27 C
Colombo
Sunday, May 12, 2024

සාදයක් අතරතුර වෙඩි තැබීමකින් තුවාල ලැබූ තරුණිය මරුට

- Advertisement -

මින්නේරිය පොලිස් වසමේ යාය 04, ගිරිතලේ ප්‍රදේශයේ දී වෙඩි ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලබා සිටි 17 හැවිරිදි තරුණිය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එම තරුණිය පොළොන්නරුව රෝහලේ දැඩිසත්කාර එක්කයේ ප්‍රථිකාර ලබමින් සිටිය දී අද (28) අලුයම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

පසුගිය 14 වනදා රාත්‍රියේ මෙම තරුණිය අවුරුදු සාදයක් සඳහා අසල්වැසි නිවසකට ගොස් සිටිය දී ඇයගේ අනියම් පෙම්වතා බව කියන පුද්ගලයා විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබුණා.

වෙඩි තැබීම සිදුකළ සැකකරු පළාගොස් සිටිය දී මින්නේරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන හිඟුරක්ගොඩ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 02 වනදා දක්වා මේ රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මූතූර් වෙල්ලනාවල් පාලම කැඩීයාමේ අවදානමක

මූතූර් සාෆි නගර ප්‍රදේශයේ ඇති වෙල්ලනාවල් පාලම කැඩීයාමේ අවදානමකට ලක්වී තිබෙනවා. ප්‍රදේශවාසීන් පවසන්නේ මිට වසර දෙකක පමණ සිටඑම පාලම අබලන් තත්වයට පැමිණෙමින් පවතින බවයි. අවිධිමත් වැලි...

රුසියා – යුක්‍රේන යුද්ධය මැද තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් මිය ගිහින්

රුසියානු - යුක්‍රේන යුද්ධයේ කුලී හමුදාවන්ට එක්වී සිටි ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු මියගොස් ඇති බවට තොරතුරු වාර්තා වී තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම්...

කෘත්‍රීම බුද්ධිය හා බෞද්ධ දර්ශනය අතර සම්බන්ධය හොයන්න බිලියනයක් වෙන්කරනවා-රනිල්

කෘත්‍රීම බුද්ධිය සහ බෞද්ධ දර්ශනය අතර පවතින සම්බන්ධතාවය පිළිබඳ පර්යේෂණ කිරීමට රුපියල් බිලියනයක මුදලක් වෙන්කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ශ්‍රී ලංකා බෞද්ධ සමිතියට...

POPULAR ARTICLES

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (09) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 293.82ක් ලෙස...

ගාල්ලේ කාන්තාවකගේ මිලියන ගණනක වත්කම් තහනම් කෙරේ

ගාල්ල ප්‍රදේශයේ කාන්තාවක සතු මිලියන ගණනාවක් වටිනා දේපොළ තහනම් කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට නොහැකිවීම හේතුවෙන් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (10) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ගෝවා රු 80, ලික්ස්...