31 C
Colombo
Wednesday, March 29, 2023

රෙස්ලින් ක්‍රීඩකයන් කපාගෙන ලේ ගන්න හැටි! (වීඩියෝ)

- Advertisement -

ලේ! තද රතු ලේ!

ලේ බකට් පිටින් රෙස්ලින් මැට් එක මතත ගලද්දී, අපි ආසම රෙස්ලින් තරුවගේ මුහුණ වැසෙන්නට ලේ ගංගාවක් ගලද්දී ඒ වීරයා ගැන අපට බයක් ඇතිවෙනවා. අප විරුද්ධ දුෂ්ඨයාගෙන් ලේ ගලද්දී, යුක්තිය ඉටු වුණා වගේ හැඟීමක් දැනෙනවා. සමහරවිට එකිනෙකාට අකමැති හතුරන් දෙන්නෙකුගෙන් ලේ ගලද්දී ඒ දෙන්නා එකිනෙකාට කොච්චර වෛර කරනවාද කියන එක ඉස්මතු වෙනවා.

2019 වර්ෂයේ හොඳම රෙස්ලින් තරගය ලෙස පිදුම් ලද AEW ආයතනයේ කෝඩි රෝඩ්ස් සහ ඩස්ටින් රෝඩ්ස් (හිටපු ගෝල්ඩස්ට්) කියන සහෝදරයන් දෙන්නා අතර තරගයේදී 50 හැවිරිදි ඩස්ටින් රෝඩ්ස් අයියාගෙන් ලේ ගලද්දී ප්‍රේක්ෂකයන්ගේ ඇස්වල පවා කඳුළු තිබෙන අයුරු දක්නට ලැබුණා. මේ සහෝදරයන් දෙන්නාගේ සටන මැද ලේ හැලෙද්දී මහා බරක් ඒ සටනට එකතු වුණා.

අනෙක අසූගණන්වලින් පසු රෙස්ලින්වල කේ ෆේබ් එක හෙවත්, ඒක කලින් ප්ලෑන් කරපු දෙයක් බව පොදු සමාජයේ දැනුම පැතිරෙද්දී, රෙස්ලින් ප්‍රේක්ෂකයන් අතර මවා පෙන්වූ සටනක් මැද්දේ සැබෑව පිළිබඳ හැඟීමක් ඇති වෙන්නට ලේ හේතු වුණා. එහෙත්, මෑත කාලයේ WWE ආයතනය ලේ පෙන්වන්න කැමැත්තක් දැක්වුවේ නැහැ. ඒ ළමයින්ට සුදුසු, විනෝදාත්මක වැඩසටහන් මාධ්‍යයක් ලෙස රෙස්ලින් මාරු වුණ නිසා.

රෙස්ලින්වල ජනප්‍රිය කියමනක් තමයි ‘රතු සමානයි කොළ’ කියන එක. ඒ කියන්නේ රතු පැහැ ලේ හැලෙද්දී, කොළ පැහැ මුදල් උපයන්න පුළුවන් බව. ටීවීවලට රෙස්ලින් එන්නට පෙර කාලයේ රෙස්ලින් දිව්වේ සජීවීව ෂෝ එකක් බලන්න එන පිරිසගේ ටිකට් සල්ලිවලින් ලැබෙන ලාභයට. ලේ හැලෙන තරමට වැඩි පිරිසක් රෙස්ලින් බලන්න ආවාලු.

රෙස්ලින් කියන්නේ සැබෑ ක්‍රීඩාවක් නෙවෙයි. කලින් සැලසුම්  එහෙත් ලේ කියන්නේ බොරුවක් නෙවෙයි. ලේ ගලන්නට නම් තුවාල වෙන්න ඕනෑ. මූණේ තක්කාලි සෝස් එකක් හලාගෙන ලේ පෙන්වන්න බෑ. ඒ නිසා ලේ වෙනුවෙන් අතීතයේ පටන් රෙස්ලින් ක්‍රීඩකයන් හිතාමතා තමන්ගේ මූණ තුවාල කරගත්තා. 

