29 C
Colombo
Friday, May 17, 2024

චීනයේ ආගමික පාලනය හමුවේ කිතුණුවන් පිරිසක් රටින් බැහැරට

- Advertisement -

චීනය ආගමික කටයුතු පිළිබඳ රාජ්‍ය පාලනය දැඩි කර ඇති අතර කිතුනුවන් 60 දෙනෙකුට එක්සත් ජනපදයේ සරණාගතභාවය ලබා ගැනීමට බල කර ඇති බව වාර්තා වේ.

එම ක්‍රිස්තියානි කණ්ඩායමට 2019 අග සිට 2020 මුල් භාගය දක්වා චීනයෙන් පලා ගොස් දකුණු කොරියාවේ ජෙජු දූපතේ පදිංචි වූ වැඩිහිටියන් 29 දෙනෙකු සහ ළමුන් 31 දෙනෙකු ඇතුළත් වන බව පැවසේ.

මෙම සාමාජිකයින් Shenzhen Mayflower Church ලෙසද හඳුන්වන Shenzhen Holy Reformed Church වෙත අයත් වන බව මාධ්‍ය වාර්තා කරයි.

මෙම කණ්ඩායම බැංකොක්හි එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය වන UNHCR හි සරණාගතභාවය පතා තිබේ.

දකුණු කොරියාවේ සරණාගත තත්ත්වය ලබා ගැනීමට අපොහොසත් වීමෙන් පසු ඔවුන් පසුගියදා සංචාරක වීසා මත තායිලන්තයට ගොස් ඇත.

පසුව, දකුණු කොරියාවේ අධිකරණ කිහිපයක් ඔවුන්ගේ සරණාගත අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ඔවුන් එක්සත් ජනපදයේ පදිංචි වීමට තීරණය කළ බවයි වාර්තා වේ.

මීට වසර තුනකට පෙර චීන රජය ධවල පත්‍රිකාවක් නිකුත් කළ අතර එහි සඳහන් වූයේ චීනයේ මිලියන 200 ක් පමණ ආගමික අදහන්නන් සිටින බවයි.

ඉන් බහුතරයක් ටිබෙටයේ බෞද්ධයන් වන අතර ඊට අමතරව මුස්ලිම්වරුන් මිලියන 20ක්, රෙපරමාදු ක්‍රිස්තියානීන් මිලියන 38ක් සහ කතෝලික ක්‍රිස්තියානීන් මිලියන 6ක් ද ඇතුළත් විය.

2021 නොවැම්බරයේදී, ආගමික නිදහස උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපදය, චීනය ‘විශේෂයෙන් සැලකිලිමත් වන රටවල්’ යටතේ ලැයිස්තුගත කරනු ලැබීය..

RECENT ARTICLES - SINHALA

ලංකාවට පරීක්ෂණ නැව් නොඑන්නේ ඇමරිකාවේ වුවමනාවට – ගම්මන්පිල

ශ්‍රී ලංකාවේ මීළඟ අමෙරිකානු තනාපතිනිය ලෙස නම් කර ඇති එළිසබෙත් හොස්ට් මහත්මියගේ පත්වීම පිළිනොගන්නා ලෙස උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මන්ත්‍රීවරයා පෙන්වා දී...

සචිත්‍රගේ කටහඬ පරීක්ෂණ වාර්තාව පමා වෙලා

මුදලට ක්‍රිකට් තරග පාවාදීමේ සිද්ධියක සැකකරු වශයෙන් නම්කර සිටින හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ට අදාළ පරීක්ෂණවලට අදාළ කටහඬ පරීක්ෂණ වාර්තාව මෙතෙක් ලැබී නොමැති...

යතුරුපැදියක් මතට ගසක් කඩා වැටී සැරයන්වරු දෙදෙනෙක් රෝහලේ

පොලිස් රථවාහන අංශයේ සැරයන්වරුන් දෙදෙනෙකු ගමන් කළ යතුරු පැදියක් මතට විශාල ප්‍රමාණයේ මාර ගසක් කඩා වැටීමෙන් එහි ගමන් ගත් පොලිස් නිලධාරීන් දෙදෙනා තුවාල ලබා...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...