28 C
Colombo
Saturday, July 27, 2024

ෂී ජින්පිං පුටින් හමුවීමට සූදානම්

- Advertisement -

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමග සාකච්ඡා කිරීමට චීන ජනාධිපති ෂී ජින්පිං ලබන සතියේ මොස්කව් බලා පිටත්ව යාමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

චීන විදේශ අමාත්‍යංශය සඳහන් කර ඇත්තේ, ව්ලැදිමීර් පුටින්ගේ ආරාධනයකට අනුව ෂී ජින්පිං මාර්තු 20 සිට 22 දක්වා රුසියාවේ රැඳී සිටිනු ඇති බව සඳහන්.

බටහිර රටවල් ඇල්මැරුණු පිළිවෙතක් අනුගමය කර ඇති පසුබිමක රුසියාවේ මිත්‍ර රාජ්‍යයක් වන චීනය යුක්‍රේනයේ යුද්ධය අවසන් කිරීමට යෝජනා ඉදිරිපත් කර ඇති අවස්ථාවක මෙම සංචාරය සිදුවන බව අදාළ වාර්තා පෙන්වා දෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, “පුළුල් හවුල්කාරිත්වය සහ උපායමාර්ගික සහයෝගිතාව සම්බන්ධයෙන්” එහිදී සාකච්ඡා කෙරෙනු ඇතැයි රුසියාව පැවසූ බව යි.

බටහිර රටවල් මොස්කව් වෙත ආයුධ සැපයීමට එරෙහිව චීනය වෙත අනතුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

කෙසේ වෙතත් යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පෙබරවාරි මාසයේදී තමාට ෂී ජින්පිං හමුවීමට අවශ්‍ය බවත් චීනය රුසියාවට ආයුධ ලබා නොදෙන බව මට විශ්වාස කිරීමට අවශ්‍යයි යනුවෙන් සඳහන් කර තිබෙන බව සදහන්.

RECENT ARTICLES - SINHALA

ජනාධිපතිවරණය පැවැත්වීම ගැන චන්ග් සතුටින්

මැතිවරණ කොමිසම විසින් සැප්තැම්බර් 21 වැනිදා මෙරට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානපති ජුලී චන්ග් සිය ප්‍රසාදය පළකර තිබෙනවා. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා...

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...