25 C
Colombo
Wednesday, September 27, 2023

පිළිකා සෛල නසන සුපිරි ඖෂධය නිපදවූ තරුණ මහාචාර්යවරයා මුල් වරට සම්මුඛ සාකච්ඡාවක

- Advertisement -

පිළිකා සෛල මරා දැමීමේ හැකියාවෙන් යුත් නව ඖෂධයක් නිපදවීමට ොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන අණුක ජීව විද්‍යා සහ ජෛව තාක්ෂණ ආයතනය සමත්ව තිබෙනවා.

එම ආයතනයේ මහාචාර්ය සමීර ආර්. සමරකෝන් මහතා ප්‍රමුඛ කණ්ඩායමක් විසින් මෙම සොයා ගැනීම සිදුකර ඇත්තේ වසර 12ක් අධික කාලයක් තිස්සේ සිදු කළ විද්‍යාත්මක පරීක්ෂණ වලින් පසුවයි.

මෙම පෝෂක ඖෂධය පිළිකා රෝගීන්ට සහ පිළිකා සුව වෙමින් සිටින රෝගීන්ටද ලබා දීමට හැකි බවයි පැවසෙන්නේ.

අන්තර්ජාල නාලිකාවක් සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ සම්බන්ධයෙන් තවත් වැදගත් කරුණු රැසක් හෙළි කර තිබෙනවා.

දේශීය වෛද්‍ය විද්‍යාව බටහිර විද්‍යාත්මක පරීක්ෂණවලින් තහවුරු කර ගැනීමට පවා හැකි වූ බවත් මෙරට පැරණි ජන සමාජය තුළ පැවති ආහාර රටාව පිළිකා ඇති නොවීමට හේතු වී ඇති බවත් ඔහු මෙහි දී පෙන්වා දී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

CIDයේ වැසිකිළියකින් වේදනානාශක පෙති තොගයක් සොයා ගැනේ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වැසිකිළියක් තුළ තිබී වේදනානාශක ඖෂධ පෙති තොගයක් සොයා ගෙන තිබෙනවා. අවස්ථා තුනකදී එලෙස වේදනානාශක ඖෂධ පෙති සොයාගත් බව පොලිසිය සඳහන් කරනවා. එම ඖෂධ...

කල්පිටිය ගුවන් හමුදා පුහුණු මධ්‍යස්ථානයේ පිපිරීමක්

කල්පිටිය කන්දකුලිය ගුවන් හමුදා පුහුණු මධ්‍යස්ථානයේ පිපිරීමක් සිදුව තිබෙනවා. මෙම පිපිරීමෙන් එක් ගුවන් භටයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර තවත් අයකු තුවාල ලබා ගත රෝහල් ගත...

අල්ලස් ගත් සුරා බදු නිලධාරීන්ගේ වැඩ තහනම්

බීඩි නිෂ්පාදකයකුට පහරදී අල්ලස් ගැනීමට උත්සහ දැරීමේ සිද්ධියකට සැකපිට අත්අඩංගුවට ගත් තංගල්ල සුරාබදු ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් සිවුදෙනාගේ වැඩ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් තහනම් කර...

POPULAR ARTICLES

බැංකුවල ණය පොළී අනුපාතයේ වෙනසක්

බලපත්‍රලාභී වාණිජ බැංකුවල සාමාන්‍ය ණය දීමේ අනුපාතිකය මේ සතියේ තවත් පදනම් අංක 40 කින් සියයට 14.81 දක්වා අඩු වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට...

සිනොපෙක් එකටත් වඩා අඩුවෙන් තෙල් දෙන RM පාර්ක්ස්

එක්සත් ජනපදයේ RM Parks සමාගම ලබන මස සිට ශ්‍රී ලංකාවේ ඉන්ධන බෙදාහැරීම ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා. RM Parks සමාගම යනු ලෝ...

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කෙරේ

ඉන්දියාවේදී පැවැත්වෙන 2023 එක්දින ලෝක කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ඒ අනුව කණ්ඩායමේ නායකයා ලෙස සුපුරුදු පරිදි කටයුතු කරන්නේ දසුන්...