ලේ ගලන තැනට පත්වෙන්නට ක්‍රම දෙකක් තියෙනවා. එක් ක්‍රමයක් ‘අමාරු ක්‍රමය.’ හෙවත් හිතාමතා ලේ ගලන අන්දමේ බරපතල තුවාලයක් කරගැනීම. ගෑරෙප්පුවකින් හිස සීරීම, කටුකම්බි ආදී නොයෙක් ක්‍රම එයට පාවිච්චි කරනවා. එය ජනප්‍රිය නැති ක්‍රමයක්. එහෙත්, අතීතයේ පටන් ඒ ක්‍රමයට ලේ ගලන්නට සැලැස්සූ ‘ඩෙත් මැච්’ වර්ගයේ රෙස්ලින් ක්‍රීඩකයන් ගණනාවක් ඉන්නවා. මඳක් පරණ දරුණුම ක්‍රමයක් වන්නේ උල් සහිත සපත්ත පැළඳ, ඒ උල්වලින් ප්‍රතිවාදියාට පහර දී ලේ ගලන්න සැලැස්සීම.

නවසිය තිස් ගණන් තරම් පරණ කාලයේ පටන් හිතාමතා ලේ ගැනීමේ ක්‍රමය පැවතියා. එකල සිටි රෙස්ලින් තරුවක් වන සේලර් වොට්කින්ස් එලෙස හිතාමතා ලේ ගත් කෙනෙක්. ඒ කාලය රෙස්ලින් ගැන ඇත්ත සහ බොරුව බොහෝ අය දැන නොසිටි කාලයක්. අනෙක රෙස්ලින් කලාවත් දියුණු වී තිබුණේ නැහැ. ඒ නිසා එකල දත්වලින් හපා, උල් නියපොතුවලින් සූරා සහ සපත්තුවේ උල්වනින් ඇණ ප්‍රතිවාදියාගෙන් ලේ ගලන තැනට පත් වුණාලු.

ඉන්පසු අසූ ගණන් වනතුරුම ඉතා දරුණු ක්‍රම ලේ ගැනීමට පාවිච්චි කළා. අනෙක් අතට අනූ ගණන්වල රෙස්ලින් අතිශය ජනප්‍රිය වෙද්දී, තරඟකාරීත්වය වැඩි වෙද්දී ලේ ගැනීම අත්‍යාවශ්‍ය වුණා. ලේ දකින තරමට ඊළඟ ෂෝ එකට ප්‍රේක්ෂකයන් වැඩි වන බව හැමෝම දැන සිටියා.

ඒ නිසා ලේ ගැනීමට ආරක්ෂික ක්‍රම පාවිච්චි කරන්න පටන්ගත්තා. වඩාත් ජනප්‍රිය ක්‍රමය ආවේ ඒ නිසා. බ්ලේඩින් කියා හඳුන්වන ක්‍රමය. ප්‍රේක්ෂක ඇස් වෙනතක යද්දී සඟවාගත් තියුණු රේසර් බ්ලේඩ් තලයකින් ප්‍රවේශමට මුහුණ කපාගැනීම බ්ලේඩින් කියා කියනවා. සාමාන්‍ය රේසර් බ්ලේඩ් තලයක්    

සාමාන්‍යයෙන් රෙස්ලින් භාෂාවේදී ලේවලට කියන්නෙන් ‘ජූස්’ කියා.

රේසර් බ්ලේඩ් තලය සම්පූර්ණයෙන්ම ගන්නේ නැහැ. එය ක්‍රීඩකයන් පාවිච්චි කරන ටේප් පටිවලින් ඔතා, හීනියට සකසාගන්නවා. එක්කෝ කඩේ තොල් අතර. නැත්නම් අතේ බෑන්ඩ් එකක, මැනේජර් කෙනෙක් ඉන්නවානම් ඔහු අත බ්ලේඩ්තලය තබනවා. සමහර ක්‍රීඩකයන් විනිසුරු අතේ එය තබනවා. අවශ්‍ය වෙලාවට, රහසේ එය රැගෙන නළල කපාගන්නවා.

පුංචි තුවාලයකින් වුණත් වැඩිපුර ලේ ගලන්නට නම් ලේ උකු වෙන්න ඕනෑ. ඒ වෙනුවෙන් රෙස්ලින් ක්‍රීඩකයන් ඇස්ප්‍රීන් බොනවා. තරගයට කලින් බියර් බිව්වාමත් ලේ උකු වී වැඩිපුර ගලනවා. ඒවා කළාට පසුවත් සමහර ක්‍රීඩකයන්ගේ ලේ වැඩිපුර ගලනවා. තවත් සමහරුන් කොච්චර ගැඹුරු තුවාලයක් කරගත්තත් ලේ ගලන්නේ අඩුවෙන්.

