31 C
Colombo
Sunday, June 4, 2023

ඔව් මම නීතිඥයෝ ගෙන්නගෙන සිරස ගැන සාකච්ඡාවක් කළා – කෙහෙළිය (වීඩියෝ)

- Advertisement -

නීතිඥවරුන් ගෙන්වා සිරස නාලිකාව සම්බන්දයෙන් සාකච්ඡාවක් සිදුකල බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

මහනුවරදී පැවති වැඩසටහනකින් අනතුරුව ඊයේ (10) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ මාධ්‍ය නිදහස හා නීතිය පටලවා නොගත යුතු බවත් වල්බූරු නිදහසක් ලෝකයේ කිසිදු රටක නොමැති බවත්ය.

අදාළ නාලිකාව රාමුවෙන් පිට කටයුතු කිරීම පිළිබදව මෙරට සිටින ප්‍රභල නීතිඥයින් කිහිප දෙනෙකු ගෙන්වා සාකච්ඡා කල බවත් එම නාලිකාව සම්බන්ධයෙන් කැලෑ නීතිය නොව සාධාරණ නීතිය ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා පවසා සිටියා.

විපක්ෂ නායකවරයා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරමින් සිදුකළේ ප්‍රචාරණාත්මක කාර්යක් බව සදහන් කරන ජනමාධ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එවැනි ගැටළුවක් ඇතිනම් එය තමන්ද සිටින පාර්ලිමේන්තුවක ඇසිය යුතුව තිබූ බවයි.

මාධ්‍ය නිදහස රටේ මූලික නීතියට යටත් බවත්, මාධ්‍ය නිදහස කියා මුදලාලිලාට අවශ්‍ය ආකාරයෙන් තක්කඩි වැඩ කරන්නේ නම් නීතියේ රාමුවට තුළ කටයුතු කරන බවත් කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා පවසනවා.

ඊට අදාළ දර්ශන පහතින්,

RECENT ARTICLES - SINHALA

ඇගළුම් කම්හලක සේවකයෙක් හදිසි අනතුරකින් මරුට

කළුතර උතුර සමඟිපුර ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක මුද්‍රණ යන්ත්‍රයකට හසුවීමෙන් එම කර්මාන්ත ශාලාවේ සේවකයෙකු ඊයේ (03) මියගොස් තිබෙනවා. මෙලෙස...

මුදල් විශුද්ධිකරණයට එරෙහිව ජනපතිගෙන් විශේෂ තීන්දුවක්

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම පිළිබඳව ශ්‍රී ලංකාවේ මීළඟ ප්‍රවේශය නුදුරේදීම ක්‍රියාවට නංවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

චීන පොහොර නැවට සල්ලි ගෙවීම ගැන අල්ලස් කොමිසමෙන් නඩු

2020 සහ 2021 මහ කන්නය සඳහා ගොවි ජනතාවට අවශ්‍ය පොහොර සැපයීම සඳහා අහිතකර බැක්ටීරියා සහිතව චීනයෙන් ආනයනය කළ විෂ සහිත කාබනික පොහොර...

RECENT ARTICLES - ENGLISH

Breaking: Litro gas prices reduced

0
Prices of Litro domestic LP gas cylinders will.be reduced with effect from midnight today (4), the Litro Chairman said.

Odisha train accident: Coromandel express train collides with goods train, many feared dead

0
In a major train accident in Odisha, an express train collided with a goods train in which many are now feared dead.

Khalid and Salama to visit SL today

0
Khalid Al Ameri, a renowned Emirati blogger, columnist, and motivational speaker, is making headlines once again with his upcoming trip to Sri...