව ජයගැනීමට සමත්වුණා.

ඒ අනුව 2019 වසරේ ජුනි 24 වැනිදා සිට මේදක්වා කාන්තා ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ පසුවන්නේ ඔස්ට්‍රේලියාවේ ඈෂ්ලි බාටියි.

මෙම වසරේ ඔස්ට්‍රේලියා විවෘත ටෙනිස් ශූරතාව ජයග්‍රහණය කර මාස දෙකක් වැනි කෙටි කාලයකදී බාටි සමුගැනීම නිවේදනය කිරීම පිළිබඳ සියලු දෙනාම විමතියට පත්ව සිටිනවා.

RECENT ARTICLES - SINHALA

මෙහෙකාර දැරිය පිලිස්සි මියයෑමේ නඩුවෙන් රිෂාඩ් නිදහස්

හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන්ට අයත් කොළඹ ප්‍රදේශයේ පිහිටි නිවසක මෙහෙකාර සේවයේ යෙදී සිටි බාලවයස්කාර දැරියක මීට වසර 3කට පෙර පිළිස්සී මියයෑමේ සිද්ධියට අදාළව රිෂාඩ්...

සාපෙළ ප්‍රතිඵලවලට කලින් උසස් පෙළ පටන් ගැනීම ගැටලු සහගතයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් වීමට ප්‍රථම එම සිසුන්ට උසස් පෙළ පන්ති ආරම්භ කිරීමෙන් ප්‍රායෝගික ගැටලු රාශියකට මුහුණ දීමට...

නිලාවේලි වෙරළේ නවතා තිබූ යාත්‍රාවකට ගිනි තියලා

නිලාවේලි වෙරලේ නවතා තිබු පරෙවි දූපතට සංචාරකයන් ප්‍රවාහන කරන යාත්‍රාවකට කිසියම් පිරිසක් ගිනිතබා ඇතැයි කුච්චවේලි පොලිසිය පවසනවා. මෙම යාත්‍රාව සම්බන්ධයෙන් කලක සිට තවත් පාර්ශවයක් සමග...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...