26 C
Colombo
Tuesday, May 14, 2024

කියන කියන ඒවා කරන්න බෑ – ඇමතිගේ දේශබන්දු⁣ගේ මූණටම කී SSPගේ අඩිපාරේ යන්න තවත් පිරිසක් සාකච්ඡා

- Advertisement -

පසුගිය 15 වනදා මහජන ආරක්ෂක අමාත්‍යවරයා සහ ඉහළ පෙළේ පොලිස් නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

පොලිස්පති ඇතුළු නියෝජ්‍ය සහ සහකාර පොලිස් නිලධාරීන් මෙම සාකච්ඡාව සඳහා සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට සාමකාමී විරෝධතාවයේ නිරත වූ කාන්තාවන් අත්අඩංගුවට ගැනීම සිදු නොකළේ මන්දැයි අමාත්‍යවරයා විමසා තිබෙනවා.

එම ප්‍රදේශය භාරව සිටි පොලිස් නිලධාරියා කවුදැයි ඔහු අදාළ පොලිස් නිලධාරීන්ගෙන් ප්‍රශ්ණ කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී කොළඹ දකුණ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ගයන්ත මරාපන මහතා විමසා ඇත්තේ “අත්අඩංගුවට ගන්න තියෙන චෝදනාව කුමක්ද?” දැයි කියාය.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රතිචාරයෙන් මහජන ආරක්ෂක අමාත්‍යවරයා කෝපයට පත් වී තිබෙනවා.

අමාත්‍යවරයා එහිදී පෙරලා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගෙන් විමසා ඇත්තේ “ඇයි නැත්තේ, ඒක රජයට විරෝධී, ආණ්ඩුවට විරෝධී උද්ඝෝෂණ සහ පාගමන් කරන අය අත්අඩංගුවට ගන්න පුළුවන්. එතන චෝදනාවක් නැත්තේ”.

මිට පොලිස්පතිවරයා අමාත්‍යවරයාට පෙන්වා දී ඇත්තේ අත්අඩංගුවට ගැනීම සඳහා ප්‍රමාණවත් චෝදනාවක් නොමැති බවයි.

ඉන් අනතුරුව කොළඹ දකුණ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ නිත්‍යානුකුලව නොවන නීති විරෝධී අණ නිකුත් නොකට නොමැතිව පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමෙන් තමාට අනාගතයේ මානව හිමිකම් නඩුවවලට පෙනී සිටීමට නොහැකි බවයි.

එලෙස අදහස් දක්වමින් ඔහු එම රැස්වීමෙන් පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

RECENT ARTICLES - SINHALA

ෆෝන් චාර්ජරයක් පස් හැවිරිදි දැරියකට මරු කැඳවයි

ජංගම දුරකථනය ආරෝපණය කිරීමට යාමේදී විදුලි සැර වැදීමෙන් පෙර පාසල් සිසුවියක මියගොස් තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ මග්ගොන, මුංහේන ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු පහක පෙර...

වතු හාම්පුතුන්ට මුහුණ දෙන්න සූදානම් – ජීවන් තොන්ඩමන්

වතු කම්කරු ප්‍රජාවේ වැටුප් වැඩිකිරීම සඳහා රජය ගෙන ඇති තීරණයට එරෙහිව වතු සමාගම් අධිකරණ ක්‍රියා මාර්ග ගතහොත් ඒ සඳහා මුහුණ දීමට සූදානම් බව ජල...

T20 ලෝක කුසලානයට යන කණ්ඩායමට ජනපතිගෙන් සුබ පැතුම්

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවීමට දිවයිනෙන් පිටත්ව යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...

POPULAR ARTICLES

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

යුපුන්ට ඉතාලියේදී ප්‍රථම ස්ථානයක්

ඉතාලියේ රෝම නගරයේ ඊයේ (11දා) පැවැති CDS ASSOLUTO SU PISTA මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 Serie-1 තරග ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන්...

නෙළුම් කුළුණෙන් පැන්න විදේශිකයෙක් වහලය උඩට වැටිලා

කොළඹ, නෙළුම් කුළුණේ බේස් පැනීමේ ඉසව්ව (Base Jump) අත්විඳිමින් සිටි විදේශිකයෙකු එම ඉසව්ව අතරතුර දී ඉන් ඇද වැටීමෙන් තුවාල ලබා තිබෙනවා. විදේශිකයාගේ පැරෂුටය විවෘත වීම...