එහෙත් මෑත කාලයේ පවා අබ්දුල්ලා ද බුචර් වැනි අය ගෑරෙප්පුවකින් ප්‍රතිවාදියාගේ මුහුණ හූරා ලේ ගත්තා. සමහරවිට ප්‍රතිවාදියාගේ කැමැත්තකුත් නැතිව, ලේ ගලන තුවාල කරන තැනට ඔහු පත් වුණා. එහෙත්, එවැනි මොහොතක සිදු වූ ඛේදවාචකයක් වන්නේ ඩෙවින් හැනිබල් නිකල්සන් නම් ප්‍රතිවාදියාගේ කැමැත්ත නැතිව ඔහුට තුවාල කිරීම නිසා ඔහුට හෙපටයිටීස්-සී බෝ වුණා.

මෙලෙස විවිධාකාර ලෙඩ බෝ වීම බ්ලේඩින් ක්‍රමයට තිබෙන ප්‍රධාන විවේචනය. අනෙක ලේ අධික ලෙස ගලා ගියොත් තවත් ප්‍රශ්න ඇති විය හැකියි.

එහෙත්, රෙස්ලින් යනු සැබෑව සහ අසත්‍යය අතර දෝලනය වන දෙයක්. දැන් කාලයේ නම් ප්‍රේක්ෂකයාගේ හිත, මේක බොරුවක් කියන හැඟීමෙන් ඈත් කොට තමා ඉදිරියේ තිබෙන සටන විශ්වවාස කරන තැනට පොළඹවන්න ඕනෑ. මුලා කරන්න ඕනෑ. ලේ කියන්නේ බොරුවක් නෙවෙයි. තමන් කපාගෙන ලේ ආවත්, නැතත් ප්‍රේක්ෂකයා ලේ වලින් කැලඹෙනවා.

අනෙක රෙස්ලින් ක්‍රීඩකයන් බ්ලේඩින් යනු තමන්ගේ සම්ප්‍රදායේ වැදගත් අංගයක් ලෙස දකිනවා. තමන් ආදරය කරන මේ කලාවට තමන්ගේ රුධිරය පූජා කරන්නට අවස්ථාවක් ලෙස කල්පනා කරනවා.

ඒත්, අනෙක් පැත්තෙන් බ්ලේඩින්වලට අකමැති රෙස්ලින් ක්‍රීඩකයන්ද ඉන්නවා. හැම වෙලාවෙම තමන් තුවාල කරගෙන ප්‍රේක්ෂක ආකර්ෂණය හොයන්නේ සැබෑ රෙස්ලින් කලාව නොදන්නා, ක්‍රීඩාශීලී හැකියාවක් නැති ක්‍රීඩකයන් බව කියනවා. සමහරවිට අප කලින් කීවා වගේ අත්‍යාවශ්‍ය මොහොතක සෞඛ්‍යාරක්ෂිතව පාවිච්චි කරනවා හැර, නිතර ලේ ගැලීම් සිදු නොවිය යුතු බවත් කියන ප්‍රේක්ෂකයන් ඉන්නවා.

රෙස්ලින් පවතින තාක්කල් ප්‍රේක්ෂකයා පිනවීම පිණිස තමන්වම කපාගැනීමේ බ්ලේඩින් ක්‍රමය පවතිනු ඇතතැයි ටක්කෙට කියන්න පුළුවන්.

RECENT ARTICLES - SINHALA

මුදල් අමාත්‍යාංශ ලේකම්ට එරෙහි පෙත්සම් දෙකක් හෙට කැඳවයි.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට එරෙහිව ගොනු කළ පෙත්සම් දෙකක් හෙට (30) අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ...

නිවාසාන්තර ක්‍රීඩා තරඟාවලියට පරිඝණක ක්‍රීඩා එක් කළ පාසලක්..!

0
සිය නිවාසාන්තර ක්‍රීඩා තරඟාවලියට පරිඝණක ක්‍රීඩා ද ඇතුලත් කිරීමට ගිරිඋල්ල වික්‍රමශීලා විද්‍යාලය කටයුතු කර තිබෙනවා. මෙවර 12 සහ 13...

මිනිස් ඝාතනයට තැත් කිරීමේ වරදට ජීවිතාන්තය දක්වා  සිරදඬුවම් 

බෝම්බයක් පුපුරුවා හැර මිනිස් ඝාතන සිදුකිරීමට තැත් කිරීමේ චෝදනාවට වරදකරුවූ චූදිතයෙකුට කොළඹ මහාධිකරණය අද (29) ජීවිතාන්තය දක්වා බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කළා.

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...