29 C
Colombo
Saturday, July 27, 2024

ශානි අබේසේකර ගැන සොයා බලන්න යැයි තරුණ ජනමාධ්‍යවේදීන් මානව හිමිකම් කොමිසමට කියයි

- Advertisement -

අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානී අබේසේකර මහතාගේ ආරක්ෂාව ගැන සලකා ඔහුව කොළඹ අයි.ඩී.එච් රෝහල වැනි රෝහලකට ඇතුළත් කිරීමට නිර්දේශ කරන ලෙසට ඉල්ලමින් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් මානව හිමිකම් කොමිසන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

නොවැම්බර් 25 වන දින අදාල පැමිණිල්ල ඉදිරිපත් කර ඇති අතර ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය වැඩි දුරටත් පවසා ඇත්තේ ශානි අබේසේකර මහතාගේ ජීවිතයට ඇති තර්ජන සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ මීට පෙර අගවිනිසුරුවරයා ඇතුළු පාර්ශ්ව කිහිපකට ලිඛිතව දැනුම් දී තිබූ අතර ඒ සම්බන්ධයෙන් ද සොයා බලා කඩිනම් මැදිහත්වීමක් කරන ලෙසය.

අදාල ලිපිය පහතින්

2020/11/25

සභාපති,

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව.

සභාපතිතුමනි,

ශානි අබේසේකර මහතාගේ ආරක්ෂාව පිළිබඳවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට කොරෝනා ආසාදිත වී ඇති බවත්, ඔහු මේ වන විට මහර බන්ධනාගාරයේ සිට වැලිකඩ බන්ධනාගාරය වෙත ගෙනැවිත් ඇති බවත් කොවිඩ් පැතිරීම වැලැක්වීමේ ජාතික මධ්‍යස්ථානය තහවුරු කර තිබේ.

මහර බන්ධනාගාරයේ රඳවා සිටි ඒ මහතාට කොවිඩ් ආසාදනය වී ඇති බව හෝ වෙනත් ස්ථානයකට මාරු කළ බව හෝ මේ වන තෙක් ඔහුගේ බිරිඳට නිල වශයෙන් දැනුම් දී නැත. මේ සම්බන්ධයෙන් කඩිනම් මැදිහත්වීමක් කරන ලෙසත්, ඔහුගේ ආරක්ෂාව ගැන සලකා කොළඹ අයි.ඩී.එච් රෝහල වැනි රෝහලකට ඇතුළත් කිරීමට නිර්දේශ කරන ලෙසත් ඉල්ලා සිටිමු.

ශානි අබේසේකර මහතාගේ ජීවිතයට ඇති තර්ජන සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ මීට පෙර අගවිනිසුරුවරයා ඇතුළු පාර්ශ්ව කිහිපකට ලිඛිතව දැනුම් දී තිබූ අතර ඒ සම්බන්ධයෙන් ද සොයා බලා කඩිනම් මැදිහත්වීමක් කරන ලෙස ද ඉල්ලා සිටිමු.

ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

[email protected]

RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරියට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...