ටිබෙට් වැසියන්ගේ අදහස්, විශ්වාස සහ සමාජීය සබදතා බලහත්කාරයෙන් වෙනස් කිරීමට චීනය කටයුතු කරමින් සිටින බවට චෝදනා එල්ල වී තිබේ.
මෙම තොරතුරු අනාවරණය කර ඇත්තේ චීනයේ අනුග්‍රහයෙන් ටිබෙටයේ සංචාරයක නිරත වූ අන්තර්ජාතික මාධ්‍යවේදීන් පිරිසකි.
ඔවුන්ගේ වාර්තාවලට අනුව එම මාධ්‍යවේදීන්ට නැරඹීමට සහ හමුවීමට අවස්ථාව ලබාදී ඇත්තේ බලධාරීන් විසින් අනුමත කළ සහ සුදානම් කළ ස්ථාන සහ පුද්ගලයන් පමණි.
එහිදී හමුවූ ටිබෙට් වැසියන් තමන්ගේ ආධ්‍යාත්මික නායකයා චීන ජනාධිපති ෂී ජින්පිං බවට ප්‍රකාශ කළේ යැයිද අදාළ වාර්තා වේ දැක්වේ.
ටිබෙට් වැසියන් සිය ආධ්‍යාත්මික නායකයා ලෙස සළකන්නේ විප්‍රවාසව වෙසෙන දලායිලාමාතුමන්ය.
චීනය විසින් ටිබෙටය ආක්‍රමණය කර සිය යටත් විජිතයක් බවට පත්කරගෙන මේ වනවිට වසර හැත්තෑවක් පමණ ගතවී තිබේ.